|

රන්වල බිලි පූජාවෙන් පසුත් මාලිමාවෙන් පෙරේත ගඳක් – රටේ රාළ

ඊයේ (13) හිටපු කථානායක අශෝක රන්වල සහෝදරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන ආරංචිය ලැබුණ ගමන් තමයි රටේ රාළ ” ජවිපෙ නිරුවත – ලොවට පෙන්නුව – සහෝ රන්වල ” ලිපිය ලියන්න පටන් ගත්තේ.පවතින තත්වය යටතේ විපක්ෂයට තියන එකම උත්තරය රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගේන එක විතරයි කියලා මුලින්ම කිව්වේ රටේ රාළ.
විශ්වාසභංගයක් ගෙනාවට පස්සේ ජවිපෙ හිරවෙන විදිහට ගැනයි රටේ රාළ ” ජවිපෙ නිරුවත – ලොවට පෙන්නුව – සහෝ රන්වල ” ලිපියෙන් කිව්වේ.රන්වල ඉල්ලා අස්කර ගැනීම හැර වෙන විකල්පයක් ජවිපෙට නැති බව රටේ රාළ කැට තියලා කිව්වා.ලිපිය පල කරලා විනාඩි 20 ක් යනකොට රන්වල ඉල්ලා අස්වෙන බව නිවේදනය කළා.
රන්වල තවමත් තමන්ට උපාධියක් තියනවා කියලා බොරු කියනවා.වසේදා එකේ ආචාර්ය උපාධිය නෙවෙයි මොරටුවෙන් ගත්ත Bsc එකවත් පෙන්නන් බැරිව තවමත් කයිවාරු ගහනවා. රන්වල කියන්නේ ජවිපෙ වෙනුවෙන් කැපකිරීම් කරපු සහෝදරයෙක්.එහෙම සහෝදරවරුන් පවා ඔය තත්වයට පත් කරපු ජවිපෙ සංස්කෘතියත් එක්ක හැර අපිට රන්වලත් එක්ක ගැටුමක් නෑ. හැබැයි රන්වල බිලි දුන්නා කියලා ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ.තවත් ආචාර්ය ලෝගුව දාගත්ත බිල්ලෝ මාලිමාවේ සහ ජවිපෙ ඇතුලේ හොල්මං කරනවා.
එයාලටත් සමහරවිට හෙට දවසේ විශ්වාසභංග ඉදිරිපත් වෙයි.සමහරවිට එයාලත් ඉල්ලා අස්වෙයි.ඒත් ජවිපෙ ඇතුලේ තියන විෂබීජ පුද්ගලයෝ බිලිදුන්නා කියලා අයින් වෙන්නේ නම් නෑ.රන්වලගේ ප්‍රශ්නයත් එක්ක ඒ විෂබීජ උඩට මතුවෙන හැටි ඔයාලා දකින්න ඇති.රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ආවොත් 159 දාලා පරාජය කරන හැටි ගැන නාමල් කරුණාරත්නලා, වසන්ත සමරසිංහලා ගහපු කයිවාරු ඔයාලට ඇහෙන්න ඇති.ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කිව්වේ ඔය වගේ ප්‍රශ්න අපි දනිස්සෙන් උඩට ගන්නේ නෑ කියලයි.
දැන් දනිස්සෙන් පහලට වෙඩි වැදුනට පස්සේ තියන අමාරුව කොහොමද කියලා එයාටත් තේරෙනවා ඇති.මහින්ද ජයසිංහ පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවකට ඇවිත් රන්වල ප්‍රශ්නය මගාරින් හදපු හැටි ඔයාලා දකින්න ඇති. ඒ තමයි ජවිපෙ ඇතුලේ තියන විෂබීජ.රටේ රාළ මෙතනදී විෂබිජ කියදා කියන්නේ නාමල්ටවත්, වසන්තටවත්,නලින්දටවත්,මහින්දටවත් නෙවෙයි.විෂබීජ කියන්නේ එයාලා ඉදිරිපත් කරන ජවිපෙ ඇතුලේ තියන තක්කඩි මතයට සහ සංස්කෘතියට.ඕක තමයි ජවිපෙ ඇතුලේ තියන වෛරස් එක.
තමන්ගෙන වෙන අඩුව ජනතාව ඉස්සරහා පිලිගන්න නිහතමානී නෑ.එහෙම ජනතා නියෝජිතයෝ මොකටද?ඒකට කියන්නේ නං අපි තමයි සැබෑ ජනතා සේවකයෝ කියලා.ජවිපෙ ඇතුලේ මේ තියන වැඩවසම්,ග්‍රාම්‍ය,මැටි මෝල් උද්දච්ච සංස්කෘතිය හින්දා තමයි ජවිපෙට මේ රට අඩියක්වත් ඉස්සරහට ගෙනියන්න බැරි.හැබැයි කථානායකගේ ඉල්ලා අස්වීමෙන් ජවිපෙට ලොකු කනේ පහරක් වැදිලා තියනවා.විපක්ෂය විශ්වාසභංගය ගේන්නත් කලින් ඉල්ලා අස්වෙන්න කථානායකට සිද්ධවුනා.
එහෙම උනේ විපක්ෂයේ ප්‍රභලකම හින්දා නෙවෙයි.ඇත්තටම විපක්ෂය ඕනිවටත් වැඩිය දුරවලයි.ජවිපෙට ඕනිම වෙලාවක විපක්ෂය ගෙන්න හැදුව විශ්වාසභංගය පරාද කරන්න පුළුවන්.හැබැයි ජවිපෙට පරාජය කරන්න බැරිවුනේ ඒ මතවාදයට හැදුන සදාචාර බලය හින්දයි.ජවිපෙ බොරු කියන්නේ නෑ,ජනතාවට ඇත්තම තමයි කියන්නේ කියන කතාව මෙතනින් එහාට වලංගු නෑ.ඒක නිසා ජවිපෙට එරෙහිව ගොඩනැගුණ මහජන මතය ඉස්සරහ දණ ගහලා රන්වල ඉල්ලා අස්කර ගන්න ජවිපෙට සිද්ධවුනා.
ජවිපෙ වගේ පෙලපාලි නොගියට,උද්ඝෝෂණ වැඩවර්ජන නොකලාට මහජන මතය කියන එක නවත්තන්න අනුරගේ ජනාධිපතිකමටවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 159 ටවත් බැරිවුනා. මතක තියාගන්න මහින්ද එලෙව්වේ අරලිය ගහ මන්දිරය වටකරලා,ගෝඨාභය එලෙව්වේ ජනාධිපති මන්දිරය වට කරලා.හැබැයි අනුර ජනාධිපති යටතේ,තුනෙන් දෙකක මාලිමා ආණ්ඩුවක් යටතේ කථානායක එලෙව්වේ මහජන මතය නිවැරදිව පෙලගස්සලා.
ඒ විරෝධයට දහස් ගණන් සමාජ බලවේග එකතු වුනා.ඒක නිසා අනුර සහ අනුරගේ ආණ්ඩුව මතක තියාගන්න ඕනි මහජන බලය තියෙන්නේ ආණ්‌ඩුව ඇතුලේ නෙවෙයි.ඒ වගේම විපක්ෂයේ මහත්තුරු මතක තියාගන්න ඕනි මහජන බලය තියෙන්නේ විපක්ෂය ඇතුලේත් නෙවෙයි.මහජන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් එලියේ මහ සමාජය ඇතුලේ.ඒ මහජන බලයට ඕනිම වෙලාවක අවධි වෙන්න පුළුවන් වගේම අවධි කරගන්නත් පුළුවන්.ඒ කලාව ජවිපෙට වැඩිය හොඳට අපි දන්නවා.
හැබැයි අපිට ගෝල්ෆේස් අරගලය වගේ අසංවිධානාත්මක අරගලයක් මේ රටට ආය ඕනි නෑ.ඒ වගේම අනුරගේ ආණ්ඩුව කඩාවට්ටන්න අපිට ඕනි නෑ වගේම මේ විපක්ෂය බලයට ගේන්නත් අපිට ඕනි නෑ.දැනට අපිට ඕනි ජවිපෙ මේ ඉන්න වැඩවසම්,උද්දච්ච සහ ග්‍රාම්‍ය සංකල්පයෙන් මහ පොලොවට ඇදලා ගන්න විතරයි.මේ රටේ ජනතාව හැමදේම ඉවසන්නේ එක්තරා දුරක් දක්වා විතරයි.ජනතාව ඇනපු ටොක්කෙන් ජවිපෙට ඒ නුවන පහල උනොත් හොඳයි.
කථානායකගේ ඉල්ලා අස්කරලා ජවිපෙ පරාජය පිලිගත්තට තවම වරඳ පිලිඅරගෙන නෑ.
කොහොම උනත් තමන්ගේ අධ්‍යාපනය සුලුසුකම් ගැන බොරු කියපු මැති ඇමතිවරුන්ට ජනතාව ඉදිරියේ දඩුවමක් තියෙන්න ඕනි.එහෙම නැතිව සියල්ල රන්වල පිට පටවලා ජවිපෙ ඇතුලේ තියන කුහක ප්‍රතිපත්තිය ආරක්ෂා කරගන්න ඉඩදෙන්න බෑ.තමන්ගේ ගෝලබාලයෝ තවදුරටත් ඒ දේශපාලන කුහකකම ඇතුලේම තියාගන්නවාට එරෙහිව ජවිපෙටත් දඩුවමක් තියෙන්න ඕනි.රන්වලගේ සිද්ධියෙන් පාඩමක් ඉගෙනගෙන පියවරක් පස්සට තියලා නැවත හිතලා බලන්න ජවිපෙ තව පොඩි කාලයක් තියනවා.
මොකද රන්වල අයින් කලා කියලා මාලිමාවෙන් එන පෙරේත ගඳ තවමත් තියනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

May be an image of 2 people and people smiling

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *