බැංකු පොලි වැඩි නොකරන්න මහබැංකුව තීරණය කරයි
ණය ඉල්ලුම වැඩිවී රටේ මුදල් තත්ත්වයද තරමක් අසීරු වී ඇතත් බැංකු පොලි වැඩි නොකරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කොට ඇත .මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කොට ඇත්තේ ලබන මස ඉදිරිපත් කරන රජයේ අයවැය ලේඛනය මගින් නව අදායම් ඉපැයීමෙන් පසුව තත්ත්වය යහපත් වනු ඇති බවයි .එමෙන්ම පසුගිය ජනවාරි අයවැයෙන් ඉදිරිපත් කළ ඇතැම් අදායම් යෝජනාවලට අදාල පනත් හතක් අද පාර්ලිමේන්තුවෙන් සම්මත වීමත් සමගද තරමක යහපත් තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ අපේක්ෂාව වී ඇත .
පසුගිය මාස කිහිපයේදී උද්ධමනය වෙනුවට අවධමන තත්ත්වයක් වාර්තා වීම රජයේ වාසියට හේතු වී තිබිණි .එසේ වුවද රුපියල අවප්‍රමාණ වීමත් සමග ඉදිරි දිනවල යළිත් උද්ධමන තත්ත්වයක් වාර්තා විය හැකිය .එවිට අදායම් වැඩිකර නොගතහොත් බැංකු පොලි අනුපාත ඉහළ දැමීමට සිදුවන බව ආර්ථික විසේශඥයෝ කියති .කැපිටල් එකොනොමික්ස් ආයතනයේ තක්සේරුව වී ඇත්තේ ලබන වසර වනවිට බැංකු පොලි අනුපාත සියයට දෙකකින් ඉහළ යා හැකි බවයි .
