ඩොලර් ලැබීම ගැන මහ බැංකුවේ කතාව මුදල් ඇමතිට විශ්වාස නෑ !

ශ්‍රී ලංකාවට ලැබෙන බවට ප්‍රකාශිත ඩොලර් ණය ලැබීම ගැන කිසිදු සහතිකයක් නැති බව මුදල් ඇමති , අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙරේදා දැනුම් දුන් බව වාර්තා වෙයි. අගමැතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ බලාපොරොත්තු වන ඩොලර නොලැබීමට විශාල ඉඩක් ඇති බව සහ රටේ විදේශ සංචිත තව දුරටත් පහළ යා හැකි බව යි. මෙරටට විදේශ මුදල් ලබා…

වත්මන් රජය රටේ ධනය 1,128,000,000,000 කින් ඉහළ දාලා ! ඊයේ වාර්තාවකුත් තියලා !!

වත්මන් රජය පසුගිය මාස දහ අටක කාලය තුළ රටේ මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් හෙවත් හරියටම කිව්වොත් රුපියල් 1,128,000,000,000 කින් ඉහළ දැමීමට සමත් වී තිබේ. එම හපන්කම ආංඩුව සිදුකොට ඇත්තේ දිගින් දිගට මුදල් අච්චු ගැසීම මගිනි. ඊයේ දිනයේ පමණක් ආණ්ඩුව මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 208 කි. එනම් රුපියල් 208,000,000,000 කි. එය එක දිනක…

 බැසිල් නැතිව පැහෙන්න ගිහින් සාගර කාරියවසම්  අමාරුවේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නොවන නායකයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා දිවයිනේ  නොමැති කාලයේ ආණ්ඩුව තුළ තම විරුද්ධවාදීන් වන විමල් වීරවංශ පිලේ  ප්‍රබලයෙක්  වන  උදය  ගම්මන්පිල මහතාට එරෙහිව නැගී සිටින්නට උත්සාහ කළ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට  රජයේ ඉහළ බලවතුන්ගේ  විරෝධය හේතුවෙන් නිහඬ වන්නට සිදු ඇති බව වාර්තා වේ ඉන්ධන මිල…

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාබනික ගොවිතැන ගැන දොස්තර පාදෙනියගෙන් අහගන්න !!!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාබනික ගොවිතැන ගැන නොදන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කොට ඇත. ඔහු කියන්නේ කාබනික ගොවිතැන නොදන්නා එම නිලධාරීන් දන්නා කෙනෙකුගෙන් අහන්නේ වත් නැති බවයි. ඒ අනුව දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටින කාබනික ගොවිතැන නොදන්නා “ඊනියා කෘෂි විද්‍යාඥයින් ” කල යුතු වන්නේ ඒ ගැන දන්නා ළමා රෝග විශේෂඥ වෛද්‍ය…

වෛද්‍ය පාදෙණියට තියෙන දැනුම වසංගත අංශයේ ලොක්කන්ට නැතිලු ; වසංගතය වැඩිවන්නේ එකයි ; වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට වාර්තාවක් !

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසන්ගත රෝග අංශයේ ප්‍රධානීන්ට කිසිදු ප්‍රයෝගික දැනුමක් නැති බවත්, වසංගත තත්ත්වය වැඩිවන්නේ ඒ නිසා බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියා ඇත්තේ වසංගත රෝග අංශයේ ප්‍රධානීන් තිදෙනෙකුගේ හිතුවක්කාර ක්‍රියා නිසා කොවිඩ් වසංගතය භයානක ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි. මෙම තත්ත්වය ගැන රජයේ වෛද්‍ය…

ගිනිගත් නැවෙන් පරිසරයට හානි වුණත් වන්දිය ලොකු යි – වාසු

කොළඹ වරාය  ආසන්න මුහුදේ දී  ගිනි ගැනීමට ලක්වූ නැවෙන් ශ්‍රී ලංකාව අවට පරිසරයට විශාල හානියක් සිදු වුව ද , එම නැවෙන් ලැබෙන විශාල වන්දි මුදල මේ අවස්ථාවේ හැටියට ආණ්ඩුවට විශාල සහනයක් වනු  ඇති බව ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. මීට පෙර ශ්‍රී ලංකා මුහුදේ දී ගිනිගත් නැවෙන් ද එබඳු විශාල වන්දියක් ලැබුණු…

ජනාධිපති මාධ්‍ය අංශය අනුග්‍රහයෙන් මෙන්න ප්‍රවෘත්ති ! තාත්තා ගෙදරට එයි !

අපේ ගෙදරට අල්ලපු ගෙදර සමන්තගේ පොඩි පුතා මහ ඇට්ටරයෙකි. තවමත් දහ වන පන්තියේ ඉගෙන ගන්නා, දොඩම් ගෙඩි තුනක් උස නැති මේ කොලු පැන්චා වෙලාවකට හැසිරෙන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් වගේ ය. හැබැයි හරි හුරුබුහුටි ය. ඊයේ හවස කොලුවා මා සොයාගෙන අපේ ගෙදරට ආවේය. “අංකල්, අද ඔන්ලයින් ක්ලාස් එකේදි අපේ මීඩියා ටීචර් කිව්ව අපිට මොකක් හරි වැදගත් සිදුවීමක්…

|

ආර්ථික විද්‍යා ආචාර්ය බන්දුලගේ ගණිත ශාස්ත්‍රය මෝඩයින්ට තේරෙන්නේ නෑ!!! – මැට්ඩොට්ටා

ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් හොබවන වෙළෙඳ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ගණිත ශාස්ත්‍රය අඥාන මෝඩ සාමාන්‍ය ජනතාවට නොතේරෙන ගැඹුරු දර්ශනයක් බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇත. රුපියල් දෙදහස් පන්සියයකින් පවුලකට මාසයක් ජීවත්විය හැකි බව ආචාර්ය තුමා කලකට පෙර කීවේ ය. බොහෝ දෙනාට එය තේරුනේ නැත. එබැවින් නොතේරුම් කම නිසා ජනයා මාසයක් ජීවත් වෙන්න…

දාරළුවේ පඬු කරඳ හිමි වැඳගෙන නුවර යන්න වරම් !

භික්ෂුන් වහන්සේ  පිරිසක් විසින් ළඟදී පැවදි බවට පත්කරනු ලැබූ දාරළුවේ පඬු කරඳ හිමි ( කලින් දාරළුවේ පඬු කරඳ ගස ) වන්දනාමාන කරගෙන නුවර යාමට අධිවේගී මාර්ගය භාවිත කරන බැතිමතුන්ට ඉදිරියේ දී ඉඩ සැලසෙන බව වාර්තා වෙයි . එයට හේතුව උන් වහන්සේ මැදි කොට දෙපසින් අධිවේගී මාර්ගය ඉදි කිරීමට රජය තීරණය කිරීම යි. ඒ අනුව දාරළුවේ…

වරාය සේවකයන් විහිළු සපයනවාලු !

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනයට ඉන්දියාව සමග ඇතිකර ගැනීමට යන ගිවිසුමට එරෙහිව විරෝධතාවයේ යෙදෙන ඇතැම් වෘත්තීය සමිති නායකයින් කියන කතා ඉන්දියානුවන්ට විහිළු සැපයීමක් බව ක්ෂේත්‍රයේ  තතුදත් දේශපාලන නිරීක්ෂකයෝ කියති. ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාරදීමට ගොස් එය භාර නොගැනීම නිසා කෝපයට පත්ව ” රට පුරා ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරනවා” කියා තර්ජනය කිරීම ගැන සඳහන් කරමින්,…

මහා බැංකුවේ විවරණයට විකට පොත් අතර ඉහළ ම තැනක් !!!

මහා බැංකුවේ විවරණයට විකට පොත් අතර ඉහළ ම තැනක් !!!

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවරණයකට විකට පොත් අතර ඉහළ ම ස්ථානයක් ලබා දී ඇති ආකාරය පුරවැසි මාධ්‍යවේදියකුගේ ජංගම දුරකථන කැමරාවේ මෙසේ සටහන් වී ඇත. ඡායාරූපයේ දැක්වෙන්නේ දිවයිනේ ප්‍රකට පොත් ප්‍රකාශක සමාගමක් කොළඹ කොටුවේ පිහිටි විදේශිකයන් බහුලව යන එන පොත් සාප්පුවක තම ආයතනයේ විකිණීමට ඇති විකට පොත් ( COMIC BOOKS ) ප්‍රදර්ශනය කොට ඇති ආකාරය යි….

හිරේ යන්නත් රන්ජන්ට බලා ඉන්න සිද්ධ වෙලා !

හිරේ යන්නත් රන්ජන්ට බලා ඉන්න සිද්ධ වෙලා !

උසාවියට අපහාස කිරීම  ගැන තමන්ට එරෙහිව ඇති නඩුවේ තීන්දුව දෙසැම්බර් 8 වැනිදා ලැබෙන බවත් , එයින් තමාට සිර දඬුවම් නියම වීමට ඉඩ ඇති බවත්, මෙය තමාගේ අවසන් පාර්ලිමේන්තු කතාව බවත් කියමින් මේ මස මුල දී පාර්ලිමේන්තුවෙන් සමුගැනීමක්  ද කරමින් හිරේ යන්නට සුදානම් ව සිටි  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට උසාවි තීන්දුව එන…