|

මාලිමා ආණ්ඩුව මේ තරම් බෙලහීන ඇයි? – රටේ රාළ

රට ආදරය කරන ජනාධිපති කෙනෙක් ලැබිලා ඔක්කොම එයාගේ පිනට පහල වෙනවා කියපු සහ වේයන්ගොඩ පැත්තේ නිධානයකුත් ගොඩගන්නවා කියපු හදුන්නෙත්ති ඇමතිතුමාගේ කතාව පට්ටපල් බොරුවක් වෙලා ඉවරවුනා.
අනුර බලයට පත්වුනේ ගිය සැප්තැම්බර් 21 වෙනිදා.එදා ඉඳන් අද දක්වා කාලය ඇතුලේ අපිට හම්බ වෙලා තියෙන්නේ තවමත් තමන් ජනාධිපති කියලා නොතේරෙන ජනාධිපති කෙනෙක්,තවමත් තමන් ආණ්ඩු පක්ෂයේ කියලා නොතේරෙන ආණ්ඩුවක්.ආණ්ඩුවේ අය තවමත් මනසින් ඉන්නේ විපක්ෂයේ.සැප්තැම්බර් 22 වෙනිදායින් පස්සේ නිකන් ඔහේ ගෙවිලා ගිය දවස් හැත්තෑවකුත් පහුවෙලා තියනවා,ඊට අමතරව තියෙන්නේ රටේ දිස්ත්‍රික්ක ගණනාවක් විනාශ කරගෙන වෙරළබඩ තීරණය හරහා හමාගෙන ගිය සුළි කුණාටුවෙන් වෙච්චි හානිය විතරයි.
අනුර සහෝදරයගේ භාෂාවෙන් කියනවා නං ලොවෙත් නැති විනාශයක් තමයි සුළී කුණාටුවෙන් රටට කරලා තියෙන්නේ.එහෙම බලනකොට අනුර හරිම අවාසනාවන්ත කාලෙක තමයි බලයට පත්වෙලා තියෙන්නේ.අනුරලා දැන් ඉන්නේ රාජ්‍ය බලයත් එක්ක නිසා මේ කිසිම ප්‍රශ්නයක් මගෑරලා යන්න බෑ.ඉස්සර මේ වගේ විපතක් උනහම ආණ්ඩුවෙන් විපතට පත්වෙච්චි අය වෙනුවෙන් වෙන් කරන මුදල විපතට පත්වූවන්ගේ සංඛාවෙන් බෙදලා එක්කෙනෙකූට වෙන් කරලා තියන ගාන මෙච්චරයි කියලා හරියටම ජවිපෙ සහෝදරවරු හදලා දෙනවා.
දැන් ජවිපෙ ආණ්ඩුවක් තියන හින්දා විපතට පත්වෙච්චි අයට ලොවෙත් දුන්නේ නැති සහන ටිකක් දෙයි කියලා හිතන මෝඩ බයියෝ ටිකක් තවමත් ඉන්නවා.මේ දවස්වල රට පුරා වේගයෙන් සහල් හිඟයක් නිර්මාණය වෙමින් තියනවා.රටේ සුපර්මාකට් ජාලයෙන් එක බිලකට හාල් කිලෝ පහක් දක්වා සීමා කරද්දී රටේ රාළ මේ අනතුරු ඇඟවීම කළා.පස්සේ ඒක හාල් කිලෝ තුන දක්වා තවත් සීමාවුනා.
දැන් එන අලුත්ම වර්තාවලින් කියන්නේ පිටකොටුව සහල් තොඟ වෙළඳපොලේ තව සතියකට ප්‍රමාණවත් සහල් තොග විතරයි තියෙන්නේ කියලයි.අයහපත් කාලගුණික තත්වයත් එක්ක භාණ්ඩ ප්‍රවාහන ඇණ හිටලා තියෙන නිසා සහල් හිඟය තවත් උග්‍ර වෙන්න පුළුවන්.ඒ වගේම මේ ආපදාවෙන් ගොවිබිම් ලක්ෂ ගාණක් විනාශ වෙලා.ආණ්ඩුව ඒවාට වන්දී දෙනවා කියලා දැන් කටින් බතල හිටවනවා. හැබැයි දෙනවා කියන්නේ අක්කරයකට රුපියල් 40000යි
අඩුම ගානේ මේ කන්නය වගා කරපූ ගොවියන්ට දෙනවා කියපු පොහොර සහනාධාරයවත් තවම දීලා නෑ.දැන් නාමල් කරුණාරත්න කියන්නේ රටේ පොහොර හිඟයක් නෑ කියලා.ඒක වෙන්න ඇති. හැබැයි පෝර හිඟයක් නැතිවුනාට පෝර ටික ගන්න ගොවියා අතේ සල්ලි නෑ.රටේ තියෙන්නේ හාල් හිඟයක් නාමල් කියන්නේ පොහොර හිඟයක් නෑ කියලා.යන්නේ කොහේද ඇහුවම මල්ලේ පොල් කියනවා.ඊළඟට ලබන ජනවාරි මාසේ ගන්න තිබුණ IMF හතරවෙනි වාරිකය අප්‍රියෙල් වෙනකම් කල්ගියා.
ඒකත් හම්බවෙන්නේ IMF එක දීලා තියෙන කොන්දේසිවලට අනුව අයවැය හැදුවොත් විතරයි. අනුර දැන් හිරවෙලා ඉන්න විදිහට මොනවා කර ගනීද කියලා දැන්මම කියන්න බෑ.ඇත්තටම මොනවා කළත් අනුර අමාරුවේ වැටෙන එක නවත්තන්න දැන් මොන දෙයියටවත් බෑ. ජනතාවගේ විදුලි බිල අඩු කිරීමේ තීරණය ගත්තේ රනිල්ගේ කැබිනට් එකෙන්.ඒ නිර්දේශ දුන්නේ ගිය සැප්තැම්බර් මාසේ.ඒ යෝජනාව හරියට හදලා මහජන උපයෝගිතා කොමිෂමට යවන්න බැරිව දැන් මාස ගාණක තිස්සේ විදුලි බල මණ්ඩලය තටමනවා.
මෙයාලා මේ කරන්නේ බොරුවක් කියන සැකය දැන් ගොඩ දෙනෙකුට ඇවිත් ඉවරයි.ලං.වි.ම ජවිපෙ වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමය පහුගිය දවසක රටට හොරෙන් මේ මාසේ බෝනස් එක ඉල්ලමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිට ලිපියක් ඉදිරිපත් කළා. කෝච්චර හොරෙන් ඒ වැඩේ කලත් ලියුම සභාපතිට දීලා පොඩි වෙලාවකින් රටේ රාළ ලිපියත් එක්කම සියල්ල රටට අනාවරණය කළා. ඇත්තටම විදුලි බිල අඩුකිරීමට අවශය යෝජනාව විදුලි බල මණ්ඩලය පැත්තෙන් හදලා නොයවන්නේ මේ බෝනස් ප්‍රශ්නය හින්දද කියන සැකය ජනතාවට ඇවිත් තියනවා.
විදුලි බිල අඩු කිරීමේ වාසිය ජනතාවට දුන්නම බෝනස් එක නැතිවෙයිද කියන සැකය නිසා විදුලි බල මණ්ඩලය ඒ යෝජනාව හදන්නේ නැතිව කල් අදිනවාද කියන සැකය දැන් ජනතාව අතරට ඇවිත්.ඒක එහෙම වෙන්න බැරිත් නෑ.මොකද මේ ආණ්ඩුව කියන්නේ වෘත්තීය සමිති මාෆියාවට යටවුන රූකඩ ආණ්ඩුවක්.අනුරලා ජනතාව රවට්ටලා බලය ගත්තා වගේම ජනතාව රවට්ටමින් ආණ්ඩුව පවත්වාගෙන යන්නත් හදනවා.අනුර ජනතාවට පේන්න මේ දවස්වල පයින් ඇවිඳගෙන යනවා.
ජනාධිපති කාර්යාලයේ ඉඳන් මුදල් අමාත්‍යාංශයට පයින් යනවා.ඕනි නං මීටර් හාර පන්සීයක් ඇති.ඒවා මහා ලොකූ දේවල් විදිහට බයියන්නට පෙන්නනවා.අගමැති හරිනි සිකුරිටිත් එක්ක සුපර්මාකර්ට් ගිහින් ඒවා මහා ආදර්ශ විදිහට බයියෝ අතරට එවනවා.අඩුම ගානේ ඒවා ප්‍රචාරය නොකර ඉන්නවත් සදාචාරයක් මෙයාලට නෑ.ප්‍රචාරය වෙනුවෙන් ඒවා කරන එකෙන් පේන්නේ එයාලත් බයියෝ වගේම වැඩවසම් කියලයි.ඒක නිසා මේ වගේ පුයර බබාලට රට හදන්න තියා රට හදන විදිහ හිතාගන්නවත් බෑ.
ඇත්තටම මේ ආණ්ඩුව දැන් හොරිකඩ වෘත්තීය සමිතිකාරයන්ගේ සහ දුෂිත නිළධාරින්ගේ අල්ලේ නැටවෙන රූකඩයක් වෙලා ඉවරයි.මේ දවස් 70 ඇතුලේ මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් මෙයාලට නෑ.නිධානයක් ගන්න කියලා වේයන්ගොඩ හාරපු මහා වලක් නං තියනවා.
ඊට වැඩිය දෙයක් කරලා නෑ.ගිය 31 වෙනිදා ලොවෙත් නැති තෙල් සහනයක් හම්බ වෙයි කියලා බයියෝ බලා හිටියා.හැබැයි උනේ ජනතාවට රුපියල් දෙකක් දික් කරලා රුපියල් 08 කඩා ගන්න එකයි.ඒ වගේම මේ පාර සුදු ඩීසල් සහ භූමිතෙල් වැඩි කිරීමෙන් පීඩිතයාට, ගොවියාට,ධීවරයාට සහ වැඩකරන අයට ආණ්ඩුව මානසිකව රිද්දවලා තියනවා.ගිය පාර සුපිරි ඩීසල්වලට සහ පෙට්‍රල්වලට දුන්න සහනය මේ මාසෙත් continue කරලා.
තවමත් මෙයාලා කතා කරන්නේ ගිය ආණ්ඩුවල වැරදි ගැන.වැරදි තියනවා නම් ඒවාට අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලය තියෙන්නේ එයාලට.හැබැයි එයාලා කරපු වැරදිවලට සහය දුන්න දූෂිත නිළධාරීන් දැන් ඉන්නේ මෙයාලත් එක්ක.බලයත් තියාගෙන තවමත් කූඳිරි ගානවා හැර මේ දවස් 71ට රටට කරපු වැඩක් නම් පේන්න නෑ.ඇත්තටම අනුර සහ අනුරගේ ආණ්ඩුව මේ තරම් බෙලහීන වෙයි කියලා කවුරුත් හිතන්න නැතිව ඇති.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ.

May be an image of 3 people, dais and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *