|

අනුර කුමාර පෙන්වූ දුෂණ ෆයිල් 400 ඔරිජිනල් තියෙන්නේ මා ළඟයි ; 360 කින් ම වැඩක් නැහැ – ජනාධිපති

අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයට දුෂණ ෆයිල් ලෙස පෙන්වුයේ කොපි බවත්,ඒවායේ මුල් පිටපත් තිබෙන්නේ තමා ළඟ බවත්, එයින් 360 ක් ම වැඩකට නැති බවත් , නඩු පවරා ඇත්තේ 40 කට බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම දුෂණ පරීක්ෂණ භාරව සිටි ආනන්ද විජේපාල මහතා සහ නීතිඥ කණ්ඩායම් ෆයිල් 400 පරීක්ෂා කොට 40 කට නඩු දැමු බව කී ජනාධිපතිතුමා ඉතරි ෆයිල් 360 නිකම් තිබෙන බවත් කී ය.

ජනාධිපති නීතිඥයින් ඇතුළු ජේෂ්ට නීතිඥයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක දී ජනාධිපතිතුමා මෙම තොරතුරු හෙළි කළේය.

ඉහත ෆයිල් වල සඳහන් දුෂණ විමර්ශන පසුගිය යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ අතර එය භාරව සිටියේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අයෙකු බව කියන ආනන්ද විජේපාල මහතා ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *