සජින් වාස්ට අධි චෝදනා බාර දීමෙන් පසු ඇප මත මුදාහරී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද(05) කොළඹ…

නිමල් සිරිපාලත් යයි?

ශ්‍රී ලං.නි.ප.යේ ප්‍රබල නාකයකු වන නිමල් සිරිපාල ද සිලවා මහතා ඉදිරි දිනකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වනු ඇතැයි තතුදත් දේශපාලන අංශ වාර්තා කරයි. ඒ මහතා පසුගිය දිනක පොදුජන පෙරමුණේ නායකයන් හා ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වු බව ද වාර්තාවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව ඉදිරි ගමනක් නැති බව කියන නිමල් සිරිපාල ද…

රනිල් කූඩුවට නංවන කතාව ජනාධිපතිගේ තවත් පචයක් – නීති අංශ කියයි

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චූදිතයකු ලෙස අධිකරණයේ කූඩුවට නැංවීමට සියලු ලිපිගොනු සූදානම් බවට ශ්‍රී ලං.නි.ප. 68වන සංවත්සරය දා කතාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේ තවත් විශාල බොරුවක්  බව නීතිපති දෙපාර්තමේන්තුවේ හා නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් නොකර කීවේ අර්ජූන මහේන්දුන්ට වඩා ඉහළ බලධාරියකු කූඩුවට නංගවන බවයි….

කුරුණෑගල රැලියේ දී රනිල්ට කිසිදු විවේචනයක් කරන්නේ නැහැ – සජිත් පිලෙන් පොරොන්දුවක්

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉල්ලා කුරුණෑගල පවත්වන රැලියේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු විවේචනයක් නොකරන බවට සජිත් පිලේ ප්‍රබලයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බව වාර්තාවෙයි. සියලු රැස්වීම්, උද්ඝෝෂණ, විවේචන නවත්වන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ කණ්ඩායමට කළ දැනුම් දීමකට පිළිතුරු ලෙස ඔවුන් මෙම පොරොන්දුව…

විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමට කැපවනවා අගමැති රනිල් මාලදිවයිනේ පාර්ලිමේන්තුව අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් දිගටම කැපවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙම ප්‍රකාශය කළේ මාලදිවයිනේ කළ සංචාරය අතරතුර දී එරට පාර්ලිමේන්තුව ඊයේ (3) ඇමතු අවස්ථාවේදීය. 1915 දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති සතු බලතල විශාල ලෙස සීමා කළ ද සම්පූර්ණයෙන් අහෝසි…

2020 ආණ්ඩුව හදන්නේ අපියි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ජනතාවාදී පුළුල් පෙරමුණක් ගොඩනගා 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සමුළුව 03 දා පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වූ අවස්ථාවේ දීය. පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, දිනේෂ් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ඩිව් ගුණසේකර,…

දහනව වන සංශෝධනයේ වගන්තිවලට පොදුජන පෙරමුණ – ශ්‍රී ලං.නි.ප.ය ඒකඟයි – මහාචාර්ය ජී එල් පිරිස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනමවන සංශෝධණයේ ඇති ප්‍රධාන වගන්ති කීපයක් තදින්ම ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකඟ වූ බව මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඇමැති මණ්ඩලය 30 කට සීමා කිරීම ඇතුළු වැදගත් නීති රීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ද කුමන තත්ත්වයක් යටතේවත් ඊට වෙනස්ව කටයුතු නොකරන බව ද ඒ…

නොවැම්බරයේ සිට කතරගමින් කටුනායකට අධිවේගී ගමනක්

මාතර කතරගම අධිවේගී මාර්ගයත්, කඩවත කෙරවලපිටිය මාර්ගයත් මගී ප්‍රවාහනය සඳහා නොවැම්බරයේ සිට විවෘත වන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව කතරගම සිට කටුනායක දක්වාම අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවෙයි. දැනට රට තුළ අධිවේගී මාර්ග කිලෝ මීටර් 200ක් පමණ ඉදිවෙමින් පවතින අතර ඒයින් කිලෝ මීටර් 105ක් පමණ මේ වසර තුළ නිමකළ…

වරාය – කැලණි පාලම අධිවේගී මග ඉදිකිරීම 10දා ඇරඹේ

වරාය – කැලණි පාලම අධිවේගී මග ඉදිකිරීම 10දා ඇරඹේ

කොළඹ වරායේ සිට කැලණි පාලම දක්වා දිවෙන, කණු මත ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම සැප්තැම්බර් 10 දා ඇරඹෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් රංජන් සූරියආරච්චි මහතා ප්‍රකාශ කරයි. කොළඹ වරාය නගරය හා ඉඟුරුකඩේ හන්දිය යා කෙරෙන මෙම මාර්ගය ඉදිවීමෙන් පසුව නගරයේ මාර්ග තදබදය බොහෝසේ අඩුවනු ඇතැයි විශ්වාස කෙරෙයි. කණු මත ඉදිවන ගුවන් මාර්ගයක්…

මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීම ගැන ඇති චෝදනා අසත්‍ය බවට නිවේදනයක්

මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීම ගැන ඇති චෝදනා අසත්‍ය බවට නිවේදනයක්

මහජන බැංකුව පෞද්ගලීකරණයට ලක්කරන බවට ගෙන යන දේශපාලන ප්‍රචාරණ මුළුමනින්ම පදනම් විරහිත බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. මහජන බැංකුවේ බලයලත් ප්‍රාග්ධන සීමාව වැඩි කර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාවක් ඇති කර ගැනීම අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති මහජන බැංකු පනත සංශෝධනකෙටුම්පත හරහාමහජන බැංකුව කිසිදු…

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමු වෙන්න ජනපතිගේ කැමැත්ත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමු වෙන්න ජනපතිගේ කැමැත්ත

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත පල කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා දැනුම් දෙන දිනයකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ දි එම හමුව…

මුස්ලිම් ජනතා විශ්වාසය එජාප නායක රනිල් ගැනයි – ෆවුසිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ජාතික මට්ටමේ මැතිවරණයකදී මුස්ලිම් ජනතාව විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කෙරෙහි පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා කියයි. ඔහු මෙසේද කීය. “සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කෙරෙහි තමයි විශ්වාසයක් තියෙන්නේ…ජාති භේදයෙන් තොරව ආගම් භේදයෙන් තොරව කටයුතු කරන වැදගත්ම නායකයා රනිල් අගමැතිතුමා කියල ඒ විශ්වාසයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ ඉන්නවා..ඉදිරි මැතිවරණයේදිත් එක්සත්…