දාරළුවේ පඬු කරඳ හිමි වැඳගෙන නුවර යන්න වරම් !

භික්ෂුන් වහන්සේ  පිරිසක් විසින් ළඟදී පැවදි බවට පත්කරනු ලැබූ දාරළුවේ පඬු කරඳ හිමි ( කලින් දාරළුවේ පඬු කරඳ ගස ) වන්දනාමාන කරගෙන නුවර යාමට අධිවේගී මාර්ගය භාවිත කරන බැතිමතුන්ට ඉදිරියේ දී ඉඩ සැලසෙන බව වාර්තා වෙයි .

එයට හේතුව උන් වහන්සේ මැදි කොට දෙපසින් අධිවේගී මාර්ගය ඉදි කිරීමට රජය තීරණය කිරීම යි.

ඒ අනුව දාරළුවේ පඬු කරඳ හිමිට හානි නොවන පරිදි අධිවේගී මාර්ගය ඉදිවනු ඇත.

අනාගතයේ මෙම අධිවේගී මග ඔස්සේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ට දාරළුවේ පඬු කරඳ හිමි වැඳ පුදාගෙන වන්දනා ගමන ආරම්භ කිරීමට ද  හැකි වනු ඇත.

මෙම මහා පින්කමට ඉඩ සැලසු භික්ෂුන් වහන්සේට ද පින් අනුමෝදන් කළ යුතුව ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *