නීතිය ක්‍රියාත්මක නොකොළොත් නැවත වරක් 2015ට පෙර තිබුණ කැලෑ නීතියට සමාජය යන්න පුළුවන් – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය
පාක්‍යසෝනි සරවනමුත්තු මහත්තයා කිව්වො මේ සියල්ලම විභාග කරන්න ඕනැ කියලා. මම එතනින් කතාව පටන් ගන්නවා. මේ සියල්ලම විභාග කරන්න අවුරුදු කොපමණ ඕනැද? අවුරුදු හතරක් ඇද්ද? අපිට මතකයි ඇවන්ගාඩ් සිද්ධිය ගැන විභාග කරන්න පටන් ගත්තා, විභාගෙට මොකක්ද වුණේ කියලා දන්නෙ නෑ අද වෙනකම්. පරීක්ෂණ වාර්තා කොහෙද කියලා දන්නේ නැහැ. හැබැයි සැක කරයෝ එළියේ ඉන්නවා. ඒ වගේම ලසන්ත වික්‍රමතුංග මරණය ගැන විභාග කරන්න පටන් ගත්තා, දැන් තුනක් හතරක් විභාග කරමින් පවතිනවා වාර්ථා කොහෙද දන්නේ නෑ. හිරගෙදර හිටපු රැඳවියන් තිස් හතලිස් ගාණක් ඝාතනය කළා වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ, කොමිෂන් සභා වාර්ථාවක් දුන්නා. ඒ කොමිෂන් සභා වාර්තාව මොකක්ද කියලා අපි දන්නේ නෑ. ඒ රෙකමන්ඩ් කළේ මොකක්ද කියලා දන්නේ නෑ.
මේකට තමයි ජනතා සහභාගීත්වයක් අවශ්‍යය. ජනතාව ඉල්ලා හිටියේ නැත්නම් මේ දේ කරන්න කියලා, කෑගහලා කකුල් දෙකෙන් නෙමේ ඔළුවෙන් හරි හිටගෙන කිව්වේ නැත්නම්, ඒ දේ සිද්ධ වෙන්නේ නෑ. මහතීර් මොහමඩ් අලුත් ජනාධිපතිතුමා ඉන්දුනීසියාවේ එතුමා පත්වෙලා මාස කිහිපයයි ගියේ, දැන් හොරකම් කරපු පුද්ගලයන්ට විරුද්ධව, හිටපු අගමැතිවරයාට විරුද්ධව දැන් නඩු පටන් අරගෙන තියෙන්නේ. සමහර දේවල් වෙලා තියෙනවා. විශේෂ අධිකරණයක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය අධිකරයක් තුළ ඒවා විභාග වෙන්න හුඟක් කල් යන නිසා.
හානියක් වෙච්ච පුද්ගලයකුට ඒ සම්බන්ධව නඩුවක් පවරලා වන්දියක් ලබාගැනීමේ හැකියාව තිබුණේ, කෙළින්ම කියන ආර්ථිකමය පාඩුවක් සම්බන්ධයෙන් පමණයි. දැන් මේ වෙනකොට ඒ නීතිය වෙනස් කරලා තියෙනවා. 2019 ජනවාරි මාසේ, ඒ නීතිය යටත් දෙමාපියන්ට තම දරුවන්ගෙන් අහිමි වෙන ආදරය, ඒ රැකවරණය පිළිබඳව වන්දි ලබාගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ නැතිවෙච්ච සියලුම දෙනා, තුවාල වෙච්ච සියලුම දෙනා, අද ඉස්පිරිතාල වලට වෙලා ඉන්න සියලුම දෙනා වෙනුවෙන්, නඩු පැවරිය හැකියි. නඩු පැවරිය යුතුයි. කාට විරුද්ධවද නඩු පවරන්නේ? අපි පත්තරවලින් දැක්කා නීතිපති තුමා කියලා තියෙනවා. හිටපු ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක්ට විරුද්ධව නඩු පැවරිය යුතුයි කියලා, අපරාධමය නොසැලකිල්ල හේතු කොට ගෙන. ඔව්, එසේ විය යුතුයි.
මේ අයට විරුද්ධව සිවිල් නඩුවක් පැවරීමේ හැකියාවත් ඇති වෙනවා. ඊට අමතරව ඔය සෑම හෝටලයකම නිසි පරිදි ආරක්ෂාව නොසලසා තිබීමේ හේතුව උඩ ඒ අයිතිකරුවන්ට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් ඇති වෙනවා. ඒ සියල්ලටම විරුද්ධව නඩු පැවරිය යුතුයි. සමහර පවුල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තියෙනවා. සමහර වෙලාවට දෙමාපියන් විනාශ වෙලා ගිහින් තියෙනවා පුංචි දූ දරුවන් පමණයි ඉන්නේ. නීතිඥවරුන්ට වගකීමක් තියෙනවා. නීතිඥ සංගමය හරහා ඉල්ලලා තියෙනවා. ඒ සියලු දෙනාට නීතිඥ සංගමය සමඟ සම්බන්ධ වෙන්න කියලා. ඒ අය වෙනුවෙන් නඩු පවරන්න. ඒ අය වෙනුවෙන් රැකබලාගන්න අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබාගැනීමට.
දැන් මේ නඩු පැවරීම ගැන කතා කරනකොට, අපිට මතක් වෙනවා, මෑත කාලය ඇතුළත දැන් සතියකට දෙකකට ඉස්සරවෙලා මිනුවන්ගොඩින් පටන් අරගෙන හෙට්ටිපොළ, කුලියාපිටිය සිද්ධීන් සම්බන්ධව. ඒ හා සමානව සිද්ධියක් සිද්ධ වුණා කිසිම වගවිභාගයක් නොමැතිව, කිසිම හේතුවක් නොමැතිව ස්වාමීන් වහන්සේ කියලා සිවුරක් පොරවාගත්ත කෙනෙක් ගිහිල්ලා කරපු කතාවකට පස්සේ අලුත්ගම, බේරුවල. දර්ගා නගරය මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් සියළුම ව්‍යාපාරික ස්ථාන ගිනිතියලා දැම්මා. ගෙවල් ගිනිතියලා දැම්මා. වාහන ගිනිතියලා දැම්මා.
අපි නීතිඥසංගමය ඉල්ලා සිටියා ඔය කතාව කරපු ශ්‍රමණ ධාරියා අත්අඩංගුවට ගන්න කියලා. අන්තිමට නිති පතිවරයාට ලියුම් ලිව්වා. එකක් නේමේ, දෙකක් නෙමේ තුනක් ලිව්වා මම. කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. රජයේ හවුහරණ යටතේ තමයි ඒ දේ සිද්ධ වුණේ. ඒ තත්ත්වය යටතේ අපිට අධිකරණයෙන් පවා අපිට හරි හවුහරණක් ලැබුණේ නැහැ. නීතිපති වරයාගෙන් සහයෝගයක් ලැබුණේ නෑ.
නීතිඥවරුන් හැටියට අපිට අද සෑහිමකට පත්වෙන්න පුළුවන් බොහෝ දුරට නීතියේ ආධිපත්‍යක් ඇති කරලා තියෙනවා. ඒක සමහර අවස්ථාවල නැති වෙනවා. ඒකට උදාහරණයක් තමයි මිනුවන්ගොඩ සිද්ධිය. කවුද කියලා තරාතිරම නොබලා ක්‍රියාත්මක කළ යුතු වෙනවා නීතිය. නීතිය ක්‍රියාත්මක නොකොළොත් අපි නැවත වරක් 2015ට පෙර තිබුණ අර කැලෑ නීතියට සමාජය ගෙනියන්නයි සූදානම් වෙන්නේ.
ඒ තත්ත්වය යටතේ අපි මේ අවස්ථාව වන විට පොලීසිය ඇතුළු හමුදාවන්ට අපි ප්‍රණාමය පුද කළ යුතුව තියෙනවා. බොහෝ දුරට ඉතාම දක්ෂ ලෙස තමන්ගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවලා තියෙනවා. නමුත් කාගේ හෝ බලපෑම් මත ඔය සිංඳු කියන පුද්ගලයෙක් පක්ෂයක උප නායකයා කියන පුද්ගලයෙක් එදා ඒ කටයුතු මෙහයවලා තියෙනවා. ඔහුව අද වෙන තුරු අත්අඩංගුවට අරගෙන නෑ. ඒ කාගේ මෙහෙයුමක් යටතේ ද කියන එක අපි දන්නේ නෑ. ඒ සිංඳු කියන පුද්ගලයා එතනට ගියේ සිංඳු කියන්න නෙමේ. ගිනි තියන්න. සිංහල ජනතාව මුස්ලිම් ජනතාව ඒ සියලු ජනතාවට අවශ්‍ය ව්‍යාපාරික ස්ථාන ගිනිතිබ්බා.
එක කරුමාන්ත ශාලාවක් ගිනි තියලා තියෙනවා. මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් කර්මාන්ත ශාලාවක් 600ක් වැඩ කරන ඒ කර්මාන්ත ශාලාවේ, 550ක් සේවය කරන්නේ සිංහල ජනතාව. ඒ අය අද ඇඬූ කඳුලින් ඉන්නවා. මේ අයගේ ජීවිකාව එතනින් අවසාන කරලා තියෙනවා.
