මරණ දඩුවම කැකිල්ලේ තීන්දුවක් වෙයි ! – මරන්න හිතපු කවුරුවත් ලයිස්තුවේ නෑ !
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම කැකිල්ලේ තීන්දුවක් බවට පත්වනු ඇති බව දැනගන්නට ඇත . එසේ වී තිබෙන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා තීරණ ගන්නාවිට පැවසු වර්ගයේ මත් ජාවරම් කරුවන් ජනාධිපති වරයා වෙත ලැබුණු ලයිස්තුවේ නොමැති වීම නිසාය .
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිවේ මරණ දඩුවමට නියමවී සිරගෙදර සිට මත් ජාවාරම් කරන්නන් සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි . එසේ වුවද එලෙස නම් සදහන් වූ වෙලේසුදා , පොට්ට නවුපර් , සුසෙයි , කුඩු සිද්දික් ,කුඩු සියාම් , දෙමටගොඩ චමින්ද යන කිසිවෙකුගේ නම් මෙම ලැයිස්තුවට ඇතුලත් නැත . ඒ ඔවුන් සියලු දෙන තම දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කොට ඇති නිසාය . අභියාචන තීන්දු ලැබෙන තෙක් ඔවුන්ගේ දඩුවම් ක්‍රියාත්මක කළ නොහැකිය .
මේ නිසා ජනාධිපතිතුමාට සිදුවන්නේ ලයිස්තුවේ සිටින වෙන කිසිවකු එල්ලා මරා දමන්නටය . එහි මුලින්ම සිටින්නේ 2011 දී මරණ දඩුවමට නියම වී මේ වනවිට අගුනකොල පැලැස්ස බන්දනාගාරයේ රදවා සිටින ශ්‍යාමලී පෙරේරා නමැති කාන්තාවකි . වසර 16 , 17 කට පෙර මරණ දඩුවමට නියම වී මෙතෙක් සිරගතව සිටින දෙදෙනකුද , විදේශිකයන් සිව් දෙනකුද ලයිස්තුවේ සිතන බව වාර්තාවෙයි .
කෙසේ වෙතත් දැන් සිදුව තිබෙන්නේ වෙලේසුදා වෙනුවට ශ්‍යාමලී පෙරේරා එල්ලා මරා දමන්නටය .
