වැට් බලපෑමක් නැහැ – ජාතික උද්ධමනය පහළට

ආණ්ඩුව වැට් බදු වැඩි කිරීම නිසා රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ යනු ඇති බවට විපක්ෂය කළ පුරෝකථන බොරු කරමින්, 2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට ජාතික උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වෙයි..
2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ.
එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත. වැට් බදුවල වැඩි ම බලපෑමට ලක් වන්නේ මෙම ආහාර නොවන කාණ්ඩය යි.
