පොකුරු ගම්මාන හොඳ සංකල්පයක්- ආචාර්ය රොහාන් සමරජීව
කාර්යක්ෂමතාවය සහ සැපයුම් දාම කියන කාරණා දෙක පළවෙනි කොටසේ දී සාකච්ඡා කළෙමි. එය යටතේ මේ සාකච්ඡාව මෙතනින් එහාට ගෙනයා හැක. ඵලදායිත්වය වැඩි කිරීම පිළිබඳව මේ ආණ්ඩුව යෝජනා කරන්නේ කුමක් ද? ආණ්ඩුවේ ප්‍රධානතම යෝජනා මෙසේ ය. අපේ ග්‍රාමසේවක වසම් 14022 ගොණුකර පොකුරු ගම්මාන 2500ක් එක්කර, ග්‍රාමීය සංවර්ධන ඒකක ගොඩනගන්නට අදහසක් ඇත. මේවායේ යටිතල සහසුකම් දියුණු කරනවා පමණක් නොව මිනිසුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරගැනීමට ද උදව්කරනු ඇත. මහා පරිමාණයේ කෘෂිකාර්මික ව්‍යපාර ගොඩනගන්නටයි මේ මගින් උත්සාහ දරන්නේ. මැතිවරණ ප්රකාශනයේ ද මේ බව සඳහන් කර තිබේ. මේවා එක්තරා ආකාරයකට සමූපාකාර ලෙස ද හැඳින්විය හැක. අපේ රටේ සමුපාකාරවලට දිර්ග ඉතිහාසයක් ඇත. ඒක උතුම් සංකල්පයක් ලෙස හැඳින්වීමට පුළුවන. නමුත් ඒක සිල්ලර දේශපාලන පොරපිටියක් බවට අද පත්කරගෙන ඇත. ඒ නිසා ඒ වචනය අපවිත්‍රව ඇතත්, එය හොඳ සංකල්පයකි. මේ ග්‍රාමීය සැළසුම මැතිවරණ ප්‍රකාශණයේ ද සදහන් කර ඇති අතර ඒක අයවැය යෝජනා තුළ ද ඇත. මෙයින් අදහස් වෙන්නේ ඉතාම කුඩා නිෂ්පාදකයින්ට සිටිනවිට ඒ ඔවුන්ට අර ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්නට ශක්තියක් නැත. ඒ අය ගොණුකරලා ගතහොත් ඒ අයට සම්බන්ධ වන්නට පුළුවන. උදාහරණයක් ලෙස දැදිගම පැත්තේ සුළු රබර් ගොවියෝ සමූපකාරයක් ගොඩනගා ඇත. ඒ අය සාමූහිකව කටයුතු කිරීම තුළින් රබර් නිෂ්පාදනය කිරීමට හොඳ උපකරණ ලබාගෙන ඇත. අනික් සුළු ගොවීන් ආර්. එස්. එස්. හතර සහ පහ වැනි අඩු ප්‍රමිතියෙන් යුතු රබර් ෂිට් නිෂ්පාදනය කරනවිට මේ අය ආර්. එස්. එස්. එක, දෙක පවා නිෂ්පාදනය කරති. ඒ වගේම ඒ අය ඉහළ ප්‍රමිතිය පවත්වාගෙන යනවාක් මෙන්ම ඒ හැකියාවට අදාළ උපකරණ ද ඔවුන්ට තිබෙන අතර ගොඩනැගිලි ද හදාගෙන ඇත. ඒ නිසාම කොළඹ වෙළෙන්දෝ ඔවුන් ළගට රබර් ගැනීමට යති. මෙන්න මේක තමයි ඔය පොකුරු ගම්මාන සංකල්ප ය. මේ අනුව සුළු ගොවියා තවමත් සුළු ගොවීයෙකු මිසක් ඔහු සේවකයෙකු නොවේ. එයා අර සමූපකාර ව්‍යාපාරයේ කොටස්කරුවෙකි. නමුත් මේ විශාල ව්‍යාපාරය තමයි ඒ කටයුත්තේ යෙදිලා සිටින්නේ නැත්නම් එයා තවමත් තනියම කේවල් කිරීම කරන්නේ නැත. එවිට ඒ සංකල්පය මේ අයවැය යෝජනාවල තිබේ.
මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 21,000ක් වෙන්කර තිබේ. ඒ මුදල 2500කින් බෙදූ පසු එක පොකුරු ගම්මානයකට මිලියන 1.5ක් ලැබේ. සාමාන්‍යයෙන් අපේ රටේ ගෙයක් දොරක් හදාගත් කෙනා, නැත්නම් කුඩා වැවක් පිළිසකර කරන කෙනෙක් දන්නවා ලක්ෂ 15කින් කළ හැක්කේ කුමක් ද යන්න වග. ඒකෙන් එපමණ දෙයක් කළ නොහැක. ඒ නිසා ලක්ෂ 15 කියන්නේ සංකේත වියදමක් ලෙසයි මට නම් පෙනෙන්නේ. අනික් අතට බැලුවොත් හැමදේටම ආණ්ඩුව වියදම් කළයුතු නැත. මේ ලක්ෂ 15 ව දක්ෂ නිළධාරින්, හා ග්‍රාමීය නායකයින් හරියට හසුරුවා ගතහොත්, මේකෙන් හොඳ අඩිතාලමක් දමාගැනීමට පුළුවන. ඒ අඩිතාලම දමා, ඊ ළග වසරේත් ආණ්ඩුව වියදම් කරනු ඇති බව සිතිය හැක. ඒ අනුව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මෙයින් අවස්ථාවක් ලබාදී ඇති බව සිතන්නට පුළුවන. ඒ අනුව ආණ්ඩුව ග්‍රාමිය ආර්ථිකය ගැන කථාකර ඇත. ඒ අනුව කිසියම් මුදලක් ද වෙන්කර තිබේ. ඒ අනුව ක්‍රියාකරනු ඇතැයි අපිට සිතිය හැක. කෙසේ නමුත් මේ මුදල් වෙන්කිරීමේ ප්‍රමාණය සම්බන්ධයෙන් ගත් කළ ඒ තරම්ම විශ්වාසයක් තබා ගැනීමට ද අමාරු ය. සල්ලි මවන්නට නොහැකි හෙයින් තිබෙන සල්ලි වලින් තමයි මෙය ආරම්භ කරන්නට වෙන්නේ. ඒක යථාර්තයකි.
ඊ ළගට ඒ අය කියනවා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයට කෝටි 20ක් වෙන්කර ඇති බව. එය වව්නියාවේ නව ආර්ථික කලාපයක් ඇති කිරීමට ය. මට මේ ආර්ථික කළාපය ගැන පැහැදිළි වැටහීමක් නැත. අධි ආර්ථික කලාප ගනනාවක් හදන බවට අදහසක් ආණ්ඩුවට තිබුණි. සමහර විට මේ ඒවායින් එකක් වෙන්නට පුළුවන. ඒවායින් වැඩි හරියක් තිබුණේ කෘෂිකාර්මාන්තයට නොවේ. සංචාරක කර්මාන්තයට යනාදි වශයෙනුයි තිබුණේ. මේක බොහෝ දුරට කෘෂිකර්මාන්තයට විය හැක. ඊ ළගට කුඩා වැව් සහ සුළු වාරිමාර්ගවලට කෝටි 200ක් වෙන්කර තිබේ. මගේ කල්පනාවේ හැටියට මෙය කෙරෙන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ ය. මේවා තමයි මූලික වශයෙන් ග්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් තිබෙන සැලසුම. මෙයට අමතරව ග්‍රාමීය නිවාස ක්‍රමයක් ඇතිකරන බව පවසා ඇත. එහි දී ආණ්ඩුව කොටසක් වියදම් කරන අතර ගේ හිමියා ඉතිරි මුදල වියදම් කළ යුතු ය. චන්ද කොට්ඨාශ 160ක් තිබේ. එය දාහෙන් වැඩි කළපසු රූපියල් 160000ක මුදලක් ඒ සඳහා වෙන්කර ඇත. මෙයට අමතරව පාසැල්වල ඉඩම් වගා කිරීම පිළිබඳව ද අදහසක් ඇත. ඒක තරමක් සංකීර්ණ අදහසකි. ග්‍රාමීය ආර්ථිකය සම්බන්ධයෙන් ඇත්තේ උක්ත සැළසුම ය.
මේ තමයි සාමාන්‍යයෙන් අයවැයක තිබෙන්නට අවශ්‍ය කරන දේ. මේ එන්නේ පෙළඹවීමේ ක්‍රියාවලියකි. ගම්වල ස්වශක්තියෙන් නැගිටිනවා යන බලාපොරොත්තුව ද මෙතන ඇත. මෙය ක්‍රියාත්මක කිරීමට සක්‍යතා වාර්තා හැදීම සඳහා ආණ්ඩුව මුදල් ලබාදෙන බව සඳහන් ය. සියල්ල ම ආණ්ඩුව ලබාදෙනු ඇතැයි සිතන්නට නරක ය. මිනිසුන් ආණ්ඩුවේ ද සහාය ලබාගෙන තමන්ගේ ජීවිකාව ගොඩනගා ගැනීමට මහන්සි විය යුතුව ඇත. දැන් නිවාස ගැන කල්පනා කළවිට මේක ඡන්ද ගුණ්ඩුවක් ද යනුවෙන් සිතිය හැක. ඊට වඩා නිවාස ප්‍රශ්නයක් තිබේ නම් ඒක වෙනම කාරණයකි. මෙවැනි දේකින් ප්‍රමිතියක් නියම කෙරෙන්නේ නම් එය යහපත් ය. මා දන්නා තරමින් මේ නිවාස සම්බන්ධයෙන් ප්‍රමිතියක් නියමකර ඇත. ඒ නිවසක් වර්ග අඩි 500ක් පමණ ඉඩ තිබිය යුතු ය. එවිට ආණ්ඩුව දෙන මුදලට වඩා කුඩා නිවාස ඉදිකර වැඩක් නැත. මේකේ ද යම් පිළිවෙලක් ඇති බව පෙනේ.
