|

සීයට හොඳ වැඩේ – මොණරවිල

මොණරවිල මුහුදු හුළං ටිකක් වදින්නත් එක්ක ගෝල්ෆේස් beach එකේ පොඩි walk එකකට ගියා. බුද්ධි නිලමේ කොහොමත් ඉතින් පස්සෙන් එනවා.
■ බුද්ධී කොහොම හුළං පාර.
● ආය මොනවද මහ නිලමේ මල් හතයි.ඒක නෙවෙයි මහ නිලමේ,මහ නිලමේ දැක්කද දැන් මෙතනින් අපිව පහුකරගෙන ගිය හාදයා.
■ නෑ බුද්ධී එච්චර නිච්චියක් නෑ.කවුද බුද්ධි…..
● ඇයි මහ නිලමේ අර ටී ෂර්ටි එකකුයි,ෂෝටකුයි ගහලා ඩෙක් ෂුෂ් දාලා ගිය කොට ඩයල් එක.
■ සුද්දෙක්ද බුද්ධි.
● මොන සුද්දෙක්ද මහ නිලමේ ඔහොම්මම පිටිපස්ස හැරිලා බලන්නකෝ.
■ අප්පට සිරි………බුද්ධී මේ අපේ සහෝදරයා නේද?● ඔව්නේ මහ නිලමේ සහෝදරයා තමයි.
■ බලන්න බුද්ධි වෙන කෙනෙක් නං ඔහොම ඇවිදීද?අවිද්දත් සිකුරිටි කොල්ලොයි,පොලිස් බල්ලෝයි දාගෙනනේ ඇවිදින්නේ.ඒ අතින් බලන්න බුද්ධී මේ හාදයාගේ තියන හැදියාව.
● මහ නිලමේ…..මහ නිලමේ…ඔන්න තවත් හොදයෙක් එනවා.
■ කවුද බුද්ධී මේ වයසක ඩයල් එක.
● සීයා……මහ නිලමේ….සීයා.
■ අප්පට සිරි…..බුද්ධී….කජු සීයා.මේ හාදයා මොකට ඇවිදිනවද මන්දා මේ හති දාගෙන. එක්සයිස් පාරක් දාන් ඕනි නං ගෙදරට වෙලා දාගන්න එපායෑ.මේ යකාට මොකක් හරි උනොත් ඒවටත් යන්නේ ජනතා මුදල්නේ බුද්ධී.
● නෑ…..නෑ…..මහ නිලමේ මිනිහා එක්සසයිස් එකකට නෙවෙයි ඇවිත් තියෙන්නේ.
■ එහෙනං මොන බබ්බුවකටද?
● බලන්නකො මහ නිලමේ මිනිහා යන්නේ කොහේටද කියලා.
■ අප්පට සිරි……. බුද්ධී සහෝදරයා ඉන්න පැත්තට නේද සීයා කඩාගෙන යන්නේ.
ඔව්…..ඔව්….මහ නිලමේ.අන්න මහ නිලමේ සීයා මොනවද සහෝදරයට කියනවා.
■ බුද්ධි නිකං මොනවා හරි ඉල්ලන සීන් එකක් වගේ නේද යන්නේ.
● ඔව් මහ නිලමේ බැගෑපත් වෙවී මොනවද ඉල්ලනවා.
■ ෂුවර් බුද්ධි මේ හාදයා private හම්බවෙලා වරප්‍රසාද ඉල්ලනවා.
● මාත් හිතන්නෙ එහෙමයි මහ නිලමේ.
■ කොහොමද බුද්ධී ඒකට සියා රටට දාන ටෝක්ස්. මට මොකවත් එපා.දෙන දෙයක් චබකුටයි,මයින් සීයටයි,සිරි සීයටයි දෙන්න කියලා.ඒකට මෙහේ ඇවිත් හිඟා කනවා.
● ඇත්තටම මහ නිලමේ මොනවද ඔය ඉල්ලනවා ඇත්තේ.
■ වෙන මොනවද බුද්ධී කුඩ තිහයි,කෝකියෝ විස්සයි,අර මිනිහගේ ලිස්ට් එකක් තිබුණේ ඒ ටික ඉල්ලනවා ඇති.කජු,චීස් එහෙම තිබුණේ මතක නැද්ද බුද්ධී.
● ඔව් මහ නිලමේ ඊට අමතරව කැකුළු හාල් ටිකක්,නාඩු ටිකක්,පොල් ටිකක්,ලුණු ටිකක්,සැමන් වගේ අධිසුඛෝපබෝගී භාණ්ඩත් ඔය ලිස්ට් එකට දාලා ඇති.
■ බුද්ධි හැබැයි සහෝදරයා කිසිම දෙයක් දෙන්න කැමති නෑ වගේ.අපි මොනවා කිව්වත් මේ යකා කෙලින් මිනිහෙක් බුද්ධී.
● මහ නිලමේ අන්න සීයා සහෝදරයාගේ අතින් අල්ල ගත්තා.
■ අප්පට සිරි……බුද්ධී සීයගේ අත ගසා දාලා සහෝදරයාට යන්න ගියා නේද?
● මහ නිලමේ සීයා අහසට අත් දෙක දික් කර කර දෙයියන්ටද කොහේද කියනවා.
■ බුද්ධි සීයට පොඩි කෝචොක් පාරක් දාන්නත් එක්ක කිට්ටු කරලා බලමුද?
● එල…..එල…මහ නිලමේ.
■ ආ…..සීයා කොහොමද.
¤ අප්පේ මේ අපේ මහ නිලමෙනේ.
■ වැඩේ අවුල් වුනා නේද සීයා.සහෝදරයා දුන්නෙම නෑ නේද කිසිම දෙයක්.
¤ ඔව් මහ නිලමේ මම පින්සෙන්ඩු වෙවී ඉල්ලුවා. ඒත් දුන්නේ නෑනේ.
■ අපි දැක්කා…..අපි දැක්කා සීයේ.
¤ අනේ මහ නිලමේ,නිලමේවත් මැදිහත් වෙලා මේ ප්‍රශ්නය නිරාකරණය කරලා දෙන්න පින් සිද්ධ වෙනවා.
■ මෙහෙමයි සීයා,ජනතාව පීඩාවට පත්වෙන කිසි දෙයක් ගැන කතා කරන්න අපට බෑ…..නේද බුද්ධී.
● ඔව් මහ නිලමේ.
¤ මේක දුන්නා කියලා කොහොමද මහ නිලමේ ජනතාව පීඩාවට පත් වෙන්නේ.
මොනරවිලට යකා තද වුනා.
■ මේ සීයා මගෙන් මොකුත් අහන්නේ නැතිව යනවද මෙතනින්.
¤ ඇයි නිලමේ එහෙම කියන්නේ.මම වැරදි දෙයක් ඉල්ලුවේ නැනේ.
සීයටත් තද වෙලා.
■ හරී සියා මොකද්ද ඉල්ලන්නේ.
¤ මහ නිලමේ සහෝදරයාට කියන්න මගේ වැඩපිලිවෙල මට දීලා එයාගේ වැඩපිලිවෙල එයාට ගන්න කියලා.රාජ්‍ය බලය තිබ්බා කියලා එහෙම අනුන්ගේ දේවල් කඩා ගන්න එක හොඳ නෑ නේද නිලමේ?අඩුම ගානේ ඒක ක්‍රියාත්මක කරන්නෙත් මට බැන බැන.මහ නිලමේ ඕකේ පේටන්ට් එක මගේ.
■ අප්පට සිරි……සීයා ඒකද ඉල්ලුවේ.
¤ ඔව් මහ නිලමේ.
මොනරවිල හෙමීට බිම වාඩිවුනා.බුද්ධියටත් full අංඤකොරොස්.
මම

මොණරවිල.

May be an image of text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *