විදේශ වෙළෙඳාමෙන් අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 579 ක අතිරික්තයක්
වෙළඳ භාණ්ඩ අපනයන, ප්‍රේෂණ, සංචාරක සහ වෙනත් සේවා වලින් ශ්‍රී ලංකාවේ ඉපැයීම 2024 අප්‍රේල් මාසයේදී අපනයන වියදම් ඉක්මවා ඇමරිකානු ඩොලර් මිලියන 579 අතිරික්තයක් වාර්තා කොට ඇති බව නිල දත්ත මගින් තහවුරු වෙයි..
සාමාන්‍යයෙන් සියයට 20 ක පසුබෑමක් ඇති නිවාඩු මාසයක් වන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ දෘඩ වෙළෙඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 877.6 ක් වූ අතර පසුගිය වසරේ මෙම මාසයේ පැවතියේ ඇමරිකානු ඩොලර් මිලියන 848.6 ක් වශයෙනි.
මෙම මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 543.8 ක් වූ අතර එය පසුගිය වසරේ දී මිලියන 454 ක් විය.
ශුද්ධ සේවා ආදායම පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 290 සිට ඩොලර් මිලියන 367.7 ක් දක්වා වර්ධනය් වී
2024 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලාංකිකයන් අපනයන, ප්‍රේෂණ සහ ශුද්ධ සේවාවලින් පමණක් උපයා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,789කි.
එම මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1,435 ක් පමණක් වූ අතර ඒ අනුව ඩොලර් මිලියන 353 ක අතිරික්තයක් වාර්තා වෙයි
අප්‍රේල් මාසය සඳහා සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 225.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
සංචාරක ප්‍රේෂණ එකතු කළ විට මුළු විදේශ විනිමය ආදායම ඩොලර් මිලියන 2,014ක් වන අතර ඒ අනුව සමස්ත අතිරික්තය මිලියන 579ක් ලෙස වාර්තා වෙයි.
