අද කොවිඩ් මරණ 13 යි ;වාර්තාගත වැඩි ම මරණ අදයි
කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ 13 ක් අද දිනයේ දී වාර්තා වී ඇත.
මෙය එක් දිනක දී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව යි.
මේ සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ නුවරඑලිය, ආගරපතන,පෑලියගොඩ, බෝම්බුවල, කළුතර , නාගොඩ, මග්ගොන , උතුරු කළුතරින් දෙකක් , ගම්පොල පානදුර, වෑ උඩ සහ නුගේගොඩ ප්‍රදේශවලිනි .
