අසාර්ථක දීග ගැන මෛත්රීගෙන් පොත් රැසක්!

රනිල් සමග අසාර්ථක දීගය ගැන පොතක් ලියන බව මෛත්රිොපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන අංශ ප්රපකාශ කරන්නේ ජනාධිපතිට මෙබඳු තවත් පොත් ගණනාවක් ලියන්නට වන බවයි.

පළමුවැන්න මාදුළුවාවේ සෝභිත හිමියන් ප්රේමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්යාවපාරය සමග අසාර්ථක දීගය ගැනය. මුලදී සිරිසේන මහතාගේ හිතවතෙකුව සිටි මහාචාර්ය සරත් විජේසූරිය, දඹර අමිල හිමි වැනි සිවිල් සමාජ ක්රිරයකාරීන්ට දැන් සිරිසේන මහතා වහ කදුරු මෙන් තිත්තය.
පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ ඇතුළු කණ්ඩාම සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය.

ජනාධිපති සිරිසේන මහතා සමග යහපාලනය සඳහා පැමිණි කණ්ඩායමේ රාජිත සේනාරත්න, එම්. ඩී.කේ. එස්. ගුණවර්ධන, අර්ජූන රණතුංග, පාඨලී චම්පික රණවක, ජයම්පති වික්රේමරත්න ආදීන් සමග දීගය බිඳවැටුණේ 2015 අගෝස්තුවේ දී ය. ඔවුන් සියලු දෙනාට ඒ මොහොතේ පිහිට වූයේ රනිල් වික්රමමසිංහ මහතාය. එක්සත් ජාතික පෙරමුණ හදාගෙන රනිල් ඔවුන්ට අවස්ථාව නොදුන්නේ නම්, ඒ පිරිස එදාම අනාථ වන්නේය. වාමාංශිකයකු වූ ජයම්පති වික්රරමරත්නට පවා එ.ජා.ප.ය. සමග එකට කටයුතු කරන්නට සිදුව ඇත්තේ මෛත්රිඑපාල සිරිසේනගේ සංස්කෘතිය හා ඔහුගේ සංස්කෘතිය අතර ගැටුම නිසාය.මෛත්රිේපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස රැගෙන ආවේ චන්ද්රිඅකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියයි. ‘මෙයා විශ්වාද දැ’යි සෝභිත හිමි විමසන විට එම සහතිකය දුන්නේ ඇයයි. දැන් ඇය සමග සිරිසේනගේ දීගය ද අසාර්ථක වී ඇත. ඒ ගැන ද මෛත්රිනපාල සිරිසේන මහතා පොතක් ලිවිය යුතුමය.

යහපාලන සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස්ස උදවිය ගෙන් තව වනතෙක් මෛත්රිජපාල සමග ඉන්නේ දුමින්ද දිසානායක පමණකි. ඔහු ඉන්නේ ද කලකිරීමෙනි. දැන් මෛත්රීණ වටා ඉන්න අනෙක් සියලු දෙනා මහින්ද රාජපක්ෂ මහතාගේ ගෝලයින්ය. ඔවුන් කිසිවකු යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අය නොවේ. ඒ කතාන්දරය ලිව්වොත් …. සිදුවීම් රැසක් හෙළිදරව් වනු ඇත.

මෛත්රිරපාල සමග වැඩ කළ නිලධාරින් ද වරින්වර ඔහු හැරයාම සාමාන්යය සිදුවීමකි. මේ වන විට ජනාධිපති ‍ලේකම්වරු තිදෙනෙක් මාරු වී ඇත. මාණ්ඩලික ප්ර ධානින් සංඛ්යා ව දෙදෙනෙකි. වෙනත් නිලධාරින් ගණන ගණන් බැලීම අසීරුය. මේවා ගැනද පොත් ගණනාවක් ලිවිය හැකිය.
හිරුණිකා ප්රෙ මචන්ද්රස වැනි උපන්ගෙයි ශ්රීද ලංකා කාරියන් අද එ.ජා.ප.ය.ට ගොස් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා නිසා පමණක් නොව පසුව මෛත්රිැපාල සිරිසේන මහතා විසින් ද පවාදෙනු ලැබීම නිසාය. එයද තවත් කාතාන්දරයකි.

එබැවින් තම අසාර්ථක දීගය ගැන මෛත්රිිපාල සිරිසේන මහතා පොත් ලියන්නේ නම් එකක් නොව බර ගණනක් ලියන්නට සිදුවනු නොඅනුමානය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *