|

ජවිපෙ දේශපාලන දඩයමකට සැරසෙනවාද? – රටේ රාළ

” අනුර ගැන බරපතල සැකයක් ” ලිපියේ එක තැනක රටේ රාළ කිව්වා මේක ඇතුලේ තවත් භයානක කතාවක් තියෙනවා කියලා.ඇත්තටම ඒක අතිශය භයානක කතාවක්.ඒ කතාව කියන එකෙන් බරපතල ජීවිත අවධානමක් උනත් නිර්මාණය වෙන්න පුළුවන්.ඒත් මේ කතාව රට දැනගන්න ඕනි.මේ කතාව දන්න අය තවත් කීපදෙනෙක් ඉන්නවා.ප්‍රශ්න තියෙන්නේ ඒක කියාගන්න එයාලට ධෛර්යය නැති එකයි.රටේ රාළත් මේ කතාව කියන්න තීරණය කළේ වරායෙන් අභිරහස් ලෙස බහාලුම් 323 ක් පැන්නුවට පස්සේ.
ඒවා ඇතුලේ තිබුණේ ප්‍රමිතියෙන් තොර බෙහෙත් නම් කෙහෙලිය කලාට වඩා දහස් ගණන් පිරිසකට ජීවිත සහ ඇස්,හිස්,මස්,ලේවලින් වන්දි ගෙවන්න වෙයි.ඒවා ඇතුලේ තිබුණේ විෂ මත්ද්‍රව්‍ය නං අපේ රටේ තවත් තරුණ ජීවිත දස දහස් ගණනක් කුඩ්ඩෝ සහ බේබද්දෝ වෙයි.ඒවා ඇතුලේ තිබුණේ රත්තරන් නං අපේ රටේ ආර්ථික ස්ථාවරත්වයට ඒක මරු පහරක්වෙයි.ඒවා ඇතුලේ නීති විරෝධී ගිනි අවි තිබුණ නම් ආයෙත් අපේ රටේ රාජ්‍ය ත්‍රස්තවාදය හිස ඔසවයි.අයෙත් සුදු වෑන්,නාදුනන තුවක්කුකරුවන් මතුවෙයි.
ඒ අපරාධ පාතාල කල්ලිවල,පෞද්ගලික ආරවුල්වල,මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ ඇතුළු විවිධ account වලට බැරවෙයි.ඒ වගේ ප්‍රහාරයක මුල්ම ඉලක්ක බවට සමාජ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් පත්වෙයි.රටේ රාළ හිතන්නේ නෑ මේ ආපු බහාලුම් 323 නේම නීතී විරෝධී ගිනි අවි තියෙන්න ඇති කියලා.හැබැයි එකක් දෙකක හරි එහෙම තිබුණාදෝ කියන සැකය රටේ රාළට තියනවා.එහෙම ගෙනාවා නම් ඒවා ගෙනාවේ ජවිපෙ උවමනාවකට කියන එක ගැන නං රටේ රාළට සැකයක් නෑ.
රටේ රාළ පහුගිය ලිපිවල දිගටම කිව්වා ජවිපෙ රට නොදන්න විශාල පිරිසක් අභයන්තරිකව නඩත්තු කරනවා කියලා.ඒ අතර විවිධ වර්ගයේ අය ඉන්නවා.ජවිපෙට රාජ්‍ය බලය තියෙන මේ මොහොතෙත් එහෙම පිරිසක් නඩත්තු කරමින් පවත්වාගෙන යන්නේ මොකටද කියන ප්‍රශ්නය දිගටම රටේ රාළ මතු කළා.රටේ රාළ ඒ අය පෞද්ගලිකව දන්න නිසා සහ එයාලා ජවිපෙ ඇතුලේ දරපු වගකීම් සහ ක්‍රියාකාරකම් ගැනත් දන්න නිසා එහෙම සැකයක් එන එක සාධාරණයි.
මේ අය අතට යම් විදිහකින් නීති විරෝධී ගිනි අවි ලැබුනොන් අද ජවිපෙට එරෙහිව සෘජු දේශපාලන විවේචන ඉදිරිපත් කරන විශේෂයෙන් එක්තරා කාලයක් ජවිපෙ හිටපු අයට නං දෙයියන්ගෙම පිහිට තමයි.මොකද ජවිපෙට ජනතාව රාජ්‍ය බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා අර්ථකථනයක් පහුගිය කාලේ ලාල් කාන්ත කළා. ඒ වගේම ජවිපෙ ද්‍රෝහීන්ට කවදාවත් සමාවක් දෙන්නේ නෑ කියලා ටිල්වින් ප්‍රසිද්ධියක් ප්‍රකාශ කළා.ගමේ නීතිය සහ සාමය ආරක්ෂා කරන්න ගමේ කොට්ඨාශ සභාවට බලය දෙනවා කියලා අනුර කිව්වා.
දැන් අලුතෙන් අමාත්‍යාංශවලට අධීක්ෂණ කම්ටු හදනවා කියලත් කියනවා.ඒවා කොමියුනිස්ට් රටවල තියනවා කීමෙන් පක්ෂ කාඩරය විසින් මේවා මෙහෙයවන්න හදන බව පේනවා.දැන් සම්පුර්ණයෙන්ම කොමියුනිස්ට්වාදය අතෑරලා ලිබරල්වාදයට පල්ලම් බැහැලා ඉන්න ජවිපෙ කමිටු කෑල්ල විතරක් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන්.සෝවියට් දේශයේ සෝවියට් සභාවලටත්, චීනයේ මූල කඳවුරුවලටත් සන්නද්ධ බලයක් තිබුණා.ඒ වගේම මෑතකාලිනව ජවිපෙ චලනයන් සමීපව නිරීක්ෂණය කලොත් ඒ සැකය තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්.
කොටි සංවිධානය දෙකඩ උනාට පස්සේ ජවිපෙ කරුණා අම්මාන් එක්ක ගනුදෙනුවක් කළා.ඒ හරහා යම් ආයුධ ප්‍රමාණයක් ජවිපෙ අතට පත්වුනා කියන කතාවක් ඒ කාලේ රටේ තිබුණා.ඒ කාලේ ජවිපෙට අනතුර තිබුණේ කොටි සංවිධානයෙන්.කොටිත් එක්ක යුද්ධ කරන්න ජවිපෙ ඒ කාලේ මහින්දට උදව් කළා.ඒ නිසා කොටි සංවිධානයේ ඉලක්කයක් බවට ජවිපෙ පත්වෙලා තිබුණා.ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර ඉලක්ක කරලා කොටි එල්ල කරපු ප්‍රහාරයෙන් ඒක තහවුරු වෙනවා.ඒ වගේම ඒ සම්බන්ධ බුද්ධි අංශ වාර්තාත් තිබුණා.
ඒ වෙලාවේ ජවිපෙ හරි නං ආණ්ඩුවෙන් ආරක්ෂාව ඉල්ලන්න ඕනි.හැබැයි ආණ්ඩුවෙන් ආරක්ෂාව ඉල්ලනවා වෙනුවට ජවිපෙ තීරණය කළේ සන්නද්ධ වෙන්න.ඒකට ජවිපෙ ආණ්‌ඩුවෙන් ආයුධ ඉල්ලුවා.ඒ කාලේ ආරක්ෂක ලේකම් විදිහට හිටියේ ගෝඨාභය.ගෝඨාභයත් එක්ක ජවිපෙ ඒ ගැන කතා කළා.ජවිපෙ ගෝඨාභයගෙන් ආයුධ ඉල්ලුවා.හැබැයි ගෝඨාභය ඒකට එකඟ උනේ නෑ. ගෝඨාභය කිව්වේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ඉන්න ජවිපෙ අයගේ සහ හිතවතුන්ගේ ලයිතුවක් දෙන්න,එයාලා ප්‍රභූ ආරක්‍ෂක සේවයට අරගෙන එයාලට නීත්‍යානුකූල ගිනි අවි දීලා ජවිපෙට අවශ්‍ය ආරක්ෂාව දෙන්නම් කියලා.
රටේ රාළ කියන මේ කතාව ඕනි කෙනෙකුට ගෝඨාභයගෙන් අහලා තහවුරු කරගන්න පුළුවන්.ඇත්තටම එදා රාජපක්ෂලා ජවිපෙ ආරක්ෂා කළා.අද ජවිපෙ මහින්දගෙන් එලව එලවා පලිගත්තට එදා ජවිපෙ කොටින්ගෙන් ආරක්ෂා කරන්න අවශ්‍ය සියලු දේ රාජපක්ෂ ආණ්ඩුවෙන් කළා.ඒකයි රටේ රාළ කියන්නේ මහින්දගේ වරප්‍රසාද කැපීම ප්‍රශ්නයක් නෑ හැබැයි මහින්දගේ ආරක්ෂාව අඩු කිරීම ගුණමකුකමක් කියලා.කරුණා අම්මානුත් ඒ කාලේ ජවිපෙට උදව් කළා.මෙතනදී අපට කියන්න ඕනි ජවිපෙ මනස ගැනයි.ජවිපෙ තවමත් සන්නද්ධ දේශපාලනට කැමතියි.ජවිපෙ ඇතුලේ තෝරාගත්ත කණ්ඩායමක් ආරක්ෂක යුනිට් එකක් විදිහට පුරුදු කළා.
ඒක ඇතුලේ දිස්ත්‍රික් වගේම ජාතික සංචිතයකුත් තිබුණා.එයාලා ක්‍රමයෙන් අංශයේ වැඩකට පුහුණු කිරීම තමයි ජවිපෙ අරමුණ වුනේ.එයාලට අවි පුහුණුව දුන්නා කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි ඒ මානසිකත්වය එයාලා ඇතුලේ නිර්මාණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.ඒ වැඩේ බාරව හිටපු අය තවමත් ජවිපෙ දේශපාලන මණ්ඩලයේ අප්‍රසිද්ධ චරිත විදිහට ඉන්නවා.රටේ රාළලා 2008 ජවිපෙන් අයින් උනාට පස්සේ ඒ කණ්ඩායම කොයිතරම් දුරට වර්ධනය කලාද කියලා කියන්න දන්නේ නෑ.හැබැයි එහෙම කණ්ඩායමක් තවමත් ජවිපෙ ඇතුලේ ඉන්න බව ස්ථිරවම දන්නවා.
මෑතකාලීනව ජවිපෙ දෙකඩ උනු අවස්ථා දෙකේදීම ජවිපෙ ඇතුලේ හිටපු අභයන්තර කල්ලි යොදාගෙන ටිල්වින් ප්‍රහාර මෙහෙව්වා.ඒවා අතර පහරදීම් විතරක් නෙවෙයි ඝාතන සැලසුම් පවා තිබුණා.රටේ රාළත් අවස්ථා කීපයකදී අනූනවයෙන් බේරුණා.ඒ එක තැනකදීවත් එයාලාට හරියට ටාගට් එක ගන්න බැරිවුණා. එයාලා වැඩේට එනකොට රටේ රාළ එතන හිටියේ නෑ.ඉතින් ඒ අද්දැකීම තියන කෙනෙක් විදිහට වාරායට ආපු බහාලුම් 323 නීති විරෝධීව පන්නන්න ජවිපෙ අවසර දුන්නා කියන්නේ බරපතල ප්‍රශ්නයක්.ඒක හුදු පුද්ගලයෙක්ගේ උවමනාවක් කීයලා රටේ රාළ නං කීයටවත් හිතන්නේ නෑ.
බහාලුම් ගෙන්වූ පුද්ගලයාගේ උවමනාව ඇතුලේ ජවිපෙ උවමනාවත් හංගලා තිබුණාද කියන බරපතල සැකය රටේ රාළට තියනවා.සමහරවිට බිමල්ට වරාය බාර දුන්නේම ඒ වගේ ඉලක්ක ගොඩදාන්න වෙන්නත් පුළුවන්.මොකද ටිල්වින්ගෙන් පස්සේ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විදිහට හදුනාගෙන ඉන්නේ බිමල්.බිමලුත් ටිල්වින් වගේම පක්ෂයට බරව තීරණ ගන්න කෙනෙක්.මෙතනදී රටේ රාළ කියන්නේ හෙට දවසේ ආණ්ඩුවට එරෙහිව එන ජනතා විරෝධය නතර කරන දේශපාලන දඩයමකට ජවිපෙ බහින්න ඉඩක් තියනවා.
ඒකට නීත්‍යානුකූල හමුදාව සහ පොලිසිය යොදවලා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා සහ එහෙම යොදා ගැනීම විසින් ජවිපෙ ඔය පෙරවගෙන ඉන්න බැටළු හම ගැලවෙන්න පුළුවන්.ඒ බැටළු හම ඇතුලේ ඉන්න වෘකයා එලියට පේන්න පුළුවන්.රටේ රාළ බැටළු හම ඇතුලේ ඉන්න වෘකයා දැකපු කෙනෙක්.ඒ වෘකයා දැකපු කීපදෙනෙක් කට පියාගෙන ඉන්න බවත් රටේ රාළ දන්නවා.එයාලා එයාලට ආපු අනතුරට අනෙක් අයත් ගොදුරු වෙනකම් බලා ඉන්නවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 3 people and text

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *