|

ජිනීවාවල දී අපි දෙන්නාට සිදු වූ දේ මතක නැද්ද ? – අගමැති දිනේෂ් මහචාර් ය ජී එල් ගෙන් විමසයි

 

“ඔබත් විදේශ ඇමති ලෙස හිටියා ; මමත් විදේශ ඇමති ලෙස හිටියා ; අපි දෙන්නගෙම කාලවල ජිනීවා නුවර මානව හිමිකම් කවුසිලයේ සිදු වූ දේ දෙන්නටම මතකයි නේද? ” යි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු විදේශ ඇමති මහචාර් ය ජී එල් පීරිස් මහතාගෙන් විමසා සිටියේ ය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාවට හිතවත් රටවල ඡන්දය ලැබී නැතැයි ජී එල් පීරිස් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිතුමා මේ බව කී ය.

තස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට යෝජනා සකස් කළේ දෙදෙනා ම සිටි කමිටුවකින් බව මතක් කළ දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ එයට කැබිනට අනුමැතිය දී නීති සම්පාදනයට යවා ඇති බව ද දෙදෙනා ම දන්නා බව යි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 7 ක් ලැබුණු අතර විපක්ෂව ( යෝජනාවට පක්ෂව ) ඡන්ද 20 ක් ලැබී තිබිණි. රටවල් 20 ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබිණි.

වැඩි ඡන්ද 13 කින් යෝජනාව සම්මත වී ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *