ඖෂධ නිකුත්කිරීමට සලාක ක්‍රමයක් !

විදේශ විනිමය හිගයත්  සමග රටේ ඇති වී තිබෙන ඖෂධ හිගය හේතුවෙන් ෆාමසි වලින් ඖෂධ නිකුත් කිරීමේ සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි.

ඇතැම් ෆාමසි වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පවා නොමැති අතර එම ඖෂධ තිබෙන ෆාමසි මගින් ඖෂධ ලබාදීම සඳහා සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් එක අයෙකුට නිකුත් කරන ඖෂධ ප්‍රමාණය සීමා කොට ඇත.

ඒ අනුව පැරසිටමෝල් ඖෂධය නිකුත් කරන්නේ එක් අයෙකුට එක් කාඩ් එකක් බව පරිභාගිකයෝ කියති.

ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ඩොලර් අර්බුදය නිසා ඖෂධ ආනයනය සීමා වී ඇති බව යි. ජීවිත බෙරා ගැනීමට අත්‍යවශ්‍ය ඖෂධ පවා මේ වනවිට හිග වී ඇති බව ඔවුහු කියති.

පැරසිටමෝල් සඳහා ආණ්ඩුව පසුගිය දා පාලන මිලක් ද නියම කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *