අපි ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ ව්‍යවස්ථාව කියවීම කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනය ඉගෙන ගත යුතු බවයි – ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස
රටක් පාලනය කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව, නීතිය අනුවයි. එසේ නොමැතිව එක් එක් පුද්ගලයින්ගේ හැසිරීමේ ස්වභාවය මත සංස්කෘතික ප්‍රශ්න මත රට පාලනය කිරීම ව්‍යවස්ථාව නීතිය උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නැහැ. ජනාධිපතිවරයා තීන්දු-තීරණ ගත යුත්තේ රටේ ව්‍යවස්ථාව අනුවයි.
අද මෛතී‍්‍රපාල පාර්ශ්වයේ ඇතැම් මන්තී‍්‍රවරු කියනවා, 19ට පක්ෂව ඡුන්දය දුන්නේ 20ක් ගේනවා කියලා ජනාධිපතිවරයා පොරොන්දු වුණ නිසා කියලා. තවත් සමහරු කියනවා ජනාධිපතිවරයා කිව්ව නිසා 19ට ඡුන්දය දුන්නා කියලා. මේ මන්තී‍්‍රවරු දෙන්නම් කාසිවලට 19ට පක්ෂ වුණා වගේ අද 19ට විරුද්ධ වෙන්නේ එවැනි දෙන්නම් කාසිවලටද කියලා අපිට සැකයක් තිබෙනවා. එසේ නම් එම කාසි ප්‍රමාණය කොපමණද කියලත් හොයන්න වෙනවා.
19වැනි සංශෝධනය සම්මත වීමෙන් පස්සේ එහි අරමුණු පිළිබඳව මනෝහර ආර්. ද සිල්වා මහතා විසින් ලියන ලද පොතක සඳහන් වෙනවා, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමාරක් ගතවීමෙන් පසුව බව. එවැනි පොතක් ලියපු මනෝහර ආර්. ද සිල්වා මහතාම අද පෙනී ඉන්නේ ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි කියලා. 19වැනි සංශෝධනය සම්මත වූ පසුව එය සමාජයේ පොදු දැනුම බවට පත්වුණා. ඒ වගේම 19වැනි සංශෝධනයේ කරුණු පාසැල් විෂය නිර්දේශයන්ට ඇතුළත් වුණා. ඒ අනුව තමයි උසස් පෙළ විෂය නිර්දේශයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට වසර හතර හමාරක් ගතවූ පසුව බව. ඒ වගේම සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනයටත් එම විෂය කරුණ උගන්වනවා. 2016 අ.පො.ස. සාමාන්‍ය පෙළ පළමු ප්‍රශ්න පත්‍රයේ 22වැනි ප්රශ්නය වන්නේ ‘19වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වන්නේ….’ යන්නයි. එම වසරේ විභාගයේදී ලකුණු ලබාදී තිබෙන්නේ ‘පාර්ලිමේන්තුව පත්වී අවම වශයෙන් වසර හතර හමාරක් ගතවූ පසුවය’ යන පිළිතුරටයි. විභාගයට පෙනී සිටි ළමුන් එම පිළිතුරට ලකුණු ලබාගෙන දැන් උසස් පෙළ අධ්‍යාපනය හදාරලා තිබෙනවා. එම නිසා අපි ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ ව්‍යවස්ථාව කියවීම කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ පුරවැසි අධ්‍යාපනය ඉගෙන ගත යුතු බවයි.
ජනප්රවාදයේ එක කතාවක් තිබෙනවා, බූරුවෙක් ගැන. ප`ඩිවරයෙක් ගමන්බිමන් යන්න බූරුවෙකු පාවිච්චි කරගෙන තිබෙනවා. එම පඬිවරයා මිනිසුන් අතරට යන විට ඔහුට හිස පහත් කරමින් ගෞරවාචාර කර තිබෙනවා. පසුව බූරුවා කල්පනා කරනවා මිනිස්සු ගෞරව කරන්නේ තමාට බැවින් තමන් තනිවම මිනිසුන් අතරට යා යුතුයි කියලා. නමුත් බූරුවා තනිව ගිය විට බූරුවාට ‘හොඳින් සැලකූ’ බව එම කතාවේ සඳහන් වෙනවා. රාජපක්ෂ රෙජීමයට විරුද්ධව 2015 ජනමතය ඔසවාගෙන යෑම සඳහා පාවිච්චි කළේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයායි. නමුත් ඔහු හිතනවා නම් ජනවරම පැත්තක තබා තනිවම ජනතාව අතරට යන්න ඔහුටත් ජනතාව කරන්නේ ජන කතාවේ එන බූරුවාට කරපු දේ බව ජනාධිපතිවරයා අමතක කළ යුතු නැහැ. ජනතාව ගරු කරන්නේ ජන වරමට මිස එය කරපිට තියං යන බූරුවාට නොවේ.
දේශපාලන කුමන්ත්‍රණය සිදුවූ දින සිටම ජවිපෙ පැහැදිලිව කිව්වා අපි පෙනී ඉන්නේ දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට මිස කිසිවෙකු අගමැති ධුරයට පත්කිරීමට නොවෙයි කියලා. එනිසා අදත් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ අගමැති පොරයට නැහැ. කිසිවකෙු අගමැති කිරීමට ජවිපෙ ඡුන්දය පාවිච්චි කරන්නේ නැහැ.
ජනාධිපතිවරයා විසින් කටයුතු කළ ආකාරය පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. නමුත් ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝණය කරනවා නම් ජනාධිපතිවරයාට එරෙහිව ගත හැකි කි‍්‍රයාමාර්ගත් ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවලට ගරු කරමින් ඒ අනුව කටයුතු කළ යුතුව තිබෙනවා.
මනෝජ් රූපසිංහ
ස්තූතිය – මාධය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ
