කොළඹ කොරෝනා පාලනය ෆේල් – වෛද්‍ය ජයරුවන් බන්ඩාර

කොළඹ නගර සීමාව තුළ කොරෝනා පැතිරීම පාලනය කරගත නොහැකි තරමට බරපතල වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බන්ඩාර පවසයි.
ඊයේ (12) නිකුත් වූ රජයේ නිළ වාර්තා අනුව කොළඹ නගරසභා සීමාව තුළ අහඹු ලෙස සිදුකල PCR පරික්ෂණවලින් 05%ක ප්‍රමාණයක් කොරෝනා වෛරසය ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් එම සංඛ්‍යාලේඛන අනුව කොළඹ නගර සීමා බල ප්‍රදේශය අතිශය අවධානම් බව වෛද්‍ය ජයරුවන් බන්ඩාර මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැවසීය.
නිසි පරිදි PCR පරීක්ෂණ සිදු කරන්නේ නම් මේ වනවිට හමුවී ඇති ආසාදිතයන් 15,000ක ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩි අංකයක් ගන්නා බවද වෛද්‍යවරයා පවසයි.
LANKATRUTH
