|

අලුතින් විදේශ ආයෝජන ඉතා අඩුයි

මාලිමා ආණ්ඩුව යටතේ අලුතින් විදේශ ආයෝජන ලැබීම අඩු වී ඇති බවත් මෙම වසරේ ලබීඅතෛයි කියන ඩොලර මිලියන 823 න් සියයට 67 ක් පසුගිය කාලයේ ගිවිසුම් වලින් ලැබී ඇති බවත් රාජ්‍ය  මුදල් කාරක සභාවේ සභාපති  සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.

කොළඹ වරාය සඳහා අදානී සමාගමේ 2021 වසරේ ගිවිසුම යටතේ මිලියන 229 ක් , මෙල්කෝ කැසිනෝ 2024 ගිවිසුමෙන් මිලියන 85 ක් ,ඉන්දියානු එපාර්ට්මන්ට් මිලියන 47 ක් , මිචෙලින් සහ සියැට් කොටස් ගනුදෙනුවෙන් මිලියන 83 ක් එයට ඇතුළත් වෙයි.

2017 වර්ෂයේ මෙරටට ලැබුණු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 1910 ක් බව සහ 2018 දී මිලියන 2139 ක් ලැබී ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *