හිරේ යන්නත් රන්ජන්ට බලා ඉන්න සිද්ධ වෙලා !

උසාවියට අපහාස කිරීම  ගැන තමන්ට එරෙහිව ඇති නඩුවේ තීන්දුව දෙසැම්බර් 8 වැනිදා ලැබෙන බවත් , එයින් තමාට සිර දඬුවම් නියම වීමට ඉඩ ඇති බවත්, මෙය තමාගේ අවසන් පාර්ලිමේන්තු කතාව බවත් කියමින් මේ මස මුල දී පාර්ලිමේන්තුවෙන් සමුගැනීමක්  ද කරමින් හිරේ යන්නට සුදානම් ව සිටි  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට උසාවි තීන්දුව එන තෙක් තවත් මාසයකට වැඩි කලක් බලා සිටින්නට සිදු වී ඇති බව වාර්තා වෙයි.

එයට හේතු වී ඇත්තේ , උසාවියෙන් වරක් කල්තැබූ නඩු තීන්දුව කොවිඩ් සහ උසාවි සංකීර්ණයේ හටගත් ගින්නත් ,උසාවියේ නිවාඩු කාලයත් නිසා තව දුරටත් කල් ගොස් තිබීම යි.

මේ වනවිට එම නඩු තීන්දුව දීම ජනවාරි 12 දක්වා කල් තබා ඇති බව වාර්තා වෙයි.

නඩු තීන්දුව අධිකටනයෙන් ලබා දී නැතත් , නඩුවේ වීත්තිකරු වන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කීවේ තමන්ට සිරගත වීමට සිදුවනු ඇති බව යි.

දැන් සිදුව තිබෙන්නේ එලෙස සිරගත වීමට බල සිටින රාමනායක මහතාට ඒ සඳහා ද බල සිටින්නට සිදුව තිබීම යි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *