|

විදේශ සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත වලට අනුව, 2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් පෙර මාසයට සාපේක්ෂව සුළු පහත වැටීමක් වාර්තා කොට ඇත.

2025 ඔක්තෝබර් අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය  ඇමරිකානු ඩොලර් මිලියන 6,216 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. සැප්තැම්බර් මස අවසානයේ මුළු සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 6,244 ක් වූ අතර ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී සංචිත ප්‍රමාණය මිලියන 28 කින් අඩු වී ඇත..

මෙයට චීන මහජන බැංකුවේ (PBOC) හුවමාරු ගිවිසුමෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ට සමාන මුදලක් වන අතර එය භාවිත කිරීමේ හැකියාව කොන්දේසි වලට යටත් වේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *