අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලාංකීය මොඞ්ල් එකක ආර්ථික ප්‍රතිපත්තියක් – ආචාර්ය කුමුදු කුසුම් කුමාර
නව ලිබරල්වාදී අර්ථ ක්‍රමය අපි වැළඳගත්තට, නව ලිබරල් ආර්ථික ක්‍රමය ආරම්භ කළ, පවත්වාගෙන ගිය ලෝකයේ සෑම රටක්මපාහේ තීරණය කරල තියෙනව තව දුරටත් ඒ ක්‍රමය තුළ රටක ආර්ථිකයක් දියුණුව කරා ගෙනියන්න බැහැ කියල. එවැනි අසාර්ථක ආර්ථික ක්‍රමයක් අනුගමනය කරීමට නව ආණ්ඩුවත් උත්සාහ කිරීම රටට ඵලදායි වෙයිද?
එය වැදගත් ප්‍රශ්නයක්. නව ලිබරල් වාදය අසාර්ථක බව, නව ලිබරල්වාදි කඳවුරෙන්ම දැන් දැන් පිළිගනිමින් තිබෙනව. උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ක්‍රියාකාරි විද්වතුන්ම මේ වෙනකොට මේ ප්රශ්නය මතු කරල තියෙනව. විචාරශීලී වාමාංශික චින්තකයන් මේ ප්රශ්නය කාලයක් තිස්සේ මතුකරල තියෙනව. ඇමරිකාවෙ ට්‍රම්ප් ජනාධිපතිවරණයට පත්වීම තුළ මේක ගෝලීය තලයේ දේශපාලන ගැටලූවක් වශයෙන් මතුවෙලා තියෙනව. බටහිර රටවල් හැම එකකම වාගේ ආරක්ෂකවාදී. ජාතිකවාදී ආර්ථික ක්‍රමවලට යෑමේ ප්රවනතාවයක් ඇතිවෙලා තියෙනව.
ඇයි එහෙනම් ආණ්ඩුව මේ ලිබරල් ආර්ථික ක්‍රමයෙම එල්බගෙන, මේකම ක්‍රියාත්මක කරන්න හදන්නෙ කියන එක ප්‍රශ්නයක් නේද?
ඒකට හේතුව වශයෙන් මම දකින්නේ, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයට දීඝ_ කාලයක් තිසේසේ සිහිනයක් තියෙනව රටේ ආර්ථිකය දියුණු කිරීම පිළිබඳව. ඔහු ජීවිත කාලයක් තිස්සේ දකිමින් සිටින සිහිනය තමයි කෙසේ හෝ රටේ ආර්ථිකය වශයෙන් ශක්තිමත් කිරීම. ඒ උවමනාව ඔහුට තිබෙන බව පේනව. ඔහු උපදෙස් පතන හාවඞ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කෙනඩි ගුරුකුලයේ විශේෂඥයන්ගෙන් ලැබෙන උපදෙස් මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව නිල වශයෙන් පිළිඅරගෙන තියෙන ප්‍රතිපත්තිය තමයි තනිකරම වෙළඳ පොල විසින් ආර්ථිකය හසුරවන මේ ආර්ථික ක්‍රමය ඇතුළෙ රටක ආර්ථිකය දියුණු කරන්න පුලූවන් කියන එක. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තියට ඒ අදහස බලපාන්න පුලූවන්. ගැටළුව තියෙන්නෙ එයින් ඇතිවිය හැකි ඵලවිපාක පිළිබඳව කිසිවෙක් සැලකිල්ලකට ගන්න බවක් නොපෙනීමයි.
ගොලීය වශයෙන් මේ පිළිබඳව අත්දැකීම් තියෙනව. 2008 සිට ඇමරිකාවෙන් පටන් අරගෙන පැතිරිලා ගිය ආර්ථික අවපාතය තුළ රාජ්‍ය මැදිහත් වීමක් තුළින් තමයි, පෞද්ගලික ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, නිෂ්පාදන ආයතන ආදිය අර්බූදයකට යෑමෙන් ගලවා ගත්තේ. ආර්ථික අවපාතයක් ඇතිවීම අවම කරගැනීමට හෝ කල්දැමීමට රාජ්‍ය මැදිහත්වීම සිදුවෙලා තියෙනව. අපි දැක්කා බොහෝ රටවල්වල ආර්ථික අවපාතයත් එක්ක රාජ්‍ය මැදිහත්වීම සිදුවෙනව. ජර්මනිය. ස්පාඤ්ඤය, ග්‍රීසිය, ඉතාලිය වගේ රටවල් ඒකට මුහුණ දුන්නා. එහෙම අත්දැකීම් තිබිය දී මේ අය මේක විශ්වාස කරන්නේ ඊට වඩා දෙයක් නොදන්නකම නිසා වෙන්න ඇති.
ලෝකයේ දැනුම සම්පාදනය වෙලා තියෙන හැටියට එක්කෝ ධනවාදය තියෙන්න පුලූවන්, නැත්නම් සමාජවාදයක් තියෙන්න පුලූවන් කියන මදවාදයක් තියෙනව. සමාජවාදය සැබෑලෙස ක්‍රියාත්මක වුනු රුසියාව, චීනය වගේ නැගෙනහිර යුරෝපයේ රටවල්වල එය අසාර්ථක වූ අත්දැකීමක් බවට පත්වෙනව. සමාජවාදී ක්‍රමය තුළ ම ඒ ක්‍රමය පවත්වාගෙන යාමේ ගැටළු ඇතිවුණා. ඒ ක්‍රමය තුළ එක්තරා නිලධාරි පංතියක් බිහිවෙලා, කිසියම් ඒකාධිකාරි තත්ත්වයන් ආර්ථිකය සැලසුම් කිරීමක් ගොඩනැගිල තිබුණ. ඒ තත්ත්වය තුළ ලිබරල් වාදය හා ධනවාදය තමයි ලෝකයේ පැවතිය හැකි ආර්ථිකය බවට පිළිගැනීමක් ඇතිවුණා. ධනවාදී රටවල සුභසාධනය ගත්තත් එය ධනවාදය තුළ ගොඩනැගුණ දෙයක්.
මේකෙ තියෙන ගැටලූව තමයි, ධනවාදය සුභසාධනය දක්වා, නැත්නම් සමාජ ප්රජාතන්ත්රවාදය දක්වා යාමට හැකියාව ලබාගන්නේ කාර්මිකකරණය පදනම් වූ ආර්ථික සංවර්ධනයක් ඇති වූ රටවල්වල. බටහිර දියුණු ධනපති රටවල් සියල්ල වර්ධනය වුනේ ඒ අවදියෙ. අද වෙනකොට ලෝකයේ තත්ත්වය වෙනස්. අපේ රටේ ධනේශ්වර ආර්ථිකයක් ගොඩැංවීමේ වැඩපිළිවෙලක් කර්මාන්ත ක්‍රමයක් මත පදනම් වෙලා ක්‍රියාත්මක වෙනව නම්, ඒක කිසියම් ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමේ වැඩපිළිවෙලක් වෙන්න පුලූවන්. රටේ දේශීය ආර්ථිකයේ දිගුකල් පවත්නා වර්ධනයක් ඇතිකරග ගැනීමට නම්, කර්මාන්ත පදනම් වූ දේශීය නිෂ්පාදනයන් වර්ධනය විය යුතුයි.
එසේ නම් ආණ්ඩුවකට කර්මාන්ත ප්රදනම් වූ එවැනි සංවර්ධනයකට යාමට හැකියාව තියනව නේද?
අපි මේ ලෝකයේ ජීවත්වෙන යුගය අනුව බැලූවම ලංකාව වගේ රටකට එවැනි කර්මාන්ත සංවර්ධනයක් අත්පත් කරගැනීමට එළඹීමේ පහසු මාර්ගයක් පෙනෙන්නේ නැහැ. ඒ සඳහා ආයෝජන අවශ්‍යයි. ඒ සඳහා අද ගෝලීයව පලල්වෙලා තියෙන්නේ සේවා ආර්ථිකයයි. ගෝලීය වශයෙන් ආයෝජන මුල්වෙන්නෙ සේවා ආර්ථිකය මුල්කරගෙන. ලංකාවෙ වැඩිවශයෙන්ම මුල්වෙලා තියෙන්නෙ සේවා ආර්ථිකය. දල දේශීය නිෂ්පාදනයේ කෘෂිකර්මයේ දායකත්වය අඩුවෙමින් පවතිනව. කර්මාන්තවල ලොකු වර්ධනයක් රට තුළ ඇතිවෙන්නෙ නෑ. සේවා ආර්ථිකය පළල් වෙනව. සේවා ආර්ථිකය කියන්නෙ වෙළඳාම මත පදනම් වෙච්ච, නිෂ්පාදනයක් සිදු නොවෙන ක්ෂේත්රයක්. වෙළෙඳ සේවා හෝ භාණ්ඩ සැපයීම, හුවමාරුව, ඒවායින් ලැබෙන කොමිස් මුදල්, ලාබ ප්‍රතිශත මත පදනම් වෙන ආර්ථිකයක්. එවන් ආර්ථිකයකට දිගුකල් පවත්නා ආර්ථිකයක පදනම වීමේ හැකියාවක් නෑ. ඒ වගේ තත්ත්වයක් තුළ තමයි සංචාරක ව්‍යාපාරයට මුල් තැනක් දෙන්න හැම ආණ්ඩුවක්ම හිතන්නෙ. සංචාරක ව්‍යාපාරය කියන්නෙ සේවා කර්මාන්තයක්. එකෙත් බරපතල ගැටලූ තියෙනව. ආයෝජනය කොයිතරම් දුරට සිදුවෙනවද කියන එක?
සේවා ආර්ථිකයක් පවතින පවතින ගෝලීය ආර්ථිකයක් තුළ ලංකාවෙ කර්මාන්ත සංවර්ධනය සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනව. ඉන්දියාවෙ වගේ ලංකාවේ ස්වායක්තව වර්ධනය වෙච්ච දේශීය ධනේශ්වර පංතියක් නැහැ, සම්ප්‍රදායික මාක්ස්වාදී විග්‍රහය තුළ ඉඳෙ`ගන බැලූවොත්, ඒක විග්රහ කරල බලන්න වෙනව ඇයි එහෙම වෙලා නැත්තෙ කියල. අපිට තියෙන්නෙ වාණිජමය කටයුතු මත පදනම් වෙච්ච ධනේශ්වර පංතියක්. ඒ කුඩා ධනේශ්වර පංතියකින් ආයෝජන බලාපොරොත්තු වෙන්න බෑ.
එසේ නම්, අපේ රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රාග්ධන පහසුකම්, ආයෝජන ලබා ගන්නේ කොහොමද කියන ගැටළුව මතුවෙන නේද?
ඒකට තියෙන්නෙ පිටරටින් ණය අරගෙන අදෝව්යහුය, නැත්නම් යටිතල පහසුකම් වර්ධනය කර ආයෝජයන් ගෙන්වා ගැනීම, වරායවල්, ගුවන් තොටුපොලවල් හැදීම, මහා මාර්ග දියුණු කිරීම කළ යුතුයි. මහින්ද රාජපක්ෂ කෙරුවෙ ඒ කටයුත්ත. ඒ තුළින් ඒ ගොල්ල බලාපොරොත්තු වුනා කිසියම් ආර්ථික සංවර්ධනයක් ජනිත වෙයි කියල. එහෙත් එහෙම වුනේ නෑ. එකෙන් වුනේ කොමිස් මුදල්, කොන්ත්රාත්වලින් උපයාගන්නා මුදල් මත පදනම් වෙච්ච අලූත් සුළුධනේශ්වර පංතියක් සමාජයේ ගම්බද ඉඳල බිහිවුණා.
මේ තත්ත්වය තුළ වර්තමාන ආණ්ඩුවත් කර්මාන්තපුර සංවිධානය කරන බව අපිට පේනෙනවා. හම්බන්තොට මුල්කරගෙන ඊයෙ පෙර්දා මුල්ගලක් තැබුවෙ ඒ නිසා තමයි. ඒ එක්කම එක ගැටළුවක් අපිට පේනෙනවා කර්මාන්තපුරවල, කර්මාන්ත සඳහා ආයෝජනය කරන්න ලංකාවට විදේශ විනිමය ගලාඑන බවක් පේන්නෙ නෑ. අපිට අවශ්‍ය වුවත්, විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ ගැටළුවක් තියෙනව.
නගර සංවර්ධනය සුලූ පරිමාණ වශයෙන් හෝ පටන් ගන්න මීට අවුරුදු තිහ හතලිහක සිට හැම ආණ්ඩුවක්ම උත්සාහ ගන්නව. නමුත් ඒක සිද්ධ වෙන්නෙ නෑ. මේකෙ තියෙනව කිසියම් දේශපාලන ගැටළුවක්. මෙතනදි අපි කළයුතු වෙන්නෙ මීට විකල්ප සංවර්ධන මාවතක් ගැන සොයන එකයි. ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයන් අනුව ගෝලීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අපට ගැලපෙන ආර්ථික සංවර්ධන මාවතක් සකස්කර ගැනීම කළ යුතුව තිබෙනව.
කුමක්ද ඔබ අදහස් කරන, අපේ රටට ගැලපෙන ආර්ථික සැලැස්ම?
ආර්ථික දියුණුවකට ඇති බාධක තේරුම්ගත යුතු වෙනවා. මෙතන ඇතිවෙලා තියෙන ප්‍රධාන තම බාධකය තමයි, සියලූ ආණ්ඩු හිතන්නෙ මහා දෑවැන්ත සංවර්ධනයක් තුළින් රටේ ප්‍රශ්න, එක ආණ්ඩුකාලයක් තුළ විසඳීය හැකි ආකාරයේ වේගවත් ආර්ථික සංවර්ධනයක් කිරීමට. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඒ ගැන තදින් සිතන බව පේනවා. මහින්ද රාජපක්ෂ රෙජීමයත් බර යෙදුවේ එබඳු ව්‍යාපෘතියකට. නමුත් ඒක සිද්ධ වුනේ නෑ.
දේශපාලකයන්ට තියෙන ලොකුම නොහැකියාව තමයි රටක ජනතාව සමග එකතුව, ඔවුන්ගේ සිතුම් පැතුම්, අපේක්ෂාවන් තේරුම් අරගෙන ඒවත් එක්ක ගැලපෙන ආකාරයේ සංවර්ධන වැඩවලට යෑම. ඒ වෙනුවට අපිට හැමතිස්සෙම තියෙන්නෙ පිටරටින් ගන්න ආකෘති. රට සිංගප්පූරුවක් කරන්න, මැලේසියාවක් කරන්න ඒ වගේ මොඞ්ල් එකක් කරන්නයි උත්සාහ ගන්නෙ.
අපිට අවශ්‍ය වන්නේ ලාංකීය මොඞ්ල් එකක්. ලාංකීය ආකෘතියක් අපි හදාගන්න ඕනැ. අපිට ස්වදේශීය ආර්ථිකයක් අනුව ආර්ථිකය ගොඩනගා ගැනීම තුළින් ක්ෂණික ප්‍රතිඵළ බලාපොරොත්තු වෙන්න බැරිවෙයි. ඒක හෙමින් ගමනක් වෙයි.
මහවැලි ව්‍යාපෘති සැලැස්ම ඉස්සරවෙලාම ආවම සිරිමාවෝ බණ්ඩාර මැතිණියගෙ ආණ්ඩුව තීරණය කළේ මහවැලි ව්‍යාපෘතිය අවුරුදු 30කින් විතර නිම කරන ව්‍යාපෘතියක් බවට ක්‍රියාත්මක කරන්න. ඒකෙ තිබුණා ශ්‍රම සූක්ෂම ආයෝජන සැලැස්මක්, අපේ ශ්‍රමිකයන් උපරිමයෙන් මේකට යොදා ගන්න. සාමාන්‍ය මිනිස්සුන්ට ආදායමක් ලැබිල, ඔවුන්ගෙ ආර්ථිකයට සහනයක් ලැබිල ඒ තුළින් ග්‍රාමීය සංවර්ධනයක් කිරීමේ අපේක්ෂාවක් තිබුණ. ඒක ජේ.ආර්. ජයවර්ධනගෙ රජය විසින් අවුරුදු 5ක කඩිනම් මහවැලි ව්‍යාපාරයක් බවට පරිවර්තනය කෙරුව. ඒක කෙරුව කියල අදටත් අපිට සහලින් ස්වයං පෝෂිත වෙන්න බැරි වුණා. ඒ විදියෙ ගැටළු මතුවුණා.
කාලයක් ලංකාවේ තිබුණා ශක්තිමත් සමූපාකාර ව්‍යාපාරයක්. සාමාන්‍ය ජනයාගේ අපේක්ෂාවන් තරකෙරන ඒ විදිහේ වැඩ පිළිවෙලවල් ගැන අපිට හිතන්න පුළුවන්. ඒකට දැන් වුනත් ප්‍රමාද නෑ. ඉතින් ඒ දේශීය වශයෙන් හිතලා, අපේ ඉතිහාසයේ මුල්බැස ගත්ත, අපේ සම්ප්‍රදායන්ට ගැලපෙන ආර්ථික වැඩපිළිවෙලවල් ගැන හිතන්න කාලය ඇවිල්ල. මම මෙහිදී කියන්නෙ සිංහල ජාතික වාදී සංකල්පයක් ගැන නෙමෙයි.
මහින්ද රාජපක්ෂ කඩිනම් ව්‍යාපෘති මගින් රට සංවර්ධනය කරන්න උත්සාහ ගත්තත්, රට තුළ යහ පැවැත්මක් තිබුණෙ නැහැ. මානව හිමිකම් උල්ලංගනයවීම්, මාධ්‍යවේදීන් ඝාතනය වීම් වගේ දේවල් සිදුවුණා. ඒ තත්ත්වය තුළ ජාත්යන්තරයෙදි අපේ රට කොන්වුනා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා කෙරේ යහපත් ප්‍රතිචාරයක් ජාත්‍යන්තරය තුළ ඇති වෙලා තියෙනව. ඒ මගින් රටට යහපත් ප්‍රතිඵල අපේක්ෂා කරන්න පුලූවන්ද?
මහින්ද රාජපක්ෂ පාලනය තුළ කර්මාන්ත සංවර්ධනය කරන්න ලොකු උත්සාහයක් ගත්තෙ නෑ. ඔහු වැඩිපුරම කෙරුවෙ යටිතල පහසුකම් වර්ධනය කිරීම. ඔහු කෙරුවෙ වරාය, මහාමාර්ග, ගුවන්තොටුපළවල් වැනි දේවල් හදන ඒක. නමුත් ඒකෙන් බලාපොරොත්තු වූ දේ සිදුවුනේ නෑ. නමුත් ඔබ කිවූ පරිදි මහින්ද රාජපක්ෂ පාලනය කාලේ මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංගනය වුනා. දේශපාලන නිදහස දැඩි ලෙස මර්ධනය වුනා. දැන් ඒ තත්ත්වය වෙනස්. වත්මන් ආණ්ඩුව කෙරෙහි ජාත්‍යන්තරය තුළ පැහැදිලිවම ප්‍රසාදයක් ඇතිවෙලා තියෙනව. නමුත් එය තුළ වුවත් දැන් දැන් ගැටළු ඇතිවේගෙන එනවා.
මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා මහජනයාගෙන් ප්රජාතන්ත්රවාදය, මානව නිදහස ගැන කෙරුණු බලකිරීම් මත ඒවා ලබාදීමට. නමුත් දැන් ඔවුන් හැසිරෙන්නේ තමන්ගේ සානුකප්පිකභාවය නිසා ඒවා ජනතාවට දෙන දේවල් විදිහට. මේ පිළිබඳව ඔවුන්ගේ තිබෙන ආකල්ප බරපතල ගැටලූවක්. මේ රටේ ජනතාව මේ රජය යටතේ ලබාගත්ත මාධ්‍ය නිදහස දැන් මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙලා තියෙනව. ඔවුන් කැමති නැහැ මාධ්‍ය මගින් මේ ආණ්ඩුව කරන වැඩපිළිවෙලවල් විවේචනය කරනවට, හෙළිදරව් කරනවට. විශේෂයෙන්ම අගමැතිවරයාගේ පාර්ශ්වය උත්සාහ කරනව යම්කිසි පාලනයකට, ජනාධිපතිවරයත් වරක් ප්‍රකාශයක් කෙරුව මාධ්‍ය කිසියම් ආකාරයකිසන් හසුරුව ගන්න අවශ්‍ය බවට. ඒක මේ ආණ්ඩුවේ මානවහිමිකම් ගැන තියෙන ආකල්පයට කළු පැල්ලමක්.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වගේ මේ ආණ්ඩුවෙන් මිනිස්සු උත්සගෙන යනනෙ නෑ. ඒ ගොල්ලම ඒක කියනව. අපිට රාජපක්ෂ රජයේ මර්ධනය මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මනින්න කොන්දේසියක් විදිහට ගන්න බෑ. මිනිස්සු මහින්ද රාජපක්ෂ පාලනය පලවා හැරියේ එය දුර්දාන්ත පාලනයක් නිසා. මේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රසස්ථ ආකාරයේ ප්රජාතන්ත්රවාදය, නිදහස, මානව අයිතිවාසිකම්.
අපිට පේනවා මේ අයත් පොලීසිය, අධිකරණය පවා පාවිච්චි කරනවා, අයිතිවාසිකම් ඉල්ලලා වීදි බසින, මහජනතාවගේ උද්ඝෝෂන කිරිමේ නිදහස සීමා කරන්න. පසුගිය ආණ්ඩුව මහජන ක්‍රියාකාරකම් නවත්වන්න උසාවි තීන්දු ගෙනාවා වගේම, එන්න එන්නම මේ ආණ්ඩුවත් එසේ කරමින් ඉන්නව. මේ අයත් ඒ සම්බන්ධයෙන් අවදානම් සහගත මාර්ගයක තමයි ගමන් කරමින් ඉන්නෙ.
ඒ වුනත් ජනවාර්ගික ප්රශ්නය විසඳීමේ කටයුත්තේ දී මේ රජය සාධනීය ප්රවනතාවයක් දක්වනව නේද?
ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගන්න මේ අයට ප්‍රධාන හේතුවක් වෙන්නෙ, ජනවාර්ගික ප්රශ්නය විසඳීමට නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නව කියල මේ අය පෙන්නපු අවබෝධය මත. නමුත් දැන් අපිට පේනවා මේ ආණ්ඩුව සූදානම් නැහැ දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කල්පවත්නා විසඳුමක් දීම සඳහා, සිංහල සමාජය දිනාගැනීමට සක්‍රීයව ක්‍රියාකරන්න. දැනටමත් මේ ආණ්ඩුවෙ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය බරපතල ප්‍රතිසංස්කරණ වලට නොයන බව පේනව. රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයෙන් පේන්නේ, මෙම ප්රශ්නය විසඳන්න ඔහුට දිගුකාලීන දේශපාලන උවමනාවකට වඩා ඇත්තේ ඔහුගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය රැුකගැනීමේ ප්‍රායෝගික උවමනාවක් කියලයි.
මහින්ද රජපක්ෂ මහතාවගේ ම මෛත්‍රීපාල සිරිසේන මහතාත් උත්සාහයක නිරත වෙනවද දන්නෙ නෑ සිංහල බෞද්ධ ඡුන්ද පදනම දිනා ගැනීම සඳහා.
මේ වෙනකොට ඒක පැහැදිලියි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් ක්‍රියාවෙන් ජාතිවාදියෙක් නෙමෙයි. නමුත් ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ සියලූ දේට හවුල් වුනා. එහෙත් ඔහු ක්‍රියාවෙන් ජාතිවාදියෙක් ලෙස පෙන්නුම් කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඔහු ජනවාරි 8 වෙනිදායින් පසුව ගත් තීන්දුවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික වාදී හා ජාතිවාදී පිලේ නායකයා බවට පත්වෙනව. ඔහු උත්සාහයක නිරත වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත්කොට රැුකගැනීමට. ඒ නිසා එයට අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට ඔහු ජාතිකවාදයට තල්ලූවෙලා කියලා හිතන්න පුලූවන්. ඔහු එසේ කරන්න ඇත්තේ ජාතිකවාදී පිල දිනා ගැනීම සහ ඒ පිලත් එක්ක මැතිවරණයකට යාමට සූදානමක් ලෙස වෙන්න පුළුවන්.
ලංකාවේ එක් විෂයයක් සඳහා අමාත්‍යාංශ හා කාර්යාංශ වැඩිපුරම තියෙන්නෙ ජාතීන් අතර සංහිඳියාවක් ඇතිකිරීම සඳහා. ඍජුවම ආමාත්‍යාංශ දෙකක් තියෙනව. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යටතේ කාර්යංශයක් තියෙනව, තවත් දේශීය හා ජාත්‍යන්තර සංවිධාන ඒ සඳහා මැදිහත් වෙනව. ඒ වුනත් ඒ පිළිබඳව කිසිම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙන බවක් පේන්න නැහැ නේද?
දැනුවත්ව නම් මේ පිළිබඳව කිසියම් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ආරම්භ කරල නෑ. ව්‍යවස්ථා සම්පාදනය ආරම්භ වෙන්නෙ මහජන අදහස් විමසීමේ කමිටුවක් පත්කිරීමෙන්. ජනවාර්ගික ප්රශ්නයේ එක පාර්ශ්වයක් ව්‍යවස්ථා සම්පාදනය පැත්තට එකතු වෙනව. එහිදී ඔවුන් උත්සාහ කළේ මේ ප්රශ්නයේ දී මහජනයගෙ අදහස් සලකා බලනවා කියල පෙන්නුම් කරන්න. හැබැයි ඒකෙදිත් ආණ්ඩුව කිසියම් සක්‍රීය ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ ඒ කටයුත්ත ඉෂ්ට කිරීමට. මූලික වශයෙන් කමිටුව පත්කරල නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ඒ කටයුක්ත කරගෙන ගියා. ඒ කමිටුවාර්තාව ගැන ඒ අය ක්‍රියාකරපු ආකාරය ප්‍රශ්න සහගතයි. එය මේ වෙනවිටත් පාර්ලිමේන්තුවට සභාගතකරලත් නැහැ. මන්ත්‍රීවරුන්ට දුන්නා බව කියනව. ඒ වාර්තාව පදනම් කරගෙන සාකච්ඡුා කළා කියනව, ව්‍යවස්ථා සම්පාදනයය පත්කරපු අනු කමිටුව විසින්. නමුත්, එහිදී අපිට පේනවා ඒ අනුකමිටුවල වාර්තා අරගෙන බැලූවම මහජනයාගෙන් එල්ලවෙච්ච මූලික අදහසක් වන සමාජ ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම පිළිබඳව කිසියම් ගැටළු සහගත තත්ත්වයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් එල්ලවෙලා තියෙනව.
ඒ වගේම සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය සක්‍රීයව එයට නායකත්වය දෙන්නෙ නෑ. ඒක මුල ඉඳලම දකින්න තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ටිකක් හෝ මේ ගැන කතාකරනව. අගමැති රනිල් වික්‍රමසිංහ එතරම්වත් කතා කෙරුවෙ නෑ. දේශපාලන විද්වතුන් මේක පෙන්නලා දීලා තියෙනව මේකට දේශපාලන නායකත්වයක් අවශ්‍යයි කියල.
හිටපු ජනාධිපතිතුමිය මේ දෙදෙනාටම වැඩිය මේ ප්රශ්නය සම්බන්ධයෙන් ප්රගතිශීලි ස්ථාවරයක් දරනවා නේද?
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කවදාවත් ජනවාර්ගික ප්රශ්නය සම්බන්ධයෙන් ජාතිකවාදී ස්ථාවරයකවත් ඉඳලා නැහැ. ඒක අපි පිළිගන්න ඕනැ. මේ පිළිබඳ සාර්ථක විසඳුමකට යන්න ඇයගේ ආණ්ඩුකාලය තුළ ඇයට යන්න බැරි වුනා. මේ රටේ ජනතාව ඇයව 62%ක් දීලා ජනාධිපතිකෙරුවා. ජනවාර්ගික ගැටළුව ලෙස මූලික සටන්පාඨයක් ලෙස මැතිවරණයේ දී ගෙනවිත් තිබියදීත් බහුතර ජනතාව ඇයට ඡුන්දය දුන්නා. නමුත් ඇයට ඒක කළ නොහැකි වුණා. එයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. යම් අසාර්ථක භාවයක් එතන තිබුණා. ඒ නිසාමද කොහෙද ඇය අද වෙනකොට මේ රජය යටතේ සංහිඳියා යාන්ත්‍රණය බාර අරගෙන එහි මූලික වැඩ කොටසක් කරන බව පේනවා. ආණ්ඩුවෙ අභ්‍යන්තර ගැටුම්වලට එහි ක්‍රියාකාරිත්වය මූණ දීල තියෙනව.
මේ පිළිබඳව ඇති අමාත්‍යාංශ සහ කාර්යාංශ නිසි පරිදි කළමණාකරනය කිරීමේ නොහැකියාවක් ආණ්ඩුවට තියෙනව. ඔවුන් අතරත් ගැටුම් නිර්මාණය වෙලා තිබෙන නිසා එය පැහැදිලියි.
යහපාළන රජයට උදව් කරපු කණ්ඩායම් හා පසුගිය මැතිවරණයේ දී නිහඬව සිටිය දේශපාලන පක්ෂ මේ රජය ගැන කලකිරීමෙන් යුතුව නව බලවේගයක් ගොඩනැගීමට සූදානම් වන බවට ආරංචියක් තියෙනව. ජ.වි.පෙ. පෙරටුගාමී පවා බේද අතැහැර එයට ගොනු වීමට යන බවට ආරංචියක් පැතිරෙනව. එහෙම තත්ත්වක් නිර්මාණය වීමේ පසුබිමක් මේ වෙනකොට පවතිනවද? එයට ජනතාව මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද?
තුන්වෙනි බලවේගයක් පිළිබඳ අදහස අපේ සමාජය තුළ තිබුණු අදහසක්. එය වරින් වර මතුවෙමින් තිබුණා. එවැනි සංවිධානයක අරමුණ වෙන්නෙ සංධානයක් හදලා ආණ්ඩුවක් දිනීම නම්, ඒ සඳහා කුමක් පදනම් විය යුතුද කියන කාරණය තමයි වැදගත් වෙන්නෙ. එවැනි ව්‍යාපාරයක නායකත්වය හිමිවිය යුතුව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව පිළිබඳව හැසිරී තිබෙන ආකාරය පිළිබඳව ඔවුන් ගැනත් කලකිරීමක් ජනතාවට තියෙනව. ඒකට හේතුව මට හිතෙන විදිහට ඔවුන් මේ ආණ්ඩුව පිළිබඳව කිසියම් අවබෝධයක ඉඳලා තියෙනව, ආණ්ඩුවට කොතරම් ප්‍රශ්න ආවත් මොනයම් දේශපාලන ව්‍යාපාරයක නිරත වෙන්නෙ නෑ කියන හැ`ගීමක්.
ළ`ගදි ජනතා විමුක්ති රෙමුණ කියල තිබුණ 2017 ආරම්භ වෙන්නේ මේ ආණ්ඩුව ගෙදර යැවීමේ ව්‍යාපාරයත් එක්ක කියල. එතකොට අහන්න සිද්ධ වෙනව පසුගිය අවුරුදු දෙක ඇතුළත එයාලා සිටියේ මොන ව්‍යාපාරයේද කියල. සැබෑ ලෙස, අවංක ලෙස ජනතාවත් සමග දේශපාලනයක් කරනව නම්, ඒ වගේ ස්ථාවර කිසිසේත්ම සාධනීය වෙන්නෙ නෑ. මේ ආණ්ඩුව කෙරේ ජනතාවගෙ ඇති අප්‍රසාදයෙන් කොටසක් ඔවුන්ටත් අයිතියි. එබඳු විවේචන තිබියදීත් ඔබ සඳහන් කරන ව්‍යාපාරයක් ජනතාව එක පාරටම උද්යෝගයකින් යුතුව වැළඳගන්න එකක් නැතිවෙයි.
මෙතන තිබෙන ගැටළුව නැවත වෙනත් ආණ්ඩුවක් පත්කර ගැනීම නොවන බව මහජනතාවට ඒත්තු යමින් තියෙනව. ජනතාවට විශේෂයෙන් තරුණ කොටස්වලට අවබෝධ වෙමින් පවතිනව, මේ පවතින ක්‍රමයෙම ගැටලූවත් තියෙනව කියල. වෙනත් ආණ්ඩුවක් බලයට පත් කළත් මේ ක්‍රමය දිගටම පවතිනු ඇත්ද කියා සිතීමට ජනතාව පෙළඹීමට ඉඩ තියෙනව. එවැනි තුන්වෙනි බලවේගයකට බලයට එන්න මේ ලංකාවේ දේශපාලන ප්‍රභූ පැලැන්තියෙ ප්‍රමුඛයන් කොතරම් ඉඩදෙයිද කියන ප්‍රශ්නයත් පැනනැගෙනව. අනිත් එක මහින්ද රාජපක්ෂ බලවේගයත් තවත් බලවේගයක් වශයෙන් එතන ඉන්නවා. අපිට තුන්වෙනි බලවේගයක් වශයෙන් කතා කරන්න වෙන්නෙ මෛත්‍රීපාල පිලත්, මහින්ද පිලත් එකට එක්සත් වූ තත්ත්වයකයි. එහෙම නැත්නම් තුන්වෙනි බලවේගය වෙන්නෙ මහින්ද රාජපක්ෂයි. එයත් තවම නොවිසඳුන ගැටළුවක්.
මහින්ද රාජපක්ෂ තුන්වෙනි බලවේගය වීමේ හානිදායක තත්ත්වය නිසා තමයි විකල්ප මෙවැනි බලවේගයක් ඇතිවිය යුතුයි කියා අදහස් කරන්නෙ. නැත්නම් ආපහු එන්නෙ හිටපු තැනටත් වඩා දරුණු තැනකට වෙන්න පුලූවන්.
තුන්වෙනි බලවේගයක් වශයෙන් විත් මහින්ද රාජපක්ෂ යළිත් පාලන බලයක් ලබාගැනීවිද කියන තත්ත්වයක් දැන් මතුවෙමින් තියෙනව. ප්‍රාදේශීය සභා මැතිවරණවලදී මහින්ද රාජපක්ෂ පිලට කිසියම් ජයග්‍රහණයක් අත්පත්කරගන්න පුලූවන් වෙන්න ඉඩතියෙනව. පසුගිය රජය තුළ වර්ධනය වෙච්ච දේශපාලන පංතියක් ග්‍රාමීය වශයෙන් ඉන්න බව පේනවා. නමුත් ජාතික තලයට පැමිණීමේදී මේ ගතිකය රාජපක්ෂලාට එතරම් වාසිදායක නොවන බව මගේ අදහසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට චන්දය දුන් බිලියන 6.2ක ජනතාව, ඒ පිරිස නැවත ජාතිවාදයට හරවා ගැනීමේ නොහැකියාවක් තියෙනව. ඒක පහසු වෙන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අයිති වෙන්නෙ ප්‍රගිතිශීලි දේශපාලන ධාරාවට. ඒ තුළත් ඉන්නවා උග්‍ර ජාතිවාදී නොවන ප්රගතිශීලි ආස්ථානයන් ගන්න කොටස්. මේ අනුව බලනවිට මහින්ද රාජපක්ෂට නැවත ජාතික තලයේ දේශපාලනයකට ඒමේ හැකියාවක් නැහැ.
