එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපයුම් සාධක වල බලපෑම නිසා ජූලි මාසය තුළ සමස්ත මිල මට්ටමේම පහත වැටීමක් සිදු…
