ඒකාබද්ධය පච වෙයි ! තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවයට ඕමාන විදේශ ඇමති එයි .
හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරෙන කනිජ තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවය සඳහා සහභාගී වීමට ඕමාන් ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රූමි මහතා ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ ඇත. ඩොලර් බිලියන 3.8ක මෙම පිරිපහදුවට ඕමානයේ සම්බන්දයක් නැතැයි ද ආණ්ඩුව බොරු කියන්නේ යයි ද කියමින් ඒකාබද්ධ විපක්ෂයහා ඇතැම් ජනමාධ්‍ය පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙන ගියේය .
හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙය ශ්‍රී ලංකාවේ කෙරෙන විශාලතම විදේශ ආයෝජනයයි .
අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන නව තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් මාස 44ක කාලයක් තුළත් අක්කර 64ක භූමියක් පුරා ඉදිකෙරෙන සිමෙන්ති කර්මාන්තශාලාව මාස 18ක් ඇතුළතත් ඉදිකර අවසන් කිරීමට නියමිතය.
