මුල් මාස හතරේ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන දෙක ඉක්මවයි
මේ වසරේ ගතවු පළමු මාස 4 තුළ පමණක් විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉක්මවු මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
මෙම කාලය තුළ මෙරටට ලැබී ඇති මුදල ඩොලර මිලියන 2079.9 කි. පසුගිය වසරේ මුල් මාස හතර හා සන්සන්දනය කරන විට එය සියයට 11.4ක ඉහළ යාමක් බව සඳහන්ය.
අප්‍රේල් මාසයේදී පමණක් විදෙස් ශ්‍රමිකයින් ඩොලර් මිලියන 543ක් පමණ මුදලක් මෙරටට යොමුකර ඇති බව එම අමාත්‍යංශය පැවසීය.
පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළ ගොස් තිබේ.
