උද්ධමනය සියයට 15.2 ට නැගීමෙන් මහ බැංකුව මවිතයට පත්වෙයි !

ශ්‍රී ලංකාවේ උද්ධමනය පසුගිය මාසය වන විට සියයට 15.2 දක්වා ඉහළ ගොස් තිබීම ගැන මහ බැංකු නිලධාරීන් විමතිය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

මහ බැංකුව ප්‍රකාශ කොට තිබුණේ උද්ධමනය සියයට 6 කට අඩු මට්ටමක තබා ගන්නා බව යි.

විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීම මගින් උද්ධමනය වැඩි වන බව බොහෝ ආර්ථික විද්‍යාඥයින් ප්‍රකාශ කොට තිබුන ද මහ බැංකුව එය පිලිගත්ත්ගේ නැත. ඔවුන් කරන මුදල් අච්චු ගැසීමෙන් උද්ධමනය වැඩි නොවන බව මහ බැංකුවේ මතය වී තිබිණී.

කෙසේ වෙතත් මහ බැංකුවේ ම වාර්තා අනුව පසුගිය මාස කිහිපයේ උද්ධමනය පිම්මකින් ඉහළ ගොස් තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය භාරගත් 2021 සැප්තැම්බරයේ සියයට 5.7 ක  මට්ටමේ පැවති උද්ධමනය මාස හයක් තුළ සියයට 10 කින් පමණ වැඩි වී සියයට 15.2 ක් වී තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *