විදුලි ගැටළුවට මුහුණ දීමට පුනර්ජනනීය බලශක්තියකට යායුතුයි – විදුලි ඉංජිනේරු – මහින්ද තෙන්නකෝන්

මහින්ද තෙන්නකෝන් විදුලිය බිඳ වැටීම් ද, විදුලිය කප්පාදු කිරීම් ද ඇතැම් කාලවලදී සිදුවුවත්, පසුගිය දිනවල සිදුවූ විදුලිය කඩා වැටීම ජනතාවට වෙන කවරදාටවත් වඩා දැනුණා කියලයි මම හිතන්නෙ. ඒකට හේතුව කුමක්ද?

විදුලි පරිභෝගිකයෙකුට විදුලි කප්පාදුව හෝ විදුලිය බිඳ වැටීම කවදත් දැනුණ දෙයක්. එහෙත් මෙවර විදුලිය බිඳ වැටීම වෙනදාටත් වඩා ජනතාවට දැනුණා කියන එක පිළිගන්නව. ඒක හේතු රැුසක් එකතු වෙලා ගොඩනැගුණු තත්ත්වයක් කියලයි මම හිතන්නෙ. වෙනදට වඩා විදුලිය පාර්භෝජනය කරන සංඛ්‍යාව වැඩියි. රටේ පවුල් සංඛ්‍යාවෙන් 95%ක් තරම ජාතික පද්ධතියෙන් විදුලිය පරිභෝජනය කරන්නන්. පිරිස වැඩි වෙන විට හඬ ද වැඩිවීම එක අතකින් සිදුවෙනව. අනික් අතින් විදුලි පරිභෝජනය ජන ජීවිතය හා බද්ධ වෙලා තියෙනව. මේ දවස්වල පවතින අධික උණුසුම් කාලගුණයත් එක්ට හේතුවක්. පිටිසර ජනතාව එළියෙ ගහක් යටට වෙලා උණුසුම නිවාගත්තත් නගරයේ ජනතාවට විදුලි පංකා හා වායු සමීකරණ නොමැතිව මේ උණුසුම දරා ගන්න බැරිවීමත් මෙවර විදුලි බිඳ වැටීම ප‍්‍රබල මාතෘකාවක් වෙන්න එක හේතුවක්. තවත් අතකින් ආණ්ඩුවට විරුද්ධ පිරිසක් හඬ නගන්න පටන් ගත්තා මේ රජයට ජනතාවගේ විදුලි අවශ්‍යතාවයවත් හරියට සපයන්න බෑ කියල. ඒ නිසා විදුලිය බිඳ වැටීම ප‍්‍රබල මාතෘකාවක් වුණා. එය ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්නත් මන්ඩලය අපොහොසත් වුනා. ජනමාධ්‍යයටත් එය ප‍්‍රබල මතෘකාවක් වුනා.

ඒ අතරම තවත් පිරිසක් කියන්න පටන් ගත්තා, විදුලි බිඳවැටීම ස්වභාවික හේතුවක් නෙමේ, පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමේ කුමන්ත‍්‍රණයක එක් පියවරක් කියල. ඒ පිළිබඳව ඔබ හිතන්නේ කුමක් ද?

සමහරවිට එහෙම දෙයක් වෙන්නත් බැරි නැහැ. එය සොයාබැලීම ආණ්ඩුවේ වගකීමක්. ඉදිරියේදී එහි යථාතත්ත්වය පැහැදිලිවෙයි.
විදුලිය බිඳවැටීමට හේතුව විදුලි ඉල්ලූම ඉහළ යාම නිසා අවශ්‍ය සැපයුම කිරීමට නොහැකි වූ නිසා ඇතිවූවක්ද?
ඔව්. එය අදටත් වඩා ඉදිරියට බලපාන්න පුළුවන්. ඒ සඳහා දැන්ම ම සූදානම් වියයුතුයි. විදුලිය නැතිව කළුවරේ, දාඩිය නිවාගන්න බැරුව දැඩි උණුසුමේ ඉන්න ගියහම තමයි විදුලියේ අගය තේරුණේ. කෙසේ වෙතත් මේ විදුලිය බිඳ වැටීම ආශිර්වාදයක් කියලයි මම හිතන්නෙ. මේ තුළින් මේ අර්බූධය විසඳීමට පියවර ගත යුතුයි.

විදුලිය ඉල්ලූම තරමට සැපයුම නැතිනම් ආනාගතය සඳහා දැන්මම සූදානම් විය යුතුයි. ප‍්‍රශ්නය උද්ගතවුනාට පස්සෙ විදුලිය වගේ දේකට කඩිනමින් විසඳුම් හොයන්න අමාරුයි.

මෙඝවෝට් 2700ක් පමණ ප‍්‍රමාණයක් අපට පාවිච්චිි කරන්න අවශ්‍යයි. එය සපයන්න මෙඝවෝට් 4000ක් පමණ අවශ්‍යයි. විදුලිය දවසේ පැය 24 පුරාම එක ආකාරයකින්ම, එකම අගයකින්ම නිකතුත් වෙන්නෙ නෑ. රාත‍්‍රී 12 ට පමණ පරිභෝජනය ඉතා අඩු මට්ටමකට එනවා. සවස 6ත් 9ත් අතර තමයි පරිභෝජනය වැඩිම අවස්ථාව. අපි ඒකට කියන ‘පීක් අවර්’ එක කියල. ඒක ඉහළ පහළ යනව. නමුත් බේස් ලෝඞ් එක කියන එක හැමදාම එකම මට්ටමක තියෙනව.

ගල් අ`ගුරු බලාගාරයක් හැදුවෙ මෙඝවෝට් 900 ක ප‍්‍රමාණයක අඛණ්ඩව ලබාගන්න. එහෙත් එය බලාපොරොත්තු වූ තරම් සාර්ථකයත්වයක් පෙන්නුම් කරන්නෙ නෑ. එහි තියෙන ලොකුම ගැටළුව තමයි යම්කිසි විදිහකින් මේ බලාගාරයක් අක‍්‍රීය වුනොත් සක‍්‍රීය කරන්න දින දෙකක්, තුනක් ගත වෙනවා. මෙවර විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට පත් කරන්න දින කිහිපයක් ගත වීමෙන් එය තහවුරු වුනා.

ඔබ දිගුකලක් විදුලි බල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරු වරයෙක්. ඔබ දේශීය වශයෙන් පමණක් නොව විදේශ රවල ද විදුලි බල ගැටළු නිරාකරණය කිරීමට උර දුන් පුද්ගලයෙක්. ඔබට මේ පිළිබඳ ප‍්‍රාමාණික අත්දැකීමක් තිබෙන බව පැහැදිලියි. විදුලි බලය බිඳ නොවැටී අඛණ්ඩව අවශ්‍ය විදුලිය සැපයීම සඳහා විසඳුම් වශයෙන් ඔබ ඉදිරිපත් කරන යෝජනා මොනවාද? ඔබේ විදේශ අත්දැකීම් මොනවාද?

අපේ ආයතනය කෙන්යාව ඇතුළු තවත් අප‍්‍රිකාණු රටවල් රැුසක මිනි හයිඩ්‍රෝ ප්ලාන්ට් යෝජනා කර සාර්ථකව ක‍්‍රියාත්මක කෙරුවා. ඒ රටවල් සමග සංසන්ධනය කෙරුවොත් ලංකාවෙ විදුලි බල මණ්ඩලය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. සමහර රටවල ප‍්‍රධාන නගරයෙන් කිලොමීටර් 25 – 30 ක් යන විට විදුලි බලය නෑ. ඔවුන් පෞද්ගලික ජෙනරේටර් මගින් තමයි අවශ්‍ය විදුලිය සපයා ගන්නේ. මම මම යෝජනා කරන්නේ මේකට තියෙන හොඳම විසඳුම තමයි පුනර්ජනනී විදුලිබල ශක්තියට වැඩියෙන් නැඹුරු වීම. එය වඩාත් පරිසර හිතකාමී මෙන්ම විදේශ විනිමය අවම මට්ටමකින් වැය කර ගොඩ නගන්න පුළුවන් විදුලි උත්පාදන ක‍්‍රමයක්.

ගල් අ`ගුරු බලාගාරවලින් වන හානිය කුමක් ද? නිවැරදි විසඳුම පුනර්ජනනීය බලාගාර නම් ඇයි අපි තවම එම විසඳුමට යන්නෙ නැත්තෙ?
ගල් අ`ගුරු බලාගාරවලින් විදුලිය උත්පාදනය කිරීමේ දී ඇති වෙන ගැටළු වශයෙන් ප‍්‍රතිවාදී දේශපාලන බලපෑම්. රාජ්‍ය ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේ උදාසීනත්වය වගේ දේවල් හා විශේෂයෙන්ම පරිසර හිතකාමීන් විසින් එල්ලවන විරෝධතා එයට බලපෑවා. පරිසරවේදීන් කියනවා මේ නිසා වැහි රටා වෙනස්වෙනවා, අම්ල වැසි ඇතිවෙනවා, වැඩිපුර ගෙන්දගම් ප‍්‍රමාණයක් පොළොවට නිකුත් වෙනවා, මින් පිට වෙන අළු වලට කරන්න දෙයක් නැති වෙනව කියල.

අපේ රට ගත්තොත් නිරිතදිග මෝෂම් සුළ`ගං හා ඊසානදිග මෝසම් සුළංවලින් ජීවත්වෙන රටක්. අපේ රටේ මැද තමයි කඳුකරය තියෙන්නෙ. හුළං ඔක්කොම ඇවිල්ලා මේ කන්දෙ තමයි වදින්නෙ. ඒක අපේ රටෙ ජෛව විවිධත්වය අතින් හොඳ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනව. අපේ රටේ තමයි කොළ පාට දොඩම් තියෙන්නේ. ඒවා හරි රසයි. අපේ ලූණු ගත්තත් ඒවා හරි රසයි. අපේ රටේ පොල් තමයි පිටි බවට පාවිච්චි කරන්න පුළුවන්. අපේ රටේ කෙහෙල් මුහේ කෑමට ගන්න පුලූවන්. ඒක තමයි අපේ දේශගුණ විපර්යාසය. ඊසානදිගින් හා නිරිතදිගින් එන හුළංපාර ඇවිත් වදින්නේ මධ්‍යම කඳුකරයේ. මධ්‍යම කඳුකරයේ ඉඳලා මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා හතර ඇතුළු ගංගා හරසිය ගාණකට ආසන්න සංඛ්‍යාවල් පොළොව සරු කරමින් රට පුරා ගලා යනව. ඒ අපේ රටට අවේනිද වූ ගුණයක්.

ලංකාවේ මහවැලිය යටතේ ඉදිවී විශාල ජලාශ ඉදිකිරීමෙන් කලක් යද්දි ගැටලූවකට මුහුණ දෙන්න සිද්ධ වෙනව. මේවා ඉදිකිරීමට ගත්ත කොන්ක‍්‍රීට්වල තත්ත්වය අවුරුදු 40 ක්, 50 ක් යනකොට බාල වෙනව කියලයි කියන්නෙ. ලක්‍ෂපාන අවුරුදු 100ක් වුණත් ඒවායේ ගැටලූවක් නැති බවත් කියන්න අවශ්‍යයි. නමුත් තර්කයක් වශයෙන් එය තියනව. ජලවිදුලියෙන් කරගෙන යන මහා ජල විදුලිබලාගාර දැන් අවසන්.  දැන් ඒ ශඛ්‍යතාව නෑ.

අපිට ගල් අ`ගුරු නැහැ. අපි ඉන්දන ගෙන්වන්නෙ පිටරටවලින්. සමහර අය කැමතියි තෙල් වලින් වැඩකරන්න. ඒකෙන් ලැබෙන ආර්ථික වාසි තකා එහෙම කරනව කියලයි අර්ථ දක්වන්නේ. විදුලි බල මණ්ඩලයෙන් ඉන්දන මගින් උත්පාදනය කරන විදුලියට ගෙවන මිල වැඩියි.
වැසි කාලයට ජලවිදුලි උත්පාදනය වැඩියි. පායන කාලයට ජල විදුලිය උත්පාදනය අඩුයි.  එහෙනම් පායනකොට සූරිය බල ශක්තියට ගිහින් වහින කොට ජල විදුලියට යන්න  ඕනැ. සූරිය බලශක්තිය උදේ 8 සිට සවස 5, 6 වෙනකම් අපිට ලබාගන්න පුළුවන්. වර්ෂා කාලයකදී ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඊළ`ග එක තමයි සුළ`ග. සුළ`ගින් විදුලිය උපද්දන්න පුළුවන්. ඒක ජාතික පද්ධතියට එක්කර ගැනීමේ දී ගැටළු තියනව. සුළ`ග අඛණ්ඩව අපිට එක දිගට ලැබෙන්නේ නෑ.

ඊට පස්සේ අපි පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳව සොයා බලන්න උනන්දුවුනා. ඒක තමයි පහසුම දේ. කුඩාපරිමාණ ජල විදුලිබලාගාර, ඒවට අපි කියනව මිනි හයිඩ්‍රෝපවර් කියල. ඒක තමයි අපිට තියෙන විකල්පය. ඒකෙදි අපිට විශාල ජලාශ හදන්න දෙන්නෙ නෑ. ජලාශයක ජල පහරක් හරවල ඒකෙන් අපි විදුලිය නිෂ්පාදනය කරනව. ඒකෙදි අපි බලන්නේ වතුර පහරේ ප‍්‍රමාණය සහ උස.

අපි ඒක කරන්න ගියහම ජනතාව හිතනවා මහා පරිසර විනාශයක් වෙනව කියල. දිය ඇලි පාවිච්චි කරන්න දෙන්නෑ පරිසර විනාශයක් වෙනව කියල. අපි එහෙම වෙන්න දෙන්නෙ නෑ. අපිත් රටට, පරිසරයට ආදරෙයි. අපි කියන්නේ අපි අවශ්‍ය විදුලි බලය නිපදවාගෙන ඒ සඳහා යම් ඉදිකිරීමක් සිදුකිරීමේ දී යම් හානියක් වෙනව නම් සංර්ක්‍ෂණ වැඩ පිළිවෙලක් කරනවා කියල. අපි පස සෝදා නොයාමට ගස් වැවීම, පිඩලි ඇල්ලීම කරනව. ඒ විතරක් නෙමෙයි ජල පෝෂික ප‍්‍රදේශවල පවා අපි අලූතින් ගස් වවනව. ගස් තිබුණොත් වැඩියෙන් වර්ෂාව ලැබෙනව. වැඩියෙන් වර්ෂාව ලැබුණොත් වැඩියෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන්. අපිටත්  ඕනෑ පස සෝදායාමෙන් වලක්වා පරිසරය ආරක්‍ෂාකර ගැනීමටයි.

මේ වැඩ පිළිවෙලවල් ප‍්‍රමාද වෙන්නේ අමාත්‍යවරයාගේ ආමාත්‍යාංශවල  ඇති උදාසීනත්වය නිසා ද?

එහෙම කාලයක් තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. විදුලිය බිඳ වැටීමක් ඇති වුණොත් මුලින්ම චෝදනාව එන්නේ, උත්තර බඳින්න වෙන්නේ ඇමතිවරයාටයි. ඔහුටත්  ඕනෑ අඛණ්ඩ විදුලිය සැපයුමක් පවත්වාගෙන යන්නත්, පාඩු නැතුව අමාත්‍යාංශය පවත්වාගෙන යන්නත්. මේ කරුණ නිසා වත්මන් ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලය මේ ගැන උනන්දුවක් දක්වන බව කිව යුතුයි.

පරිසරවේදීන් මේ තත්ත්වය නිවැරැුදිව හඳුනාගත හොත් ඉදිරියේ දී ඇති වන විදුලිය ඉල්ලූම, සැපයීමට ප‍්‍රමාණවත් ලෙස පුනර්ජනනීය විදුලිය බල උත්පාදනයෙන් විසඳුමක් ලබාදෙන්න පුළුවන්. තවත් අතකින් එය    රැුකියා සැපයුමක් ද වෙනවා. මේ රජය බලයට ඒමේදී දුන් පොරොන්දුවලින් ප‍්‍රධාන එකක් තමයි රැුකියා ලක්‍ෂ 10ක් ඇති කිරීම. මේ තුලිනුත් රැුකියා යම් ප‍්‍රමාණයක් දෙන්න පුලූවන්. ඉදිකිරීම් කාලයේ දී අපි ශ‍්‍රමිකයන් සපයා ගන්නේ එම ඉදිකිරීම් කරන ගම්වලින්මයි. ඔවුනට ඈතක ගොස් රැුකියාවක් කරනවාට වඩා ගමේ ම සේවා ස්ථානයක වැඩ කිරීම ආර්ථික අතින් මෙන්ම සමාජීය වශයෙන් ද යහපතක් සැලසෙන්නක්. ඔවුන්ට ගෙදරින් දෙන බත් එක බැඳගෙන ඇවිත් රැුකියාව කරල රාත‍්‍රී කෑමට නිවසට යන්න පුලූවන්. ඔහු ජීවත් වෙන්නෙ බිරිඳ හා දරුවන් සමග. ඒකට ශ‍්‍රමිකයන් බොහෝ දෙනෙක් කැමතියි. ඒ වගේම මෙම ව්‍යාපෘති කි‍්‍රයාත්මක වූ පසුවත් ඔවුන්ට ගමේ තැනක, නිවසේ, නැත්නම් ආසන්නම කඩපොළේ විදුලිය උපයෝගී කරගෙන කරන ව්‍යාපාරයක් කරන්න පුළුවන්. බැටරි චාර්ජ් කරන වැඩපොළක්, වෙල්ඩින් වැඩපොළක්, ලේත් වැඩපොළක් ආදිය උදාහරණ වශයෙන් පෙන්වන්නත් පුළුවන්.

සාකච්ඡුාවක් ඇසුරින් සකස් කළේ මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *