ජනාධිපති අනුර කුමාර ඊයේ (නොවැම්බර්07) මාලිමා ආණ්ඩුවේ දෙවෙනි අයවැය ඉදිරිපත් කළා. පැය හතරකට වැඩි කාලයක් අනුර එක දිගට කතාව කළා.මේ අයවැය යෝජනාව ගොඩක් දිග එකක් නොවුනත් අනුර ඒක සෑහෙන කාලයක් දිග්ගස්ස ගත්තා.මේ අයවැය ගැන රටේ රාළගේ සම්පුර්ණ අදහස ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හැබැයි බැලූ බැල්මටම මේ අයවැය රටේ රාළට දැනෙන විදිහ රටට කියන්නේ ඕනි.රටේ රාළ මේ අයවැය ඉදිරිපත් කරන්නත් ඉස්සෙල්ලා කිව්වේ අනුරගේ සහ මාලිමා ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන අයවැය මේක කියලයි.
අනුර 2029ය වෙනකම් ඉන්නවද නැත්තං 2027න් බැහැලා යනවද කියලා තීරණය වෙන අයවැය මේක කියලා රටේ රාළ පැහැදිලිව කියලා ඇති.රටේ රාළ කියන ඒ කතාවටත් අනුර උත්තර දුන්නා.අනුර කිව්වේ 2028 දී ණයත් ගෙවන්න පුළුවන් තැනකට අපි යමින් ඉන්නවා ඒ ගැන බයක් තියාගන්න එපා කියලයි.ඔව් ඉතින් ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා ණය ගැන මෙලෝ අවබෝධයක් නැතිව බිලියන 41 ත් ණයක්ද කියලා අහපු අනුරට ජනාධිපති උනාට පස්සේ දැන් තියන බිලියන සීයකට කිට්ටු ණය ප්‍රමාණයත් ණයක් නෙවෙයි වෙන්න ඇති.
මේ අයවැය ගැන විපක්ෂය සහ ජනතාවගේ පැත්තෙන් එන ප්‍රතිචාර මොනවද කියලත් රටේ රාළ බැලුවා.ඒ සියලු දෙනාම වගේ කියන්නේ මේක මෙලෝ රහක් නැති අයවැයක් කියලා.රටේ රාළ නං ඒ කතාවට එකඟ නෑ.මෙලෝ රහක් නෑ කිව්වම හිතෙන්නේ අනුර මේ අයවැය දැනුවත්ව ඉදිරිපත් කරපු එකක් කියලයි.අපට මෙලෝ රහක් නැතිවුනාට අනුරට මේකේ පට්ට රහක් ඇති කියලයි.ඒ කියන්නේ මේ අයවැය අනුරට,මාලිමාව හොඳයි කියලයි.රටේ රාළ කියන්නේ මේ අයවැය රටට ජනතාවට වගේම අනුරටත් මෙලෝ රහක් නැති අයවැයක් කියලයි.
ඒ අදහස තියන ආර්ථයෙන් රටේ රාළ මේ අයවැය හදුන්වන්නේ මේක පිස්සා පලා මල්ල වගේ අයවැයක් කියලයි.පිස්සා කවුද පලා මල්ල මොකද්ද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නෑ. කොහොම උනත් අයවැය ගැන රටට දල අදහසක් හදන්න මේ පිස්සාගේ පලා මල්ල ඇතුලට ඇහැ දාලා බලන්න වෙනවා.ඇත්තටම අයවැයක් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ වසරක් තුල රටේ උපායමාර්ගික ගමන වෙනුවෙන් කරන මුදල් යෙදවීමක් විදිහටයි.අපි මේ වෙනකොට ඉන්නේ IMF විස්තීර්ණ ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක සිව් අවුරුදු ණය Program එකක.
ඒකේ ටාගට් එක තියෙන්නේ 2028 ණය ගෙවීමේ හැකියාව ඇති තැනට අපේ ආර්ථිකය සංවර්ධනය කර ගැනීමයි.ඒ වෙනුවෙන් හදපු ටාගට්ස් තියනවා. රනිල්ගේ කාලේ ඒ ටාගට්වලට පහසුවෙන් ඇචීව් කළා.ඇත්තටම ටාගට් පහුකරගෙන ගියා.ලෝක කිව්වේ ඒක මෙරිකල් (ප්‍රාතිහාරයක් කියලයි) හැබැයි අනුර ගත්තට පස්සේ මෙරිකල් එක මේඩිකල් එකක් වෙලා,ටාගට් ඔක්කොම මිස් වෙලා.5%ට උඩින් තියාගන්න ඕනි ආර්ථික වර්ධන වේගය අනුරගේ සංඛ්‍යාලේඛන වලට අනුව 4.8%ට වැටිලා.
රටේ රාළ අනුර කියපු 4.8% සංඛ්‍යාලේඛනය පිලිගන්නේ නෑ.ඒක අනිවාර්යයෙන්ම බොරුවක්. ඒක එහෙම උනත් අපි රනිල් ගෙනත් තියපු තැනට වඩා 0.4%ක් කඩා වැටිලා.මේ කඩාවැටීම දැන දැනම අනුර කියනවා අපි මධ්‍යකාලීන ආර්ථිකය වරධන වේගය 7%ක් කරනවා කියලා.මොකද්ද මේ මධ්‍යකාලීන කතාව.අනුර කිව්වේ ආර්ථිකයේ නිවැරදි පුරෝකථන කරන්න පුළුවන් දියුණු තැනකට එයාගේ මුදල් අමාත්‍යංශය දැන් පත්වෙලා කියලයි.හැබැයි එහෙම පත්වෙලා තියන මුදල් අමාත්‍යාංශයට 2026 වසරේ ආර්ථික වර්ධන වේගය ඉලක්ක ගැන නිශ්චිත පුරෝකථනයක් කරන්න බෑ.
ඊළඟට අපේ විදේශ වත්කම් සංචිතය මේ අවුරද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 7.2 ක තියෙන්න ඕනි.දැනට තියෙන්නේ ඩොලර් බිලියන 6.3ක් විතර.රනිල් මේක ඩොලර් බිලියන 6.1 කින් විතර ගෙනත් තිබ්බා.අනුර මේ අවුරද්දේ පලමු මාස දහයට ඩොලර් බිලියන 0.3ක් වැඩිකරගෙන තියනවා.අනුර දැන් කියනවා ඉදිරි මාසයයි දවස් 20න් ඉතිරි ටික දාලා ඩොලර් බිලියන 7 ක සංචිතයක් හදාගන්නවා කියලා.ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.ඒකයි රටේ රාළ කියන්නේ පිස්සාගේ පාලා මල්ලේ මොකුත් නෑ වගේම පිස්සා කියන කතාවල ගන්න දෙයක් නෑ කියලා.
ඒක නිසා මේවා නිවැරදි පුරෝකථන නෙවෙයි මේවට කියන්නේ බයිලා කියලයි.මේ අවුරුද්දේ විදෙස් වත්කම් සංචිතය ඩොලර් බිලියන 7.2 කරගන්න බැරි අය කොහොමද ලබන අවුරද්ද අවසානයේදී ඒක ඩොලර් බිලියන 11.5 කට ගේන්නේ.ඒක වෙනුවෙන් විදේශ ආයෝජන ගේන ඉලක්කයක් මේ අයවැයේ තියනවද?අනුර කතාවට කියනවා ඉදිරියේදී සෘජු විදෙස් ආයෝජන 4%කට ගේනවා කියලා.ඒකත් නිවැරදි පුරෝකථනයක් නෙවෙයි තවත් බයිලයක් විතරයි.
ඊළඟට අනුර මහත් උජාරුවට කිව්ව කතාවක් තමයි නිෂ්පාදන ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් හදනවා කියන කථාව.නිෂ්පාදන ආර්ථික කථාව කියන කොට ඇත්තටම රටේ රාළට එන්නේ හිනාවෙන්නේ කොතනින්ද කියන ප්රශ්නයයි.ගිය අවුරද්දේ අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සදහා වෙන් කරපු මුදල් ගොඩක් අවිච්චේද විදිහට ආපහු භාණ්ඩාගාරය එනවා.සමහර ව්‍යාපෘතිවල progress එක 10%යි.තව සමහර ඒවා 20%යි.30%යි.හතලිහෙන් උඩට ගිහින් තියෙන්නේ එහෙමත් ව්‍යාපෘති කීපයක්යක් විතරයි.
ඔයාලා හොඳට බලන්න ඒ ව්‍යාපෘතිවලටම මේ පාරත් සල්ලි දාලා.ඒකෙන් කියන්නේ මේ අවුරද්දේ කිසි වැඩක් වෙලා නෑ කියලයි.අනුර තවත් පුරෝකථනයක් විදිහට තවත් බයිලයක් ගහනවා. ඒ ඩිජිටල් ආර්ථිකය තුලින් බිලියන 15 ක් රටට ගේනවා කියලා.හැබැයි ඒකට සැලැස්මක් මේ අයවැය ඇතුලේ නෑ.ඒ වෙනුවෙන් හදන බදු ප්‍රතිපත්තිය මොකද්ද කියලා මේ අයවැයේ කොතනකවත් නෑ.මේ අයවැයේ සංවර්ධන ව්‍යාපෘති මොකුත් නෑ.කාටහරි කියන්න පුළුවන් මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කනින් එහා ටික හදන්න රුපියල් මිලියන 16000ක් දාලා තියනවා කියලා.
ඇත්තටම ඔය අධිවේගී මාර්ගය හදන්න නොදී බාධා කලේ ජවිපෙයයි.එදා ඒ දේ නොකලා නම් අද මධ්‍යම අධිවේගය දුවනවා.ජවිපෙ කලේ ඒ වැය බර තවත් වැඩි කරලා චීන එක්සින් බැංකුවට රට තවත් ණය කරන එක විතරයි.ඊළඟට අනුර කිව්වේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න කියලා අධ්‍යක්ෂක මණ්ඩලය කිව්වා කියලා.මේ අවුරද්දේ රුපියල් මිලියන බිලියන 7.8ක් පාඩු කරලා තියන එයාලා කියන්න ඇත්තේ තවත් පාඩුවක් බලාපොරොත්තු වෙන්න කියලා වෙන්න ඇති.
එහෙමත් නැත්තං ධම්මික පෙරේරා ලබන අවුරද්දේ ඒක ගන්න සුදානම් නැතිව ඇති.අනුරලගේ ලොකුම ව්‍යාපෘතිය තමයි වාහන 1775 ගේන ව්‍යාපෘතිය.ඒ වෙනුවෙන් රුපියල් බිලියන 4200ක් වෙන් කරලා තියනවා.මේ වාහන ගොඩක් වෙලාවට යන්නේ ආණ්ඩුවේ 159 දෙනාට සහ ආණ්ඩුව ප්‍රජා ශක්ති නිළධාරීන් කියලා යොදවාලා ඉන්න ජවිපෙ ක්‍රියාකාරීන්ට වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි. ප්‍රජා ශක්ති සංවර්ධන සැලැස්මට රුපියල් මිලියන 25000ක් විතර යොදවලා තියනවා.ඒක යන්නේ තනිකර ජවිපෙ දේශපාලන project එකට.
මේ අයවැය කථාවේදී අනුර මුදල් ඇමති කෙනෙකුට සහ ජනාධිපති කෙනෙකුට නොගැලපෙන විදිහට හැසිරුණා.ඒ තුන් වෙනි පන්තියේ බාල වැඩේ නිසා අනුරගේ කතාව දික්වුනා.අනුර ඊයෙත් ගම්මන්පිලගෙන් පටන් අරන්,රාජපක්ෂලා හරහා සජිත්ට ගොඩවුනා.ඇත්තටම මේ අයවැයේ ඉලක්කය මොකද්ද කියලා අනුරවත් දන්නේ නෑ. හෙට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නෑ.අනුර දන්නේ මඩ ගහන්න විතරයි.අයවැයේ කරුණු අවිඥානිකව ඉදිරිපත් කළත් අනුර මඩ ගැනීම නං බොහොම සවිඥානිකව කළා.
හරි එහෙම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.