|

අනුර – ශානී ගැටුමක් අත ළඟ – රටේ රාළ.

මානව හිමිකම් කොමිසමේ නිළධාරීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළ් වෙලා සලේ හිටපු සිරකුටිය පරීක්ෂා කරලා තියනවා.ඒ සිරකුටියට වාතාශ්‍රය හරියට එන්නේ නෑ ලු.ඒ වගේම සලේට වධ හිංසා කළා කියන එක ඔප්පු උනොත් බරපතල ප්‍රශ්නයක් එනවා.ආණ්ඩුව බරපතල අමාරුවක වැටෙනවා. ආණ්ඩුවට මේ පරීක්ෂණවලට බාධා කරන්න බෑ.ඒ වගේම සලේට වධ දුන්න බව ඔප්පු උනොත් ආණ්ඩුවට ඒ නිලධාරීන්ට දඩුවම් කරන්න සිද්ධවෙනවා.මේක ලෝකයට නිරාවරණය උන ප්‍රශ්නයක් නිසා ලෝකයම අනුරගේ ආණ්ඩුව දිහා බලා ඉන්නවා.
ආණ්ඩුව ගෙදර ගියොත් අඹු නහී මඟ හිටියොත් තෝ නහී තත්වයට පත්වෙනවා.මාලිමාවේ ශාඛා සමීතිවල හිටිය පැන්ෂන් ගිය පොලිස් නිළධාරීන් ගෙනත් එයාලට තනතුරු දීලා දේශපාලන දඩයම් කරනවා කියන එක ඔප්පු වෙනවා.ඒක එහෙම නොවෙන්න නම් රජයේ රැඳවුම් බාරයේ ඉන්න සුරේෂ් සලේට වධ හිංසා කරපු අයට දඩුවම් දෙන්න ආණ්ඩුව ඉදිරිපත් වෙන්න ඕනි. එතකොට අනුරට දඩුවම් කරන්න වෙන්නේ ශානිට සහ අනෙකුත් CID නිලධාරීන්ට.ඔයාලා මොකද හිතන්නේ.අනුර වැඩේ කරයිද?
රටේ රාළ කලින්ම ඔයාලට කියලා ඇති අනුර කියන්නේ දේශපාලනයේදී කන්ඩ දුන්න අත දෙපාරක් නොහිතා හපා කන කෙනෙක් කියලා.මෙතන ප්‍රශ්නය තියෙන්නේ ඒක නෙවෙයි.ශානී කියලා කියන්නෙත් ඒ ජාතියේම විෂඝෝර සර්පයෙක්.අනුර දේශපාලනයේදී අත හපා කනවා වගේම ශානී වෘත්තියේදී අත හපා කනවා.අනුර තමන්ගේ ජනාධිපතිකම බේරගන්න ඕනිම පහත් වැඩක් කරනවා.මොනවද ඉතින් රට නොදන්න ගිවිසුම් 07ක් ඉන්දියාවත් එක්ක ගහලා තවමත් කයිවාරු ගහන මනුසාහයානේ.ඒක නිසා සලේගේ ප්‍රශ්න දවසක අනුර සහ ශානි අතර නයි – පොලොං වලියක් බවට පත්වීම තියන ඉඩ වැඩියි.
අනුර ජවිපෙට ගෙනාපු සහ ගොඩනගපු ප්‍රේම කුමාර ගුණරත්නම්.සෝමවංශ අමරසිංහ,නන්දන ගුණතිලක වගේ අයටත් අන්තිමට උරුම උනේ අත හපා කෑම.අනුරගේ දේශපාලන ගුරුවරයා,රනිල් වික්‍රමසිංහටත් උරුම උනේ අත හපා කෑම.අනුර වෙනුවෙන් වැඩ කරන්න මුදල් අමාත්‍යාංශයට ආපූ රංග නිශාන්තටත් උරුම උනෙත් ඒ හමා කෑමම තමයි.ඉතින් අනුරට ශානිගේ අත හපා කනවා කියන්නේ මොකක්ද?ඔයාලට මතක ඇති ශානී රන්ජන්ගෙයි හඩපට.ඒ එක හඩපටයක ශානි කියනවා සලේ කියන්නේ රත්තරං මිනිහෙක් කියලා.
ශානිට අවස්ථාව ආපු ගමන් රත්තරං නෙවෙයි දියමන්ති නෙවෙයි, ප්ලැටිනම් උනත් හපලා කුඩු කරනවා.ගිය ජනාධිපතිවරණයේ ශානී ඉස්සෙල්ලාම ගියේ සජිත් ළඟට.කොච්චර උනත් සජිත් ශානිව ගත්තේ නෑ.ඔය අතර තමයි ශානිට එයාගේ පරණ පාස්කු යාලුවෙක් උන අරුණ ජයසේකර හම්බ වෙන්නේ.එයා එක්ක ඇවිත් තමයි ශානි ගම්පස ත්‍රිවිධ හමුදා රණවිරු සාමූහිකයේ අදිටන වේදිකාවට ගොඩවෙන්නේ.ඒ වේදිකාවේ ඉඳන් තමයි අනුර ශානි යලි සේවයේ පිහිටවනවා කියලා කියනවා.
මෙතනදී සලේට වධ දුන්නා කියලා ඔප්පු උනොත් ශානි අබේසේකර සහ අදාළ CID ඉහළ නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුවට නීතිමය හෝ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න වෙනවා.සලේලාගේ පැත්තේන් අනිවාර්යෙන්ම අධිකරණයට යයි.එහෙම උනොත් ඒක ආණ්ඩුවේ අභ්‍යන්තර ස්ථාවරත්වයට මාරන්තික පහරක්.අනුර සහ ශානි අබේසේකර ඇතුළු කණ්ඩායම අතර දරුණු දේශපාලන හා පුද්ගලික ගැටුමක් නිර්මාණය වෙනවා.වර්තමාන ආණ්ඩුවේ පැවැත්මට සහ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විමර්ශන මෙහෙයවන ප්‍රධානතම චරිතයක් වෙන්නේ ශානි.
ශානිට එරෙහිව පියවර ගන්න උනොත් ඇතිවෙන්න පුළුවන් ගැටුමේ පැති කීපයක් තියනවා.අනුරට ඕනි විදිහට දේශපාලන විමර්ශන කරන ඉහළම නිලධාරියා නැත්තං අනුරගේ උපදේශකයා ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් එක්ක ගැටුමකට යෑම ආණ්ඩුවේ දේශපාලන පැවැත්මට තදින් බලපානවා.අනුරලා සහ ශානිලා අතර සමාජයට හෙළි නොකළ අතිශය සංවේදී සහ රහසිගත තොරතුරු රාශියක් තියනවා.ශානීව බිල්ලට දීලා ආණ්ඩුව සහ අනුර පිරිසිදු වෙන්න හදනවා කියලා ශානිට දැනුනොත් ශානිගේ ඇතුලේ ඉන්න විෂඝෝර සර්පයා අවධි වෙනවා.
එහෙම උනොත්,ශානී ළඟ තියන දේශපාලන රහස්,විශේෂිත විමර්ශන ලිපිගොනු සහ දේශපාලනඥයන් තමන්ට දුන් නීති විරෝධී නියෝග (Political Directives) සමාජ මාධ්‍ය හෝ විපක්ෂය හරහා ප්‍රසිද්ධ කිරීමට ශානී පෙළඹෙන පුළුවන්.රංජන්ගේ ගෙදර මාස හයක් වලං හෝදන්න එන්න ලෑස්තියි කියපු ශානිට ඕවා මොනවද?රටේ නිර්මාණය වෙමින් තියන ආර්ථික භූමිකම්පාවට පිටින් තවත් දේශපාලන භූමිකම්පාවක් නිර්මාණය වෙනවා.ඒක පෙරලා ආර්ථික භූමිකම්පාව තවත් තීව්‍ර කරන්න බලපානවා.මේ වගේ අභ්‍යන්තර රහස් පිටතට යෑම,ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළම නායකත්වයේ පැවැත්ම සෘජුවම අනතුරේ හෙළනවා.
ඒක මේක ආණ්ඩුව දේශපාලන වශයෙන් මුළුමනින්ම විනාශ කරන්න පුළුවන් අවියක් වෙනවා නොඅනුමානයි.අනුරගේ සහ ආණ්ඩුවේ උවමනාවන් වෙනුවෙන් ඉදිරියට ඇවිත් වැඩ කරපු නිලධාරියෙක් නීතිමය පීඩනය ඉස්සරහා ගොඩක් දේවල් අතහැර දාන්න යොමු වෙන්න පුළුවන්.ශානිගේ history එක එහෙම එකක්, අනුර සහ ශානි අතර තිබුන දේශපාලන විශ්වාසය (Political Trust) මුළුමනින්ම බිඳ වැටෙනවා.එතකොට ප්‍රශ්නය ජනාධිපති සහ ශානි අතර සෘජු ගැටුම බවට පත්වෙන්න තියන ඉඩ වැඩීයි.
“මම වැඩ කළේ ඔයාගේ ආණ්ඩුව රකින්න සහ ඔයාගේ දේශපාලන අවශ්‍යතා ඉටුකරන්න,හැබැයි ඔයාට ජාත්‍යන්තර පීඩනයක් ආපු ගමනා මාව බිල්ලට දුන්නා” කියන චෝදනාව ශානිගෙන් එනවා එනවාම තමයි.අනුර සහ ශානි කියන්නේ අවෛරයෙන් වෛරය සන්සිදවා ගන්න ලෑස්ති අය නෙවෙයි. දෙන්නම නොසන්සිදෙන වෛරයන්ගෙන් හෙබි දෙන්නෙක්.අනුර එහෙම කෙනෙක් නෙවෙයි නං අනුරට කවදාවත් බෑ ප්‍රේම කුමාර ගුණරත්නම් කියලා කෙනෙක් ජවිපේ හිටියේ නෑ කියලා කියන්න.
අන්තිමට වෙන්න පූළුවන් එකමදේ තමයි අනුර ශානි පෞද්ගලික වෛරයක් දරුණු මතභේදයක් දක්වා වර්ධනය වෙන එක.මේ ගැටුම දකින අනෙකුත් රාජ්‍ය සහ ආරක්ෂක නිලධාරීන්,ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් නීති විරෝධී වැඩ කිරීමට හෝ අවදානම් ගැනීමට සම්පූර්ණයෙන්ම බයවෙනවා.එයාලට තේරෙනවා දැනටත් රාජ්‍ය සේවයේ සිද්ධ වෙනවා වගේම ආරක්ෂක සේවයත් ඕනෑම වෙලාවක බිල්ලට දෙන්න අනුර සහ මාලිමා ආණ්ඩුව සූදානම් කියලා.
ශානී ආණ්ඩුව හිතවත් හින්දම CIDයේ සහ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ තවමත් සැලකිය යුතු පිරිසක් ශානී එක්ක ඉන්නවා.ශානිට එරෙහි පියවරකට ආණ්ඩුව යෑම විසින් මේ බැඳීම කුඩුපට්ටං වෙලා යනවා.CIDය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළේ “ශානි පාර්ශවය” සහ “ආණ්ඩුවේ පාර්ශවය” විදිහට නිලධාරීන් කණ්ඩායම් දෙකකට බෙදී එකිනෙකාට එරෙහිව කුමන්ත්‍රණය කරන්න,තොරතුරු අපිට දෙන්න සහ විමර්ශන කඩාකප්පල් කිරීම ආරම්භ වෙන්න ඉඩ තියනවා. අන්තිමට ශානි අබේසේකරට එරෙහිව පියවර ගැනීමට යාම කියන්නේ අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව තමන් විසින්ම තමන්ගේ “දේශපාලන හෘද සාක්ෂියට සහ රහස් ගබඩාවට” වෙඩි තියා ගැනීමක් වෙනවා.
මේ ගැටුම හුදෙක් පරිපාලනමය ප්‍රශ්නයක් නෙවෙයි,ආණ්ඩුවේ ඉහළම පුටු සොලවා දාන්න පුළුවන්,ආණ්ඩුව ඇතුළතින්ම පුපුරා යන දරුණු දේශපාලන අර්බුදයක ආරම්භය වෙනවා ඇති.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *