ගූගල් “ප්‍රොජෙක්ට් ලුන්” ශ්‍රී ලංකාවේ පරීක්ෂණ අරඹයි – පළමු බැලුනය ගුවනට

ලෝකයේ ප්‍රධානතම පරිගණක සේවා සමාගමක් වන ගූගල් සමාගම ශ්‍රී ලංකාවේ ආරම්ඹ කිරීමට යන ප්‍රොජෙක්ට් ලූන් වැඩ සටහනේ පළමු පර්යේෂණ බැලුනය ඊයේ ශ්‍රී ලංකාවේ ගුවනට යොමුකළ බව වාර්තා වෙයි . එහි වැඩි දුර පරීක්ෂණ සදහා ගූගල් සමාගමේ විශේසඥ කණ්ඩායම ක් ඉදිරි දින කිහිපයේ ඩි දිවයිනට පැමිණීමට නියමිතය .
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අදිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමයි . මෙබදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආසියාවේ පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි . එමගින් සිදුවන්නේ ඉහල අහසේ රදවනු ලබන බැලුන මගින් රටපුරා අන්තර්ජාල පහසුකම් ලබාදීමයි . එමගින් රටේ සම තැනකටම වේගවත් සහ විශ්වාසදායි අන්තර් ජාල පහසුකම් ලබාදිය හැකි බව කියති . අන්තර්ජාල සේවා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට මෙමගින් හැකිවනු ඇත .
ව්‍යාපෘතියේ අයිතීයෙන් සියයට විසි පහක් රජයට හිමිවන්නේ ගුවන් විදුලි තරංග ලබා දීම වෙනුවෙනි . ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගමකටද සියයට දහයක කොටස් ලබාදෙන බව කියති
