ග්ලයිෆොසෙට් විරෝධීන්ට ප්‍රශ්න කිහිපයක් – ජයවීර සෙනෙවිරත්න

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට එරෙහිව එක්තරා පිරිසක් ගෙන යන ප්‍රහාරයට ජනමාධ්‍යයේ විශාල ඉඩක් ලැබී ඇති බව පෙනෙයි. ග්ලයිෆොසෙට් උග්‍ර විසක් බව තරහවුරු වී ඇති බව, වකුගඩු රෝගයට හේතු වන බව ආදී බොහෝ දේ මොවුන් කියන්නේ සක් සුදක් සේ සහතික කරමිනි. එසේ වුවද ඔවුන්ගෙන් මේ ප්‍රශ්න විමසිය යුතුව ඇත. ඒ සදහා ග්ලයිෆොසෙට් විරෝදීන් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දිය යුතුව ඇත .

  1. ශ්‍රී ලංකාවේ මෙම කණ්ඩායම හා ඔවුන්ට සම්බන්ධ පිරිස හැර ග්ලයිෆොසෙට් විස බව බව තහවුරු කර ඇත්තේ කවුද? කුමන රටේද? කුමන සංවිධානය ද?
  2. මෙම කණ්ඩයම කළායැයි කියන සො‍යාගැනීම් නිවැරදි බව වෙනත් විද්‍යඥයන් විසින් පිළිගෙන තිබේද? ඒ කවුද?
  3. ශ්‍රී ලංකාව හැර වෙනත් කිසිදු රටක් ග්ලයිෆොසෙට් තහනම් කොට නැත්තේ ඇයි?
  4. යුරෝපා සංගමය මෙය නිපදවීමට තවත් වසර දහයකට අවසර දී ඇත්තේ ඇයි?
  5. ශ්‍රී ලංකාවේ රජරට මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය හඳුනාගන්නේ 1991-92 කාලයේය. (ඊට පෙරද එය තිබුණා විය හැකිය. හදුනාගැනීමට තරම් සෞඛ්‍ය පහසුකම් දියුණු වී නොතිබුන විය හැකිය ) මෙරට ග්ලයිෆොසෙට්භාවිතය  ආරම්භය සිදු වන්නේ 1998න් පසුවය. 1998න් පසුව භාවිතා වන ග්ලයිෆොසෙටි නිසා 1992 දී රෝගීන් හමුවන්නේ කුමක් නිසාද?
  6. රටේ වෙනත් ප්‍රදේශවල ග්ලයිෆොසෙට් භාවිතයෙන් වකුගඩු රෝග ඇති ‍නොවී රජරට පමණක් වාර්තා වන්නේ ඇයි. ඇඹිලිපිටිය, කළුතර, දකුණ, අම්පාර වැනි පලාත්වලින් මෙය වාර්තා නොවන්නේ ඇයි?
  7. ග්ලයිෆෝසෙට් වැඩියෙන්ම භාවිතා වන ඇමරිකාවේ මෙම වකුගඩු රෝගය වාර්තා නොවන්නේ ඇයි. යුරෝපා රටවල හා වෙනත් බොහෝ රටවලින් වාර්තා නොවන්නේ කුමන හේතුවක් නිසාද?
  8. තේ වලට මෙය භාවිතා කිරීමෙන් රසය වෙනස් වී තේ කර්මාන්තය කඩා වැටෙතැයි කීව ද මීට පෙර වසර පහළොවකට වැඩි කලක් පාවිච්චි කොට එවැන්නක් සිදු නොවුනේ ඇයි?
  9. වෙනත් රටවල තේ වගාවන්ට ග්ල‍යිෆොසෙට් භාවිතා කළ ද ප්‍රශ්න මතුවී නැත්තේ ඇයි?
  10. තම රටට ආනයනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කෙරෙන වගාවන්ට භාවිතා කළ හැකි එකම වල් නාශකය ග්ලයිෆොසෙට් බවට ඔස්ට්‍රේලියාව නියම කොට ඇති බව සත්‍යක්ද? සත්‍යයක් නම් ඒ ඇයි?
  11. රජරට වකුගඩු රෝගයට හේතුව සයිනයිඩ් බව මීට පෙර කැට තියා කීවා නොවේද? දැන් එයට හේතුව ග්ලයිෆොසෙට් කියා සොයාගෙන ඇත්නම් මුලින් කළ සොයාගැනීම වැරදි නොවේද? එලෙසම මෙයත් වැරදි විය නොහැකිද?

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *