ඊයඒ (11 වෙනිදා) හවස හිටපු කතානායක ආචාර්ය ආශෝක රන්වල ශූරීන් පදවපු ජීප් රථය හදිස්සි අනතුරකට ලක්වුනා. නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියන විදිහට හදිස්සි අනතුරක් කියන වචනවලම තියනවා ඒක හිතාමතා කරපු දෙයක් නෙවෙයි කියලා.හැබැයි ඉතින් දණ්ඩ නීති සංග්‍රහයට අනුව රිය අනුතුරක් වලක්වා නොගැනීම,අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම දඬුවම් ලැබ්ය හැකි වරඳක්.රටේ රාළ හිතන්නේ නෑ කිසිම රියදුරෙක් හිතාමතා රිය අනතුරක් කරනවා කියලා.
හැබැයි බීමතින් වාහනයක් එලවන්න ගන්නවා නං අනතුරක් වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි.මෙතැනදී රංවලට තියෙන්නේ රිය අනතුරක් වළක්වා නොගැනීම සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම කියන චෝදනා දෙක විතරයි.බීමතින් වාහනය පැදෙව්වා කියන චෝදනාවක් රංවලට නෑ.මේ වෙනකොට අනතුරට ලක්වුන පුංචි දරුවත් එයාගේ අම්මත්,ආච්චි අම්මත් රිජ්වේ ආර්යා රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නවා.අනතුර කරපු ආචාර්ය අශෝක රංවලත් රෝහල් දෙකකට ගිහින් අන්තිමට කොළඹ ජාතික රෝහලට ඇඩ්මිට්වෙලා අර ලෙඩ්ඩු දෙන්නා ඉන්න වාටුවට එහා පැත්තේ වට්ටුවේ ඉන්නවා.
දැන් ඉතින් මෙතනින් එහාට අනතුරට පත්වෙච්චි අයට යුක්තිය ඉෂ්ඨ කරන වගකීම තියෙන්නේ පොලීසියට.මේ වගේ වෙලාවට තමයි මොන අඩුපාඩු තිබුණත් ශ්‍රී ලංකා පොලීසිය තිබුණා නං හොඳයි කියලා හිතෙන්නේ.දැන් තියන මාලිමා පොලිසිය යටතේ අනතුරට පත්වෙච්චි අයට නං සාධාරණ ඉෂ්ඨ වෙයි කියලා හිතන්න බෑ.මොකද මාලිමා පොලිසියෙන් සාධාරණය ඉෂ්ඨ කරන්නේ මාලිමාවේ අයට විතරයි.දැනටමත් මාලිමා පොලීසිය රංවලට අසාධාරණය ඉෂ්ඨ කරලා.රංගවල බීලා හිටියා කියලා රටේ රාළ කියන්නේ නෑ.
හැබැයි සිද්ධියේ මුල,මැද,අඟ සම්බන්ධ කරලා බලද්දී රංවල බීලා හිටියා කියන සාධාරණ සැකය මතුවෙනවා.අනතුර උනාට පස්සේ රංවල ගිහින් ඇඩ්මිට් වෙලා තියන රෝහල් දෙකෙන්ම එයා ටිකට් කපාගෙන තියනවා.රංවලම වාහනය පදවගෙන ජාතික රෝහලට ඇවිත් ඇඩ්මිට් වෙලා.කොහොම හරි ජාතික රෝහලට ආව රංවලට අමාරු වෙලා රෝද පුටුවක අමාරුවෙන් ඉන්න හැටි ඔයාලත් දකින්න ඇති.මෙතන පලවෙනි සැකය එන්නේ ඇයි රංවල අර රෝගල් දෙකෙන්ම ටිකට් කපාගෙන ආවේ කියන එකයි.
එක්කෝ රංවලට තියෙන අසනීපෙට ඒ රෝහල්වල ප්‍රතිකාර නැතිවෙන්න ඕනි.එහෙනං ඒ රෝහල්වලින්ම රංවලව ජාතික රෝහලට හරි සුදුසු රෝහලකට මාරුකරනවා.එහෙමත් නැත්තං රංවලට ප්‍රතිකාර ගනිද්දී බීලද ඉන්නේ කියන ප්රශ්නය රෝහලන් අහන්න ඇති.ඒක ගැන වෛද්‍යවරයා සටහන් දාන්න ඕනි.ඒ note එක වැටෙන එක වලක්වා ගන්න රංවල රෝහල් දෙකෙන්ම ආවා වෙන්න පුළුවන්.හැබැයි රංවල දන්නවා රංවලට තියෙන හොදම සුරක්ෂිත තැන ජාතික රෝහල කියලා.ඒකක් ඕනි ලෙඩකට එතන බෙහෙත් තියනවා.
අනික තමයි රංවලගේ බිරිඳ සහ දරුවා දෙන්නම ජාතික රෝහලේ සේවය කරන වෛද්යවරුලු.ඒක එහෙම නං එතන තමයි හොඳම තැන.අනිත් කාරණය තමයි රංවල බිලා හිටියත් නැතත් රංවල බීලද ඉන්නේ කියලා බලන්න වෛද්‍ය පරීක්ෂණයක් කරනවා.ඒ පරීක්ෂණය කරනවා නං අනතුර වෙලා කෙටි කාලයක් ඇතුලත ඒක කරන්න ඕනි.පරක්කු වෙන්න පරක්කු වෙන්න වෙරි හිදෙනවා. රංවල රෝහලට එන්න වෙරි හිදෙන්න අවශ්‍ය කාලය ගත්තා වෙන්නත් පුළුවන්.සමහරවිට රංවලට ඊට වෛද්‍ය උපදෙස් ගෙදර පැත්තෙන් හෝ මාලිමා පොලීසිය පැත්තෙන් ලැබුණා වෙන්නත් පුළුවන්.
කොහොම හරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ළමයා කිව්වේ රංවලට රෝහලේ ප්‍රතිකාර කරන නිසා රෑ කට උත්තරයක් ගන්න බැරිවුනා. මත්පැන් බීලා හිටියද කියන පරීක්ෂණය කරනවා කියලත් ඒ දරුවා කිව්වා.හැබැයි රංවල බීලද වාහනය පැදෙවිවේ කියන පරීක්ෂණය කලට වෙලාවට කෙරිලා නෑ කියන එක පැහැදිලියි.දැන් රංවල පලවෙනි අවදානමෙන් මිදිලා ඉන්නේ.ඒ කියන්නේ රංවල බීමතින් රිය පැදෙව්වා කියලා දැන් කාටවත් කියන්න බෑ.රංවල වෙරි මතින් හරි දක්ෂ ලෙස ඒ කඩුල්ල පැනලා තියනවා.
දැන් තියෙන්නේ රංවලගේ අපරීක්ෂාකාරි රිය පැදවීමට,මේ ප්රශ්නය ඉස්සරහා මාලිමා පොලීසිය හැසිරුණ විදිහ ගැන, අනතුරෙන් තුවාල ලැබූ අය සහ සිද්ධ ගැන සංවේදී ජනතාවට තියන කෝපයට උත්තර හදන්නයි.ඇත්තටම මාලිමාව හරියම ලස්සනට මෙතනදී ජනතා විරෝධය කලමණාකරණය කළා. රංවලට ලෙඩක් නෑ කියලා කාටවත් කියන්න බෑ.ඔය වගේ අයට ඇගේ එක එක තැන්වලින් කැක්කුම් එනවා.එක තැනක් අඩුවෙලා ටිකට් කපන්න කිට්ටු වෙනකොට වෙන තැනකින් කැක්කුම එනවා.ඒක නිසා රංවලගේ ටිකට් දැම්ම කපන්නේ නෑ.
රංවලත් අර කට්ටිය ඉන්න තරම් කල් රෝහලේ තියාගන්නේ නෑ. ඊළඟට ඒ මිනිස්සුන්ගෙත් ඉක්මනින් ටිකට් කප්පවන්නත් බැරි නෑ. රංවලගේ ටිකට් කපන්නේ ඇප ලැබුණට පස්සේ.ඊට කලින් ටිකට් කැපුවොත් රංවල අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න වෙනවා.ඕනිනං රංවලට ටික කාලයක් හැංගිලා ඉන්නත් පුළුවන්.හැබැයි ඒක අනුරට හොඳ නෑ.මොකද නීතිය කාටත් සමානයි කියලා අනුර කියන බොරුව එයා තවමත් කන්ටිනිව් කරනවා.ඒක නිසා රංවලට හොඳම ජාතික රෝහලේ සුවපහසු ඇඳක ඉන්න ගමන් අත්අඩංගුවට පත්වෙන එකයි.
ආණ්ඩුවටත් හොඳ රංවල ෂැපාන් ඒකේ තියලා රටට රංවල අත්අඩංගුවට ගත්තා කියන නිවුස් එක ගහන එකයි.ඒකයි රටේ රාළ කියන්නේ මාලිමා පොලීසිය මාලිමාවට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලා.දැන් රංවලට ඇප ලැබිලා එයත් සතුටින්, එයාලගේ ගෙදර අයත් සතුටින්.නීතිය හරියටම ක්‍රියාත්මකයි කියලා අනුරත් සතුටින්,ටිල්විනුත් සතුටින්,පොලිස්පතිත් සතුටින්, වැඩේ ලොකු අවුලක් නැතිව හෝදන්න පුළුවන් නිසා ඩෝබිලත් සතුටින්.ඕක තමයි ආදරිණීය අම්මේ,තාත්තේ සහෝදර සහෝදරියනි,දුවේ,පුතේ හැගීම් බරවෙලා ඔයාලා කරගත්ත සිස්ටම් චේන්ජ් එකේ තරම.
කට කැඩෙනකම් රටේ රාළ කිව්ව ඇත්ත ඔයාලා එදා පිලිගත්තේ නෑ.දැන් රටක්ම විඳවනවා.අනුරගේ අපරික්ෂාකාරී රිය පැදවීම නිසා ශ්‍රී ලාංකව අමාරුවේ වැටිලා.ජිවිත දාහකට කිට්ටු ගාණක් ඒ එක්සිඩන්ට් එකෙන් මැරිලා.අනුර ආපදා කළමනාකරණය නැමති වාහනය අපරීක්ෂාකාරී විදිහට පදවලා විශාල අනතුරක් රටට කරලා ඉවරයි.දැන් අනුරගේ ගෝලයා ජීප් එකක් අපරීක්ෂාකරී විදිහට පදවලා තවත් විශාල අනතුරක් තනි පවුලකට කරලා ඉවරයි.රටේ රාළට කරන්න තියෙන්නේ මේ අවනඩුව තවත් හයියෙන් කෑගහලා රටට කියන එක විතරයි.
එහෙම හිතෙනකොට මතක් වෙන්නේ ටිල්වින් විසින් අවභාවිතා කරපු විජේව්රගේ කවියක්.
කුසට සා ගිනි,හදට සෝ ගිනි
ඉණට වැරහැලි කැබලි එල්ලා..
සතුට සැනසුම අහිමි කර ලු
අඳුර දිනු කාලය ගිහිල්ලා……
නොසිට මැරි මැරි
සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා
නැගිටපල්ලා…නැගිටපල්ලා…
උඹලගේ වාරය ඇවිල්ලා.
නීති වල් වැදිලා අවනීතිය රජ කරන රටේ අපට රංවලගෙන් අහන්න තියෙන්නේ මචං උඹ බීලද හිටියේ කියලා විතරයි.අපට උත්තර එපා රංවල,ඒ ප්‍රශ්නයට උත්තරය උඹගේ හෘද සාක්ෂියට දීපන්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
