දේශද්‍රෝහී ආණ්ඩුව ඓතිහාසික මුහුදු මහා විහාරයේ ඉඩම් අක්කර 42 ක් පර ජාතික ඉඩම් කොල්ල කරුවන්ට දී ආරක්ෂාවට හමුදාව යොදවයි – සංකල්පිත වාර්තාවකි

ඓතිහාසික මුහුදු මහා විහාරයට අයිතිව තිබී කොල්ල කරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලාගත් අක්කර 42ක භූමියක් ඔවුන්ට නිල වශයෙන් හිමිකර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇති දේශද්‍රෝහී ආණ්ඩුව අසිංහල කොල්ලකාරීන්ගේ ඉඩම් ආරක්ෂා කර දීම සඳහා නාවික හමුදා ඛණ්ඩයක් ද එම ස්ථානයේ ස්ථාපිත කොට ඇත .
අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් හි ඇති මුහුදු මහා විහාරය ඓතිහාසික වැදගත්කමක් ඇති පුදබිමකි. එයට අක්කර 72 ක භූමියක් වෙන්කර දී තිබුනේ 1951 දී ලබාදුන් පිඹුරුපතක් මගිනි. එසේ වුවද එම ඉඩම්වලින් කොටසක් අසිංහල ඉඩම් කොල්ල කරුවන් විසින් අල්ලාගෙන තිබේ. එම ඉඩම් යලි පුජා භූමියට ලබාදෙන ලෙස කළ ඉල්ලීම් කිසිවක් නොසලකා ආණ්ඩුව අක්කර 72 ක භුමිය අක්කර 30 කට අඩු කොට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත .
එයට ආරක්ෂාව දීමට නාවික හමුදා ඛණ්ඩයක් ද ස්ථාපිත කොට ඇති දේශද්‍රෝහී ආණ්ඩුව අසිංහල ඉඩම් කොල්ලකරුවන්ගේ ඉඩම් ආරක්ෂා කර දීමට අපගේ වීරෝධාර රණ විරුවන් යොදා ඇත්තේ ලජ්ජා සහගත ආකාරයෙනි .
මෙම නින්දිත ක්‍රියාව ප්‍රශ්න කරමින් හෙළ බොදු සවිය සභාපති බුදුගල ජිනවංශ හිමියෝ පුරාවිද්‍යා කොමසාරිස් වරයා වෙත ලිපියක් යවා ඇත. පුජා භූමියට අහිමි කළ අක්කර 42 ක භුමියේ ඇති පුරාවස්තු වලට සිදුවන්නේ කුමක්දැයි එහිමියෝ ප්‍රශ්න කරති.
( මෙය සංකල්පිත වාර්තාවකි. පසුගියදා වූ සිදුවීමක් මාස අටකට පෙර සිදුවුයේ නම් වාර්තා විය හැකි ආකාරය එමගින් පෙන්නුම් කෙරෙයි )
