වීරවංශට , ගම්මන්පිලට ,වාසුට අගමැති රනිල්ගෙන් කැරට් අල !
විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයෙදී දැඩි වාග් ප්‍රහාර එල්ලකළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශවල උපදේශක කාරක සභා පත්කිරීමේ පාර්ලිමේන්තු කමිටුවට ඔවුන් කැදවා සුහද හා ඵලදායි සාකච්චාවක නිරත වූ බව වාර්තාවෙයි . එහිදී බොහෝ වැදගත් තීන්දුවලට එළබි බවත් ,යළිත් ලබන සතියේ රැස්වීමට තීරණය කළ බවත් අපගේ ආරංචි මාර්ග කියයි . මෙම පිරිසට අගමැතිතුමා වාග් ප්‍රහාර එල්ලකරන විටත් එතුමාගේ ආරාධනා ලිපි ඉහත කී මන්ත්‍රීවරුන් වෙත ලැබී තිබුණු බව ද කියති .
පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්රදාය අනුව පක්ෂ නායක රැස්වීමට සහභාගී කරගැනීම සීමා වී ඇතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ආණ්ඩුකරණයට සම්බන්ද කර ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇතැයි කියති .
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට හා ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂ ලෙස පිළිගැනීමක් නැතත් රවුෆ් හකීම් මහතාට හා මනෝ ගනේසන් මහතාට පක්ෂ නායක රැස්වීමට එජාපය වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව ලබා දී ඇත්තේද එම ප්‍රතිපත්තිය අනුවය .
