අරලියගහ මැදුරේ කතාබහ
ඔක්තෝම්බර් 26 දා ඇරඹුණු රට දේශපාලන ලෙස අක්‍රිය වීමේ ගැටුමට දැන් මාසයක් ගතව තිබේ. එහෙත් රටට කිසිදු ස්ථාවර භාවයක් කරා තවම පැමිණිමේ අවස්ථාව ලැබී නැත. පසුගියදා පාර්ලිමේන්තුවේදි අභිනවයෙන් පත්වූ අගමැති මහින්ද හා එම රජයට එරෙහිව විශ්වාසභංග දෙකක් පාර්ලිමේන්තුවේදි සම්මත වූ බව කතානායකවරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඒ සමග මන්ත්‍රීවරු 122 කගේ දිවුරුම් ප්‍රකාශ ලබා දුන්නද ජනපතිවරයා එය පිළිනොගැනීම රටේ අස්ථාවර බව තව තවත් වර්ධනය කරන්නට හේතු වී තිබේ.
“ මේක කඹ ඇදිල්ලක් අපේ පැත්ත අපි හයියෙන් අල්ලන් ඉන්නවා අපිට කරන්න තියෙන්නේ එච්චරයි… ඒත් මහින්ද හා මෛත්රිලාට කඹය අල්ලගෙන ඉදින ගමන් බහුතරය තැනීම හා එයාලගේ පැත්තේ කට්ටිය අපිත් එක්ක එකතුවිම වලක්වන්නත් ජාතික හා ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දෙන්නත් සිදුව තිබෙනවා. අපහසුම කටයුත්ත තියෙන්නේ ඒ නිසා ඔවුන්ටයි. ඔවුන් හොදටම හිර වෙලා. දැන් මෛත්‍රි මහින්ද පාර්ශව දෙක අතර ගැටුම් පවා ඇරඹිලාලු“ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ බ්‍රහස්පතින්දා අගමැති රනිල් හමුවූ විටය.
අද උදේ චැනල් 04 රූපවාහිනි නාලිකාව මාව ඉන්ටර්විව් කලා ඔවුන් සියල්ල ඇහුවා. මම සියල්ල එකිනෙක පැහැදිලි කලා. ඒක ජාත්‍යන්තරයට ලංකාවේ දැන් තිබෙන ඉතා අවිනිශ්චිත දේශපාලන හා ආර්ථික ව්‍යසනය ගැන කදිම පණිවවිඩයක් වේවි අගමැති රනිල් කීය.
“ ඊයේ අගමැතිතුමා ගෙනා තර්කය ඉතා වැදගත් නිත්‍යානූකූල රජයක් දැන් මේ රටේ නැති නිසා නිත්‍යානුකූල මහ ඡන්දයක් තියන්නත් ඉඩ කඩක් නැහැ.“ චමින්ද විජේසිරි කීය.
“ අද පක්ෂ නායකයින්ගේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් ගැන ආරංචියි. එයාලා මොකක්ද කියන්න හදන්නේ“ දයා ගමගේ විමසුවේ අගමැතිගෙනි.
ඊට පිළිතුරු සැපයූවේ ලක්ෂ්මන් කිරිඇල්ලය “මහ මැතිවරණයක් තිබ්බත් ආපහු බලයට එන්නේ ජනාධිපතිට එරෙහි රජයක් නිසා එවැනි රජයක් සහ මේ ජනපතිට දිගටම වැඩ කිරිමේදි විශාල ගැටලු ඇති විය හැකියි. ඒ නිසා සියලු පක්ෂ නායකයින් යෝජනා කරන්නේ කඩිනම් ජනාධිපතිවරණයක්. ජනවාරි 08 දායින් පසුව පැවැත්විය හැකි නිසා ඒක කරලා රට ස්ථාවර කරන්න කියලයි.“ කිරිඇල්ල කීය.
“ දැන් එදා පාර්ලිමේන්තුවේ ජෝගි නැටුවා වගේ 29 දා ස්ථාවර නියෝග අකුලන්නේ නැතුව රටේ කොච්චර හදිසි තත්ත්වයක් තිබුණත් හදිසි තත්ත්වයත් නොසලකා ක්‍රමානුකූලව දිර්ඝ ක්‍රමවේදය හරහා ව්‍යාජ අගමැතිගේ මුදල් කැපිමේ යෝජනාව ගෙනාවාමත් මේ අය ජෝගි නැටුවොත් මොකද වෙන්නේ.“ රන්ජන් රාමනායක විමසිය.
“දිර්ඝ ද කෙටිද කියන එක නොවෙයි 29 දා අපි අනුගමනය කරන්නේ ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීම් කළ ක්‍රමවේදයට අනුවයි අපි එතුමාට උත්තර ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා ඒකත් කඩා කප්පල් කලොත් ඒ ඇයි කියලා අපි විතරක් නොවෙයි මුළු ලෝකයටම වැටහේවි. 29 දා පාර්ලිමේන්තුව අවුල් කලොත් ප්රජාතන්ත්රවාදය ගරු කරන මේ රටේ ජනතාව විතරක් නොවෙයි මුළු ලෝකයම ඒකට එරෙහි වේවි.“ අගමැති රනිල් කීවේය.
“මේ දින 30 ට රටේ ආර්ථිකය හොදටම අවුල්…. රුපියල් කෝටි 3200 ක් කොටස් වෙළෙද පොලෙන් ඒ සමාගම් ඉවත් කරගෙන… ආයෝජන සම්පූර්ණයෙන් නැවතිලා… ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය තහනම් කරලා. ඇමරිකානු ආධාර වගේම ජපානයේ කණුමත දුවන දුම්රිය ව්‍යාපෘතිය නවත්තලා. යුරෝපා සංගමය ජි.එස්.පි සහනය නවත්තන්න හා යළිත් මාලු තහනම ඇති කරන්න ලියකියවිලි හදන තැනට පවා ඇවිත්ලු මේ වසරේ ලොව හොදම සංචාරක නවාතැන බවට ජාත්‍යන්තරය නම් කළ ශ්‍රිලංකාවට එන සංචාරකයන්ගන් සියයට 90 බුකින්ස් කැන්සල් කරලා. ලෝක තෙල් මිලට තෙල් නොදි අපට කලු කඩයෙන් තෙල් ගන්න සිදුවෙන තැනටත් තත්ත්වය උග්‍ර වෙලා. මේවා කොහෙන් නවතිද කව්ද දන්නේ.“ දයා ගමගේ කීය.
“ ජාත්‍යන්තරයෙන් මහින්දගේ කාලේ අපේ රට හිරකරලා තිබුණේ. මෛත්‍රි රනිල් එකමුතුව මුළු ලෝකයම දිනාගත්තා. ඒත් පැය 24 න් ඒ සියල්ල බිමටම සමතලා වුනා. දැන් මහින්දගේ කාලෙටත් වඩා ජාත්‍යන්තර තුළ ලංකාවට අභාග්‍යමත් තැනක් තියෙන්නේ. අපේ මිනිස්සුන්ට විතරක් නොවෙයි දේශපාලන නායකයන්ට පවා ප්‍රධාන රටවල් වලින් විසා නොලැබෙන අනතුරකුත් ඇති වෙලා“ චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.
“ දැන් නිත්‍යානුකූල රජයක් නැති බව පාර්ලිමේන්තුව නිල වශයෙන් තහවුරු කොට ඇති නිසා අමාත්‍යාංශ ලේකම්වරු, සංස්ථා හා මණ්ඩලවල අය රටේ මුදල් පාවිච්චි කළොත් එය අවභාවිතාවක් වේවි… ඔවුන්ට ඒවා පෞද්ගලිකව ගෙවන්නත් සිදුවේවි“ රන්ජන් රාමනායක කීවේය.
“ දැන් නිත්‍යානුකූල රජයක් හෝ අගමැති කෙනෙක් නැති බව කතානායක නිල වශයෙන් ජනාධිපතිට දන්වලා විතරක් නොවෙයි ඒ සියල්ල පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවී තිබෙනවා. එය වෙනස් කරන්න නම් බහුතර බලයකින් යෝජනාවක් සම්මත කළ යුතුයි. පුළුවන් නම් එහෙම කරන්නැයි අපි මහින්ද ට කියනවා.“ අගමැති රනිල් කීය.
ඒ විතරක් නොවෙයි දැන් මේ රටේ කැබිනට් එකක් ඇත්තෙත් නැහැ කාට පේන්නද මේ බොරු කැබිනට් එක රැස් වෙන්නේ. ජනතාව හෝ ලෝකය බොරුවෙන් අන්දන්න බැහැ. මේ ගොල්ලා බලෙන් ඉන්නේ ජනාධිපතිගේ හයිය පාවිච්චි කරලායි. බහුතරයක් නැති ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ. දැන් මුදල් ඇමති කෙනෙකුත් මේ රටට නැහැ. ඉතින් කොහොමද අතුරු සම්මත ගිණුම් ගේන්නේ. අය වැයක් ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ රට අපි වහාම බේරාගෙන ප්රජාතන්ත්රවාදය ඉක්මණින් ස්ථාපිත කරන්න ඕනේ…“ අගමැති රනිල් කීවේ නලල රැළි ගන්වමිනි.
“ මේ වසන්ත සේනානායක එහේ යනවා මෙහේ යනවා මේක හරි විකාරයක් වෙලානේ. දේශපාලකයෝ මේ වගේ හෑල්ලු වෙච්ච අවස්ථාවක් මම නම් දැක්කේ නැහැ “චමින්ද විජේසිරි කීය.
“ නෑ… නෑ … වසන්ත ගැන බය වෙන්න දෙයක් නැහැ. එයා හැමදාම දිනන පැත්තේ. පවතින ආණ්ඩුවේ ඉන්න කෙනෙක්. ඔහුගේ ආකල්පය එයයි. එයාට ඕනේ තමන් ඉන්න පළාතේ ජනතාවට සේවය කරන්නයි. අපි බහුතරය පෙන්නකොට වසන්ත සේනානායක විතරක් නොවෙයි ශ්‍රිලනිපයේ හුග දෙනෙකුත් අපිත් එක්ක හිට ගනිවි“ හේෂා විතාන කීවේ එවැනි කතාවකි.
“ මේ ශොට් එක ගැහුවේ අපේ අගැමැති තුමාට වඩා මහින්ද රාජපක්ෂ නැති කරන්නයි. පේස් බුක්වල හොද හොද කතා යනවා. මෛත්‍රි – මහින්දගේ ඔලුව උඩ කරඩුව තියලා සරම ගැලෙව්වා වගේ පෝස්ට් එකකුත් මම දැක්කා. මහින්ද – මෛත්‍රි ගැටුම් ඒ නිසා දැන් හොදටම උග්‍ර වෙලාලු. මහින්දලාගේ පොහොට්ටුවත් එක්ක යන්නේ නැතුව වෙනමම ඡන්දේ ඉල්ලන්නත් ශ්‍රිලනිපයේ අය ජනාධිපතිට බල කරන තත්ත්වයකටත් ඇවිල්ලා. පොහොට්ටුවත් එක්ක මහ ඡන්දයකට ගියොත් ශ්‍රිලනිපයේ සියලු දෙනා පරාද කරන සැලසුම හෙළි වෙලා“ රන්ජන් රාමනායක කීවේ එය ඔහුට ලද ස්ථිර තොරතුරක් මත බවද කියමිනි.
“ දැන් එදා අපිට නම් කැදවිමෙන් නැතුව ඉලෙක්ට්‍රෙනික් ක්‍රමයට ඡන්දය ගන්න බැරිවුනේ ඇයි. ඒකනේ මේ වැඩේ හරියට කළේ නැහැ කියලා ජනාධිපති කියන්නේ“ අරලියගහ මන්දිරයේ නිලධාරියෙක් විමසිය.
“ කතානායක පුටුවේ ගිහින් අරුන්දික ප්‍රනාන්දු වාඩි වුනා. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා මයික් සහ සියලු ඉලෙක්ට්‍රොනික් උපකරණ කුඩු පට්ටම් කලා ඒකයි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දෙන්න බැරි වුනේ ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.
කතානායක මෙසය යටින් අරන් ගහපු අර මහ විශාල පොත් මොනවාද තවත් නිලධාරියෙක් විමසීය.
“පාර්ලිමේන්තුවට එන ඕනම ආගමක මන්ත්‍රිවරයෙක් දිවුරුම් ගන්නේ ඒ තමන්ගේ ආගමට අයත් ප්‍රධානතම ග්‍රන්ථය මත ඒ කියන්නේ කුරානය, බයිබලය, ධම්මපදය ඇතුළු ඒ සියලුම ආගම්වල ප්‍රධානම පදනමට අයත් ග්රන්ථ දෑත් තබා දිවුරලායි. ඒ පොත් තමයි අර විසි කළේ… ජොන්ස්ටන් පනාන්දු තෝරලම බයිබලය අරගෙන විසිකලාද කියලාත් මට හිතුනා. මොකද ඔහු ඒ වෙලාවේ වියරු වැටිලා වගේ හිටියේ. හිර ගෙවල්වල කූරු පෙනිලා එහෙම කලාද දන්නේ නැහැ. ඔහු අපේ මන්ත්‍රිවරුන්ට අතින් පයින් දැඩි ප්‍රහාරත් එල්ල කලා. අපේ එවුන් ඉවසලා නොසිටියා නම් එදා ජොන්ස්ටන් ඉස්පිරිතාලේ නොවෙයි ඊටත් එහා තැනකට යන්නත් තිබුණා. රටේ වාසනාවට අපේ නායකතුමාගේ ඉවසිම නිසා සියල්ල අතක් පයක් නොකැඩි විසදුනා චමින්ද විජේසිරි මෙන්ම හේෂ් විතානද කීවේ එකම කතාවය.
“ දැන් හැමෝම බලාගෙන ඉන්නේ නඩුව දිහායි. ජනතාව පත් නොකළ ව්‍යාජ ආණ්ඩුවක ඉන්න පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් ඇති මන්ත්‍රී මැර කණ්ඩායමකට යටත් වෙලා ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාකරන්නේ නැහැ කියලා ජාතික හා ජාත්‍යන්තර නීති විශාරදයින් සියලු දෙනාම දැඩි විශ්වාසයක ඉන්නවා.“ රන්ජන් රාමනායක කීය.
“කොහොම හරි මේ රටේ ව්යාකුලතාවය ඉක්මණින් ඉවර කරලා රටට, ජනතාවට සමෘද්ධිමත්, ප්රජාතන්ත්රවාදි නිති ගරුක රටක් ඇති කරන්න අපි සියලු දෙනා කැප වෙමු. එතනදි සියලු පක්ෂවල රටට ජනතාවට ආදරේ සියලු දෙනාගේම සහාය ඒ සදහා ලබා දේවි කියලා අපි හිතනවා“ අගමැති රනිල් කීවේ දැඩි හැගිමකින් යුතුවය.
