තුන් සිංහලය එක්සේසත් කරේ සුද්දෝ … !! – ප්‍රියශාන්ත රාජපක්ෂ

email sharing button

ධනවාදය පැමිණීමට පෙරෙ මෙහි විසූ ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් කටයුතු සිද්ද උනේ කරත්ත සහ දෝලාවල් වලින් වන අතර සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් කටයුතු සිදුවූයේ පාගමනින්.

ඒ අනුව අඩි පාරවල් සහ කරත්ත පාරවල්වලට එහා ගිය මුළු රටම ඒකාබද්ධ කල මහාමාර්ග පද්දතියක් එවකට තිබුනෙ නෑ.
මන්ද වානිජකණය නොවූ අති සරළ වැඩවසම් සමාජයකට දියුණු මහාමාරග පද්දතියක් අවශ්‍ය නොවූ බැවින්.

එසේ හෙයින් මුළු රටම සිතියම් ගතකෙරුනු ඒකාබද්ද මහාමාරග පද්දතියක් නිර්මාණය වෙන්නෙ ධනවාදය තුලදි.

එසේම සුදු අදිරාජ්‍යවාදීන් පැමිනීමට පෙර මෙහි පැවති අධ්‍යාපන ක්‍රමවේදය අපි සැලකිල්ලට ගත්තොත් සාමාන්‍ය ජනතාව විවිධ නිෂ්පාදන කුළයන්ට (පන්තීන්ට)බෙදිලයි තිබුනෙ.

එහිදී ඒ ඒ කුළය විසින් සිදුකල නිශ්පාදන ක්‍රියාවලියට අදාල අධ්‍යාපනය ලැබුනෙ ඒ ඒ පිය පරම්පරාවෙන්. එයද සරළ හා ග්‍රාම්‍ය අද්‍යාපනයක් .
මන්ද සරල හස්තකර්මාන්ත නිශ්පාදන ක්‍රියාවලියක් සඳහා අති සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය නොවූ බැවින්.
(ප්‍රබූවරයින් සඳහා යම් ප්‍රමානයක භාෂා දැනීම ඇතුළු වෙනස් ආකාරයක අධ්‍යාපන ක්‍රමවේදයක් තිබිනි.)

ඇත්තෙන්ම මෙහිදීද මුළු රටම ඒකාබද්දවූ සහ එකට සිට අධ්‍යාපනය හදාරන්ට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී සහ සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේදයක් සකස්වෙන්නෙ ධනවාදයේ ආගමනයෙන් පසුව.

ඊළඟට අපි එවකට තිබුනු ජනසන්නිවේදන මාධ්‍ය සහ ක්‍රමවේද පිළිඹඳව අවධානය යොමුකරමු.
ඒ යුගය තුල ජනසන්නිවේදනය සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන ජනතාවගෙ කියවීමේ හා ලිවීමේ ශක්‍යතාවය ඉතාම පහළ මට්ටමක තිබුනෙ.
ඒ නිසාම සන්නිවේදන ක්‍රමවේදත් “අඬබෙර” වැනි අති ප්‍රාතමික අවදියකයි පැවතුනේ.

ඒ අනුව අප අවබෝධ කරගත යුත්තේ මුළු බූමි බාගයටම ආමන්ත්‍රනය කල හැකි සන්නිවේදන නවීන ක්‍රමවේදයන් ක්‍රමක්‍රමයෙන් අපිට ලැබෙන්නෙ බටහිරෙන් පැමිණි ධනවාදය තුල.

ඊළඟට අපි වෛද්‍ය විද්‍යාව පැත්තට යමු..

විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පදනම්වූ මුළු බූමි බාගයම ඒකාබද්දවූ විධිමත් ජාතික රෝහල් පද්දතියක් අපට ලැබෙන්නෙත් සුද්දොන්ගෙන්.

ඊට පෙර බොහෝ රෝගාබාධ අපි තේරුම් ගත්තෙ බොහෝවිට බූත දෝෂ,ප්‍රේත දිෂිඨි,අපල උපද්‍රව, ග්‍රහ දෝෂ, වැනි මිත්‍යාමිතික අර්තකතනයන් හරහ.
නිරායාසයෙන්ම ඒවට ප්‍රතිකර්ම වෙන්නෙත් ශාන්තිකර්ම, බලිතොවිල්, සෙත්ශාන්ති.

ජාතිය කියන්නෙ ප්‍රාග්ධනයේ පලමු වපසරිය.
ඒ අනුව සුදු ජාතීන් තමයි මෙහෙට ප්‍රාග්ධනය කියන ප්‍රපංච‍ය ගේන්නෙ.
ඒත් එක්ක තමයි යාපා පටුන, රුහුණු රට, පිහිටි රට, මායා රට, ආදීවශයෙන් වූ ප්‍රාදේශීය කරනයෙන් කන්ඩනය වෙලා ලාංකීය ජාතිය බිහිවෙන්නෙ…

වැඩවසම් ක්‍රමයේ ප්‍රාදේශීය ආකෘතියට වෛශයිකවම ජාතික ඒකාබද්දතාවය ගොඩනගන්ට බෑ…

– ප්‍රියශාන්ත රාජපක්ෂ 

LANKANEWSWEB

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *