රටේ රාළ කියන්නේ දිගටම ජවිපෙට විවේචනයක් ඉදිරිපත් කර ජවිපෙ හිටපු සමාජිකයෙක්.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා කියලයි.ඒකට හේතුව ජවිපෙ විසින් අනුගමනය කරපු වැරදි දේශපාලන උපක්‍රම.ඒ වගේම මාලිමාව ඇතුලේ ඇතිවෙලා තියන වර්තමාන අභයන්තර අර්බුදය ගැනත් රටේ රාළ විටින් විට කතා කළා.මෙච්චර කල් ජවිපෙ විසින් හංගගෙන හිටපු මාලිමා – ජවිපෙ අභයන්තර අර්බුදය තවදුරටත් හංගගෙන ඉන්න බැරි තැනට වර්ධනය වෙලා.දැන් අර්බුදය ජවිපෙට සහ මාලිමාවට වඩා ලොකුයි.
එදා ජවිපෙ දේශපාලන උපක්‍රම වැරදි කියලා රටේ රාළ කියනකොට මාලිමාවේ කට්ටිය රටේ රාළව කුණුහරවලින් පතුරු ගැහුවා.ඒත් එයාලට කුණුහරප කියන පහත් තත්වයකට රටේ රාළ වැටුනේ නෑ.රටේ රාළ ලිපිය මාලිමාවේ මහත්වරු කුණුහරප කමෙන්ට්ස්වලින් පුරවද්දී ඒවා දිහා උපේක්ෂාවෙන් බලා ඉන්න රටේ රාළට පුළුවන් වුනා.මාලිමා කුණුහරප බලෑනියේ කිසිම කෙනෙකුට උත්තර දෙන්න රටේ රාළ ගියේ නෑ. මොකද ඒ ගිරා පෝතකයෝ එක්ක ප්‍රශ්නයක් රටේ රාළට නෑ.
මාලිමා කුණුහරප බලකාය එහෙම බනිද්දී දේශපාලනය තේරෙන ජවිපෙ සහෝදර සහෝදරියන් මොකද්ද වෙන්නේ කියලා වික්ෂිප්තව බලාගෙන හිටියා.අද ජවිපෙ සාමාජිකයන් විශාල පිරිසක් රටේ රාළට කතා කරනවා.මේ දවස එන බව රටේ රාළ දැනගෙන හිටියා.ඒක හින්දයි කමෙන්ට් දාලා එයාලත් එක්ක හැපිලා සත්‍ය සොයාගෙන එයාලට එන්ඩ තියන පාර වහන්න රටේ රාළ ගියේ නැත්තේ.
මාලිමාව බලය ගත්ත දවසේ රෑ ජවිපෙ ද්‍රෝහියෙක් විදිහට රටේ රාළ මරලා දාන්න මාක් කරගෙන ඉන්න බව දැන දැනත් රටේ රාළ ඇත්ත කතා කළා.දැන් රටේ රාළ අපහාස කරපු සියලුම මාලිමා ගිරා පෝතකයින්ට සහ ජවිපෙ කාලයක් එකට හිටපු සහෝදර සහෝදරියන්ට රටේ රාළට කියන්න තියෙන්නේ මෙච්චරයි.මේ දක්වා ජවිපෙ සහ මාලිමාව ගැන රටේ රාළ කියපු කතාව හරිද වැරදිද කියලා අහන්න කෙනෙක් දැන් ඔයාලට ඉන්නවා.ඒ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.
මාලිමාවට දැන් හති වැටිලා වගේම මෙතනින් එහාට යන්න දේශපාලන ආකෘති එයාලට නෑ.දැන් කරන්න හදන්නේ සති දෙකක් අරගෙන ගෙන්ගෙට යන වැඩසටහනක් සංවිධාන කරන්න. ඒ කියන්නේ දින 14 ක් රට පුරා කරන කැන්වසින් එකක් කරන්න.මහ පාරේ යනකොට අඩුම ගානේ සීයකවත් team එකක් සහ ගෙදරකට යනකොට 20 ක team එකක් එක්ක යන්න කියලා උපදෙස් දීලා.දැන් ජවිපෙ නායකයන් දිස්ත්‍රික්ක බෙදාගෙන ක්‍රියාකාරී සාකච්චා කරකර යනවා.
කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකට එකතු කරපු ජවිපෙ ක්‍රියාකාරීන්ට පැහැදිලි කිරීම කරන්න ගියේ ටිල්වින්.ටිල්වින් එතනදී කියපු දේවල් එක්ක තමයි ඔයාලා තීරණය කරන්න ඕනි රටේ රාළ හරිද වැරදිද කියලා.පානදුර,බණ්ඩාරගම සහ හොරණ ක්‍රියාකාරීන් එක තැනකට එකතු කරලා තිබුණා. එතනදී ටිල්වින් කියලා තියෙන්නේ දැන් මාලිමාව ඇතුලේ කණ්ඩායම් තුනක් ඉන්නවා කියලා.එකක් මාලිමාවේ සෙට් එක.අනික වර්ථමාන ජවිපෙ සෙට් එක.
ඊළඟට දැන් තියන ජවිපෙට විරුද්ධ පරණ ජවිපෙ සෙට් එක.ඒ කියන්නේ දැන් ජවිපෙ කරන පිස්සු වැඩට එරෙහි පරණ හාට්කෝ ජේවීපීකාරයා. එයාලා තවමත් දුරස්ව හරි ජවිපෙ එක්ක ඉන්නවා කියලයි ටිල්වින් කියන්නේ.එතනදී තමයි කැන්වසින් එකට අවශ්‍ය උපදෙස් ටික දීලා තියෙන්නේ.ටිල්වින් කියලා තියෙන්නේ මේ තියන බෙදීම සමහන් කරගෙන කැන්වසින් එක කරන්න කියලා.ප්‍රශ්න තියනවා,ගැටළු තියනවා ඒ උනත් කොහොම හරි මේ මැතිවරණ ගැට්ට පනින්න ඕනි කියලයි ටිල්වින් කියලා තියෙන්නේ.
ජයග්‍රහණය උදෙසා ඒ සමගිය පෙන්නන්න ඕනි කියලත් කියලා.ඒ කියන්නේ රටේ රාළ කියන කතාව දැන් ජවිපෙ ඇතුලේ වැඩ කරනවා. තවදුරටත් බොරුවෙන් යන්න බැරි නිසා දැන් ටිල්වින්ටත් අර්ධ සත්‍යය හරි කතා කරන්න බල කෙරිලා.ටිල්වින් මේ කියන අර්ධ සත්‍ය ඇතුලේ උනත් රටේ රාළ කියන කතාව ඔප්පු කරන්න පුළුවන්.දැන් පක්ෂයක් හැටියට වැඩක් යන්නේ නැති බව පැහැලියි.දැන් ලාල්,හරිනි ජෝඩුව ඒ දෙන්නගේ ගමන යනවා.හදුනෙත්ති එයාගේ වැඩ.
ටිල්වින් එයාගේ වැඩ වෙනම කරනවා.අනුරත් එයාගේ වැඩ.නිහාල් අබේසිංහ සහ එයාගේ පුතයි එයාලගේ වැඩ.කළුතරදී ටිල්වින් එයාගේ කතාව තමයි කියලා තියෙන්නේ.ජවිපෙ දැන් අවතැන් වෙලා තියන තරම ඕනි කෙනෙකුට තේරෙනවා. ටිල්වින්ටත් දැන් මේක ඇතුලේ අනතුරක් තියන බව පේනවා ඇති.හැබැයි ඒක ටිල්වින්ට දැනෙන්නේ එයාගේ පැත්තට අනතුර හැරුණට පස්සේ.පක්ෂයට උන අනතුරු ටිල්වින් කවදාවත් දැක්කේ නෑ.ඉතාමත් දැනුවත්ව පක්ෂය අනතුරේ දාන්න ටිල්වින් සම්බන්ධව වුනා.කුමන්ත්‍රණ කළා.
දැන් ටිල්වින් දන්නවා මාලිමා ක්‍රියාවලිය ඉස්සරහට ගිහින් ඡන්දේ ඉල්ලපු ගමන් එන මත්රීවරුන්ගේ,ජාතික ලයිස්තුවේ ඉරණම තීරණය කරන්නේ නිහාල් අබේසිංහ කියලා.දිනවන්නේ ජවිපෙ කෙනාද,මාලිමාවේ කෙනාද කියන තැන ඉදන් මනාප බලු පොරය පටන් ගන්නවා.ඡන්ද ලයිස්තු අත්සන් කරන්නේ නිහාල් අබේසිංහ.අපි දන්න ටිල්වින්ලට ඒවා දරා ගන්න බෑ.නිහාල් අබේසිංහ මේ ධාරාවේ නීත්‍යානුකූල අයතිකාරයා වෙනවා.එතකොට ටිල්වින් කියන්නේ වැඩක් නැති පරණ පෙට්ටගමක්.ටිල්වින්ට වැඩක් ගන්න බැරිවුන මාකස්ගේ ලෙනින්ගේ වෙළුම් ටික ඒක ඇතුලේ තියෙයි.
විජේවීර හදපු මහා දැවැන්ත පක්ෂයේ මිනී පෙට්ටියට ටිල්වින්ලත් දාලා නිහාල් අබේසිංහලා අවසන් ඇණය ගහනවා.දැන් රටේ රාළට ජවිපෙ සාමාජිකයන් අහන්න ප්‍රශ්නයක් තියනවා.දැන් ඔයාලා තීරණය කරන්න ඕනි ජවිපෙ ද්‍රෝහියා රටේ රාළද එහෙමත් නැත්තං ටිල්වින් ඇතුළු හතර දෙනාගේ කල්ලියද කියලා.ජවිපෙ විනාශ කිරීමේ වරදට කවදාවත් ටිල්වින් අනුර ඇතුළු හතර දෙනාගේ කල්ලියට සමාවක් හම්බ වෙන්නේ නෑ.
රෝ ඔත්තු සේවයේ ශාකාවක් බවට ජවිපෙ පත්කිරීමේ පාප කර්මයෙන් කවදාවත් එයාලට බේරෙන්න බෑ.තමන්ට එන පෞද්ගලික අනතුර දැකලා තමයි ටිල්වින් මේ ටික හරි කියන්නේ. දැන්වත් ඔයාලා තේරුම් ගන්න ජවිපෙ හතරදෙනාගේ කල්ලිය කරපු ඓයිතිහාසික දේශපාලන වැරැද්ද මොකද්ද කියලා.ඒ තමයි ජනාධිපතිවරණය වෙනුවෙන් හදපු උපක්‍රම තවදුරටත් කරගහගෙන ආපු එක.
එදා නන්දන ගුණතිලක ජනාධිපතිවරණයට ඉල්ලනකොට ජනාධිපතිවරණයට මුහුණ දෙන්න සන්ධානයක් හැදුවා.ඔයාලට මතක ඇති වමේ පොදු අපේක්ෂකයා විදිහට තමයි නන්දන ගුණතිලක ආවේ.ඒක උපක්‍රමයක්. ජනාධිපතිවරණය කියන සන්ධිස්ථානයට තනිව මුහුණ දෙන්න බැරි නිසා එක්ව මුහුණ දීමේ උපක්‍රමයක්.ඊට පස්සේ ජවිපෙ ජනාධිපතිවරණය වෙනුවෙන් හදපු ඒ අටිටාලය අතෑරියා.හැබැයි මේ ජවිපෙය 2019 ජනාධිපතිවරණයට හදපු අට්ටාලය තවමත් කර තියාගෙන යනවා.ඒකෙන් උනේ පක්ෂය දුර්වල වෙලා අට්ටාල ශක්තිමත් වීමයි.
දැන් අටිටාලයේ අයිතිකාරයෝ වෙලා ඉන්නේ ඉතිහාසයයේ ජවිපෙ පාවාදුන් ද්‍රෝහීන්.එතෙන්ට පාර කැපුවේ වර්තමාන ජවිපෙ ද්‍රෝහීන්.දැන් ඒ දේශපාලන වැරැද්ද ජවිපෙ සාමාජිකයාට දැනෙමින් තියනවා.ඒක ටිල්වින්ලටත් දැනිලා ඇති. හැබැයි ටිල්වින් මේ කරන්න හදන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩක්.රටට රැල්ල පෙන්නන්න,ස්ටේඡ්වලට රැල්ල පෙන්න්න, ටිල්වින්ගේ favorite කාන්තා සමුළුවල සාහිත්‍ය දේශන කිරීමේ උවමනාව වෙනුවෙන් හතරදෙනාගේ කල්ලිය සහ ගෝලබාලයෝ ජවිපෙ මාලිමාවට පාවාදීලා ඉවරයි.
දැන් ජවිපෙ සාමාජිකයන්ට ගෙන්ගෙට ගිහිල්ලා කියන්න ඉතිරිවෙලා තියෙන්නේ ටිල්වින්ලා, අනුරලා ජවිපෙ පාවාදුන් හැටි විතරයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.