විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජවිපෙන් නව ජවයක් – 20 පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාර දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය කථානායකවරයා ඉදිරිපිට පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දිමට කටයුතු කර ඇත.

එහි අඩංගු කරුණු කෙටියෙන්

  1. ජනාධිපතිවරයා තෝරාගැනිම පාර්ලිමේන්තුවෙන් සිදුවේ.
  2. ජනාධිපතිවරයාගේ ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලයට සමාන වන අතර එය වසර පහකි.
  3. නව පාර්ලිමේන්තුව පත්වීමෙන් සති හතරක් ඇතුළත රහසිගත ඡන්දයකින් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සාමාන්‍ය බහුතරයකින් ජනාධිපතිවරයා පත් කර ගත යුතුය.
  4. ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා, සේනාධිනායකයා සහ රාජ්‍ය නායකයා යන වගන්තියෙන් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස පැවති බලය ඉවත් වේ.
  5. ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලය තුළ කිසිඳු පක්ෂයක ධුරයක් හෝ සමාජිකයෙකු නොවිය යුතුය.
  6. වරදකරුවෙකුට සමාව ලබා දීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ මත එම නාමලේඛනය සඳහා නමින් නමට විමසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුයි.
  7. විදේශ දූත සේවා සඳහා පිරිස් පත් කිරීමේදී එම බලය කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ.
  8. මහ මැතිවරණයකදී යම් පක්ෂයක් අග්‍රාමාත්‍ය අපේක්ෂකයෙකු නම් කළ අවස්ථාවේදී එම නම් කරනු ලැබූ පක්ෂය 50%කට වැඩි බලයක් ලබාගන්නේනම් ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත් වේ.
  9. එසේ කිසිඳු පක්ෂයක් 50%කට වැඩි බලයක් ලබා ගැනීමට අපොහොසත් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත හැකිය.
  10. ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ සේවක පිරිස තිරීනය කිරීම කැබිනට් මණ්ඩලය විසින් සිදු කරුනු ලැබේ.

එම යෝජනාව පහත ලින්ක් එකෙන්

විසිවන-ආණ්ඩුුක්රම-ව්_යවස්ථාව-සංශෝධනය-සිංහල

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *