ශ්‍රී ලංකාවට විදුලි දුම්රිය ගෙන ඒම ඉක්මන් කලයුත්තේ ඇයි? – ඉංජිනේරු ආයතනයේ මතය
දිනෙන් දින පාඩු ලබන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය කාලයක් පුරා පවතින්නේ මහජන මුදලින් නඩත්තු වන ආයතනයක් ලෙසිනි. පැවැති සෑම රජයක් විසින්ම දුම්රිය සේවය යථා තත්ත්වයට පත්කොට පාඩු නොලබන සේවයක් බවට පත් කිරීමට විවිධ කි‍්‍රයා මාර්ග ගනු ලැබුවද ඉන් සාර්ථක ප‍්‍රතිඵල අත්වූයේ නැත. දුම්රිය සේවය නඩත්තු කිරීම ස`දහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර වරින්වර ඉන්ධන මිල…
