බැංකු නිලධාරියාගේ මරණය – අජිත් පැරකුම් ජයසිංහ
(කෙටි කතාවකි) “අද.” ලොකු අයියා කීවේය. ඔහු සිටියේ ජනේලයට එහා පැත්තෙන් සිටගෙන යකඩ ග්රිල් එකෙහි මොනරාගේ බෙල්ල හරියෙන් හා පිල් හරියෙන් අල්ලා ගෙන එල්ලී ගෙනය. ඔහුගේ මුහුණ අඳුරින් වැසී තිබිණි. පසුබිමෙහි අහස එළිය වැටෙමින් ඇත. ඒ පැත්තෙන් උදෑසන සිසිල් සුළඟක් හැමීය. මම හැරී රන්දි දෙස බැලුවෙමි. ඇය අවදි වෙමින් සිටියාය. මම කිසිවක් නො කීවෙමි….
