වැඩ සටහන සාර්ථකයි ; එකඟත්වයට පැමිණියා – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ අදියර සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ ය.
එයට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ඵල දරන බව එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ සංචාරයකින් පසු මුල්‍ය අරමුදල මෙම නිවේදනය නිකුත් කොට තිබේ.
