මාරපන ඉවත්කිරීම යහපත් ඉදිරි පියවරක් – ගාමිණි වියන්ගොඩ
තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී ඒ කළ ප්‍රකාශයන් පිළිබඳව අපි ගිය සතියේ සිකුරාදා වනවිට පුවත්පත් නිවේදනයක් නිකුත් කළෙ මු. ඔහුගේ ප්‍රකාශය හෙළා දකිමින් සහ ඔහුට තවදුරටත් රජයේ නියෝජිතයෙක් විදියට, ජනතාවගේ නියෝජිතයෙකු විදියට මේ පාර්ලිමේන්තතුවේ වාඩිවෙන්නට අයිතියක් නැති බව එයින් කියැවින. තව ද ඒ නිසා අපි ඉල්ලා සිටියා වහාම ඔහු ඉල්ලා අස්විය යුතු බව. දැන් අදවන විට ඔහු ඉල්ලා අස් වී තිබේ. ඒ ගැන අපි සතුටු වෙමු. තිලක් මාරපන කියන සිද්ධිය මීට වඩා විශාල ප්‍රශ්නයක එක කැල්ලක් පමණි. සම්පූර්ණ ප්රශ්නය මෙය නොවේ. එය මීට වඩා බරපතල ප්රශ්නයකි. යහපාලනය වෙනුවෙන් අපි පත්කරගත් ආණ්ඩුව, පසුගිය මාස කිහිපයක කාලය තුළ යම් යම් සිද්ධින් සම්බන්ධයෙන් හැසිරී තිබෙන ආකාරය මොන ආකාරයකින්වත් අපිට සෑහීමකට පත්වීමට පුළුවන් තත්ත්වයක් නොවේ. ඒක පුපුරාගිය අවස්ථාව තමයි තිලක් මාරපනගේ මැදිහත්වීම. ඒ අතින් තමයි ඒක අපිට විශේෂිත වන්නේ. තිලක් මාරපන නීතිඥයෙක් විදියට ඇවන්ට්ගාඞ් සමාගමේ නීති උපදේශකයා ලෙසටත්, ඔවුන්ගේ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින, අධිකරණය ඉදිරියේ කරුණු දක්වන නීතිඥයා ලෙසටත් කාලයක් කටයුතුකර තිබේ. අප දන්නා පරිදි සාමාන්‍යයෙන් විනිශ්චයකාරතුමෙක් තමන් අහන්නට යන නඩුවට අදාළ පාර්ශයවයක් සිටිනවා නම් තමන්ට දැනුවත්කම් තිබෙන, තමන්ට නෑකමක් මෙන්ම හිතවත්කමක් හෝ වෙනත් සම්බන්ධතාවයක් තිබෙන, එම විනිශ්චයකාරවරයා සම්ප්‍රදායිකව ඒ නඩුව ඇසීමෙන් ඉවත්වේ. මේක තමයි ශිෂ්ඨ සම්පන්න භාවිතය.
දැන් එතකොට තිලක්මාරපන මේ ඇවන්ට්ගාඞ් සමාගමේ නිතිඥයා වශයෙන් දිර්ග කාලයක් කටයුතුකර විශාල ගාස්තුවක් ඒ වෙනුවෙන් අයකර තිබුණු කෙනෙක් ලෙසට ඒ ඇවන්ට්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන එම අමාත්‍යාංශයේම ඇමතිවරයා වශයෙන් පත් වීම ම විශාල ප්රශ්නයකි. එක පැත්තකින් ඔහු ඇවන්ට්ගාඞ් සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින අතර අනික්පැත්තෙන් ඔහුට සිද්ධ වෙලා තිබෙනවා යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරයත් හොබවන්නට. එතකොට මේ අමාත්‍යාංශය ඇවන්ට්ගාඞ් සමාගමේ නිශ්ශංක සේනාධිපතිගේ ප්රශ්නය එනවිට තිලක් මාරපනට ගන්නට පුළුවන් පියවර කුමක් ද? දැන් ඔහු සාමාන්‍යයෙන් යහපාලනය මුල් තැන්හි ලා සලකන ඇමතිවරයෙකු නම් ඔහු මේ කාරණයට මොන ආකාරයෙන්වත් මැදිහත් නොවිය යුතුව තිබුනි. නමුත් ඔහු කළේ කුමක් ද? ඔහුට අර ගාස්තුව ගෙවා ඔහුගේ සේවය ලබාගැනීම සඳහා යොදවා තිබුණු ඒ සේවාදායකවා වෙනුවෙන් පාලර්ලිමේන්තුව ඇතුලේ දි ද පෙනී සිටියේ ය.
මේක පැහැදිළිවම ශිෂ්ට සම්පන්න පාර්ලිමේන්තු භාවිතයට පටහැනි දෙයකි. මෙන්න මේක නිසා තමයි අපි කිවේ, මේ යහපාලන ආණ්ඩුවේ සාමාජික විදියට සිටිම ඔහුට තව දුරටත් සුදුසු නැති බව. මේ කියන ඇවන්ට්ගාඞ් සමාගම කරලා තිබෙන වැරදි පිළිබඳව විමර්ෂණයක් පවත්වා සහ ඒවාට අවශ්‍ය නඩුවිභාග පසුව ඇතිවේ වි. ඒවා වලදී ඒ සමාගම වැරදිකරුවා වෙනවා ද නිවැරදිකරුවා වෙනවාද කියන එක අපිට මේ වෙලාවේ අදාළ නැත. අපිට දැන් අවශ්‍ය වෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධරණවූත්, අපක්ෂපාත වූත් පරික්ෂණ ක්‍රියාවලියක් දියත්කරගැනීම සුදුසුකම් ඇති පිරිසක් යහපාලන ආණ්ඩුවේ සිටිය යුතුයි කියන එකයි. නමුත් තිලක්මාරපන එකන සිටීමෙන් ඒ අවශ්‍යතාවය මුල් අවස්ථාවේදිම උල්ලංඝනය කෙරුනි.
දැන් තිලක් මාරපන පමණක් නොව විජේදාස රාජපක්ෂ කියන අමාත්‍යවරයාත් මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්මක් කළේ ය. මම ඒකයි කීවේ මේක මාරපනට සීමාවන එකක් නොව එයට වඩා ව්‍යාප්ත වූ ප්‍රශ්නයක් බව. දැන් මොකක්ද විජේදාස රාජපක්ෂ කියන්නේ පාර්ලිමේන්තුවේ දී. ඔහු කියනවා ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම නැවැත්වූවේ මමයි කියලා. දැන් මේකෙන් අදහස්වන දේ කුමක් ද? ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ යම්කිසි තත්ත්වයක් තිබුණා නම් ඒකට විරුද්ධව කටයුතු කළේ මමයි කියන එක තමයි විජේදාස රාජපක්ෂ මේ කියන්නේ. දැන් මේකෙන් පෙනෙන්නේ කුමක් ද? මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්නට පියවර ගෙන තිබෙන බවයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කියන්නේ.
දැන් ජිනීවා යෝජනාවක් ඇවිත් තිබෙනවා. ඒ යෝජනාවෙන් කියන්නේ කුමක් ද? අපේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව, නීතිමය ක්‍රියාවලිය පිළිබඳව පාරද්‍රශ්‍යභාවය සහ අපක්ෂපාතිත්වය පිළිබඳව විශ්වාසයක් තියන්නට බැරි නිසයි ඔවුන් මුල් අවස්ථාවේ දී ජාත්‍යාන්තර පරික්ෂණයක් ඉල්ලා සිටියේ. අපි එතකොට ඔවුන්ට කිව්වා, නෑ අපේ රටේ හොඳ අධිකරණයක් තියෙනවා, ඒක නිසා ජාත්‍යන්තර පරික්ෂණයක් එපා කියලා. එසේ පවසා මේ ජාත්‍යන්තර පරික්ෂණය දේශිය පරික්ෂණය කියන අතරමැදි තැනකට ගත්තේ ය. දේශිය යාන්ත්‍රණයක් යටතේ ජාත්‍යාන්තර නිතිඥයින්ගේ, විනිශ්චයකාරවරුන්ගේ හා නඩු පවරන්නන්ගේ සහයෝගයත් ඇතිව මේ ක්‍රියාවලිය දියත්කළ යුතු බවයි අප කීවේ. දැන් විජේදාස රාජපක්ෂ, අත්අඩංගුවට ගතයුතු පුද්ගලයා අත්අඩංගුවට ගැනීම අධිකරණ ඇමති විදියට මම වැළැක්වූ බව කියනවිට ඔප්පු වෙන්නේ කුමක් ද? අර ජාත්‍යන්තරය මෙතුවක් කල් කළ චෝදනාව මෙතනදි ඔප්පු වන්නේ ය. ඒ කියන්නේ දේශපාලන නායකත්වයට පුළුවන් අධිකරණමය ක්‍රියාවලියක් හසුරුවන්නට. මෙන්න මේ විදියේ ඇමතිවරු ඉන්න ආණ්ඩුවකින් යහපාලනයක් මොන විදියෙන් වත් අපේක්ෂාකරන්නට පුළුවන්කමක් නැහැ කියන විශ්වාසයක් අද ජනතාව තුළ මුල්බැසගෙන තිබේ.
ඊ ළගට මේ ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපතිවරයා ව නිෂ්ශංක සේනාධිපතිව ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කිරීමෙන් දවසකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව හමුවීමට කැන්දන් යනවා ගැල්ලේ මන්ත්‍රි සහ දැන් ඇමති වරයෙකුවන වජිර අබේවර්ධන. දැන් මේ බූවල්ලා හොහොමඳ හැසිරෙන්නේ යන්න අපිට තේරුම්ගත හැක. මේ ¥ෂණය නැමැති බූවල්ලෙකි. මේ ලංකාවේ දේශපාලනික ආර්ථික ක්ෂේත්රය වසාගෙන සිටින බුවල්ාලෙකුගේ ක්‍රමය හැදුවේ මහින්ද රාජපක්ෂ ය. දැන් ඒක තව දුරටත් ඉදිරියට ගෙන යැමට තමයි වජිර අබේවර්ධන කියන මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කටයුතු කරන්නේ. යහපාලන ජනාධිපතිවරයා බලයට පත්වී දවස් දෙකක් යන්නටත් කලින් ඔහු මේ වැඬේ කළේ. දැන් මේ මිනිස්සුද යහපාලනය මේ රටට ගෙනෙන්නේ.
දැන් මෙන්න මේ දේවල් පිළිබඳව සැබෑ උවමනාවකින් යහපාලනය වෙනුවෙන් පෙනීසිටින එක්සත්ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයාගේ නායකත්වයෙන් එම පක්ෂයේ සද්භාවයෙන් කටයුතු කරන දේශපාලනඥයිනුත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයාගේ නායතක්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අවශේෂ පක්ෂවල මේ යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වෙලා සිටින දේශපාලනඥයින්ගේත් කාර්යයන් නිශේධවනවා මෙතන දී. ඒ පිළිබඳව සැකයක් ඇතිවෙනවා ජනතාවට. ඒක නිසා අපි කියන්නේ පුරවැසි බලය හැටියට මෙවැනි යහපාලනයට නොගැලපෙන දේශපාලනඥයින් මේ යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. ඒ නිසා අපි සෑහිමට පත්වෙන්නේ නෑ නීතිය හා සාමය පිළිබඳ ඇමති තිලක් මාරපන ඉල්ලා අස්වාට. අපි කියනවා ජනතාව නියෝජනය කරන මංත්‍රිවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවෙන් ද ඉල්ලා අස්විය යුතු ය. ඒ ආකාරයට තමයි මේ යහපාලනය ආණ්ඩුවේ ඒ තියෙන මිනිසුන්ගේ ප්‍රසාදය ආරක්ෂා කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි විජේදාස රාජපක්ෂ වගේ නීතියට මැදිහත් වී මා අහවලා අත්අඩංගුවට ගැනීම වැලැක්වුවා යැයි නිර්ලජ්ජිත ලෙෂ කියන අය සිටිනතුරු අපි ඉදිරියේ තිබෙන කාර්ය භාරය ඉටුකරගන්නට අපිට ලැබෙන්නේ නැත. ඒ නිසා මම හිතනවා මේ යහපාලන ආණ්ඩුවේ නායකයින් මේ අවස්ථාවේදි හරි යම්කිසි පීඩනයක් ඇතිකර තිලක් මාරපනව ඉල්ලා අස්වෙන තැනට පත්කළ එක ගැන ඉතාමත් හොඳ දෙයකි. ඒ පිළිබඳව පුරවැසි බලය විදියට අපි අපේ ප්‍රසාදය පළකරමු. ඒ වගේම යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් සංඥාවක් ලෙසත් අපි මේක සළකමු. මහින්ද රාජපක්ෂගේ පාලනය මෙන් නොව දැන් යහපාලන ආණ්ඩුව මේ ආකාරයේ සමාජ විරෝධයක් නැගෙන විට ඒකට සාධනිය ලෙස ප්‍රතික්‍රියා කරන තතත්වයක් අද ආණ්ඩුවේ තිබීම මේකෙන් ඔප්පුකර තිබේ. නමුත් මෙය ප්‍රමාණවත් නැත.
