ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වාසිදායකයි – මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

W.A-Wijewardenaඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළුවීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් ඒ පිලිබදව ඇතැමුන්ගේ විවේචනවල පදනමක් නැති බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා කියයි . ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ඊ ටී සී ඒ ගිවිසුමත් එහිදී ආණ්ඩුව ක්‍රියාකරන ආකාරයත් පිලිබදව ඩේලි එෆ් ටී පුවත්පතට ලියු ලිපියකින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත .

ඉන්දියාව සමග 1998 අත්සන් කොට 2000 සිට ක්‍රියාත්මක කළ නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඒ වනවිට ඩොලර් මිලියන 545ක් ව තිබු දෙරට අතර වෙළදාම 2005 වනවිට ඩොලර් මිලියන 2401 දක්වාත් 2014 වනවිට 4648 දක්වාත් ඉහල ගිය බව විජේවර්ධන මහතා කියයි .එමෙන්ම දෙරට අතර වෙළෙඳ පරතරයද මෙම කාලය තුල කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි .

1999දි ශ්‍රී ලංකාව ඉන්දියාවට එක් ඒකකයක් විකුණන විට ඉන්දියාවෙන් ඒකක එකොළහක් ගෙන්වූ බවත් 2014 වනවිට එය එකට හයක් දක්වා අඩු වී ඇත . මෙම තත්වය තේරුම් නොගෙන ඇතැම් විවේචකයන් කරන්නේ වෙළඳ ශේෂයේ සන්ක්‍යත්මක අගය පමණක් උපුටා දැක්වීමයි . වෙළදාමේ විශාල වැඩිවීම සැලකිල්ලට නොගෙන එසේ සංසන්දනය කිරීම වරදක් බව විජේවර්ධන මහතා කියයි .

ඉන්දියානු වෙළෙඳ ගිවිසුම විවේචනය කරන ඇතැමුන් සිත සිටින්නේ ශ්‍රී ලංකාව වෙලදාම් කරන සම රටක් සමාගම වෙළඳ ශේෂයක් පවත්වාගත යුතු බව යයි ද එසේ වුවද ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වල අරමුණ එය නොවේ යයිද මහා බැංකුවේ හිටපු නියජ්‍ය අධිපති වරයා කියයි .

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *