කුරුණෑගල රැලියේ දී රනිල්ට කිසිදු විවේචනයක් කරන්නේ නැහැ – සජිත් පිලෙන් පොරොන්දුවක්

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉල්ලා කුරුණෑගල පවත්වන රැලියේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු විවේචනයක් නොකරන බවට සජිත් පිලේ ප්‍රබලයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බව වාර්තාවෙයි. සියලු රැස්වීම්, උද්ඝෝෂණ, විවේචන නවත්වන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට හා ඔහුගේ කණ්ඩායමට කළ දැනුම් දීමකට පිළිතුරු ලෙස ඔවුන් මෙම පොරොන්දුව දී ඇත.

කුරුණෑගල රැලියට ඉඩ දෙන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති සජිත් පිළ ඒහි දී කිසිදු විවේචනයක් නොකරන බවට පොරොන්දු වී තිබේ.

සත්‍යග්‍රහ, උපවාස, වැටලීම් ආදිය ගැන කතා කිරීමෙන් ද වළකින ලෙස සජිත් පිලේ ප්‍රබලයින් ඒම කණ්ඩායමට දැනුම් දී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *