එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා
| |

එළවළු, මාළු හා පොල් මිල හා අවධමනය – ඉකොනොමැට්ටා

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී තිබෙන්නේද 0.3%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මේ එම දර්ශකය අනුව එක දිගට අවධමනයක් වාර්තා වන එකොළොස්වන මාසයයි. විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පසුව අපගේ අදහස වූයේ අවධමනය පසුගිය මාසයෙන් අවසන් වනු ඇති බව වුවත්, සැපයුම් සාධක වල බලපෑම නිසා ජූලි මාසය තුළ සමස්ත මිල මට්ටමේම පහත වැටීමක් සිදු…

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි
|

ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩුකරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 30%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර, එය අද (1) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස…

IMF අයවැයට කොන්දේසි දමයි !
|

IMF අයවැයට කොන්දේසි දමයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ ප්‍රකාශ කළේය. ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි. 2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ…

විදුලි බල පනත රිවස් වෙයි

විදුලි බල පනත රිවස් වෙයි

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබු විදුලි බල පනත ඉදිරිපත් කිරීම දින නියමයකින් තොරව කල් දමා තිබේ. එයට නීතිපතිගෙන් ලබා ගත යුතු උපදෙස් ලබා නොගැනීම නිසා පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාව එයට අනුමැතිය ලබා දී නැත. පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට තිබිණි. ඒ අනුව කළ යුතු වෙනස්කම් කිරීමෙන් පසු ඒ සඳහා…

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා
| |

පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

මේ සටහන මෙම (2025) වසරේ පළමු මාස පහ අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීමක්. බදු ආදායම වසරේ පළමු මාස පහ තුළ රුපියල් බිලියන 1,802.5ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 20.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හත තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත් වසර අවසන් වන විට රුපියල් බිලියන 4,477.7ක පමණ…

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික පොලිස් කොමිෂම තීරණය කර තිබේ. අද දෙරණ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාව මේ බව තහවුරු කළේය. ADA DERANA

මහේෂිගෙන් ඔබ්බට දකිමු – රටේ රාළ.
|

මහේෂිගෙන් ඔබ්බට දකිමු – රටේ රාළ.

මේ වෙනකොට අපේ රෝහල් පද්ධතිය ඇතුලේ බරපතල නොසන්සුන්තාවයක් නිර්මාණය වෙලා තියනවා.ඒ නොසන්සුන්තාවය රෝගීන්ගේ පැත්තෙන් වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පැත්තෙනෙත් වාර්තා වෙනවා.රෝගීන්ගේ පැත්තෙන් දිගටම දුක්ගැනවිල්ලක් තිබුණ.ඒක මේ ආණ්ඩුවේ කාලයට විතරක් සීමාවුන එකක් නෙවෙයි.හැබැයි රෝහල් පද්ධතිය ඇතුලේ තිබුණ ඖෂධ හිඟය උග්‍රම තැනට එන්නේ මාලිමා ආණ්ඩුව යටතේ. ඒ වගේම රෝහල් පද්ධතිය ඇතුලේ නිතර නිතර සිද්ධවුන වැඩවර්ජන ගැනත් රෝගීන්ගේ…

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි… – ඉකොනොමැට්ටා
| |

බදු ගහන්නේ නැතුව මහ සෑය හදපු හැටි… – ඉකොනොමැට්ටා

තවත් ඇසළ පෝයක් ගෙවී ගියා. ඇසළ පෝය බුද්ධ චරිතයට සම්බන්ධ වැදගත් සිදුවීම් ගණනාවක් සිදු වුනු, පොදුවේ බෞද්ධයින්ට ඉතා වැදගත් දවසක්. ඊට අමතරව කරුණු ගණනාවක් නිසා සිංහල බෞද්ධයින්ට වැදගත් දවසක්. ගැමුණු රජු විසින් රුවන්වැලි සෑය හෙවත් මහ සෑය හදන්න මුල් ගල් තැබුවේත්, එහි ධාතු නිධානය සිදු කළේත් ඇසළ පෝය දිනකයි. වියදම් පැත්තෙන් බැලුවොත් මහ සෑය හැදීම…

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා
| |

ආනයන අපනයන පරතරය සහ ශ්‍රමික ප්‍රේෂණ – ඉකොනොමැට්ටා

ජනප්‍රිය අදහසක් සටහන් කරලා මම මේ ලිපිය පටන් ගන්නම්. “ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා, ඒ පරතරය පියවා ගන්න ලංකාවට ණය ගන්න වෙනවා.” මේ අදහස තුළ ආනයන පාලනය කිරීම ප්‍රශ්නයට විසඳුමක්ය යන ව්‍යංගයද තිබෙනවා. කරුණක් ලෙස ගත්තොත් ලංකාවේ ආනයන හා අපනයන අතර විශාල පරතරයක් තියෙනවා. එය නිවැරදියි. නමුත් ඒ නිසා ලංකාවට…

ඇමරිකාවෙන් 30%ක බද්දක්! – ඉකොනොමැට්ටා
| |

ඇමරිකාවෙන් 30%ක බද්දක්! – ඉකොනොමැට්ටා

ඇමරිකාව විසින් ලංකාවේ අපනයන මත පනවන බද්ද 30% ලෙස තීරණය කර තිබෙනවා. මෙය මුලින් යෝජනා වූ 44%ක බද්දට වඩා අඩු වුවත්, ලංකාවට දැනෙන මට්ටමේ බලපෑමක් කරන බද්දක්. අලුත් බද්ද අගෝස්තු 1 දින සිට ක්‍රියාත්මකයි. මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු පරිදි 10%ක බද්දකින් ලංකාවට විශාල බලපෑමක් සිදු නොවන නමුත් බදු අනුපාතය ඊට වඩා වැඩි වුවහොත්…

“අපේ බයියන්ගේ” රටේ “දේශපාලන බයිවාදය” – සී ජේ අමරතුංග
|

“අපේ බයියන්ගේ” රටේ “දේශපාලන බයිවාදය” – සී ජේ අමරතුංග

  බයියන් ලෙස ඇතැම් පිරිස් හැඳින්වීමේ තත්ත්වයක් දේශපාලන කතිකාවට එක් ව ඇත. බයියන් සහ ටෝයියන් ලෙසත්, ඊට වෙනස් ආකාරයෙනුත් විවිධ දේශපාලන පක්ෂ,ව්‍යාපාර සහ කණ්ඩායම් පිළිබඳව සඳහන් කරනු දක්නට ඇත. ඇතැම් විට පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන් ම උප කුලක ලෙස ද ඇතැම් හැඳින්වීම් දක්නට ලැබෙයි. බයියන්ට අමතරව ජෙබයියන්, සජබයියන් සහ ටොබයියන් ලෙස ද හඳුන්වන අවස්ථා ඇත. එම…

එදා රනිල්ට එරෙහි වීමෙන් අද විඳවන හඳුන්නෙත්ති – සී ජේ අමරතුංග
|

එදා රනිල්ට එරෙහි වීමෙන් අද විඳවන හඳුන්නෙත්ති – සී ජේ අමරතුංග

  චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා සහභාගී වීමත් එහි දී විමසු ප්‍රශ්නවලට ඔහු නොගැළපෙන පිළිතුරු ලබා දීම සහ එහි දී ඔහුගේ ඉංග්‍රීසි දැනුමේ අඩුව ප්‍රදර්ශනය වීමත් සම්බන්ධයෙන් විශාල මාධ්‍ය කතිකාවත් ඇති වී තිබේ. සමහරු ප්‍රශ්න කරන්නේ තමන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නැති බව දැන දැන ම මෙබඳු ජාත්‍යන්තර සමුළුවකට සුනිල්…