නොවැම්බරයේ සිට කතරගමින් කටුනායකට අධිවේගී ගමනක්

මාතර කතරගම අධිවේගී මාර්ගයත්, කඩවත කෙරවලපිටිය මාර්ගයත් මගී ප්‍රවාහනය සඳහා නොවැම්බරයේ සිට විවෘත වන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව කතරගම සිට කටුනායක දක්වාම අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවෙයි.
දැනට රට තුළ අධිවේගී මාර්ග කිලෝ මීටර් 200ක් පමණ ඉදිවෙමින් පවතින අතර ඒයින් කිලෝ මීටර් 105ක් පමණ මේ වසර තුළ නිමකළ හැකිවනු ඇතැයි කියති.
මේ තර මං තීරු හතරකින් යුත් නව පාලමක් කැලණි ගඟ හරහා ඉදිවෙමින් පවතියි. ඒමගින් කටුණායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට වඩාත් පහසුවෙන් නගරයට ඇතුළු වීමට අවස්ථාව සැලසෙයි.
