දහනව වන සංශෝධනයේ වගන්තිවලට පොදුජන පෙරමුණ – ශ්‍රී ලං.නි.ප.ය ඒකඟයි – මහාචාර්ය ජී එල් පිරිස්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනමවන සංශෝධණයේ ඇති ප්‍රධාන වගන්ති කීපයක් තදින්ම ක්‍රියාත්මක කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකඟ වූ බව මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඇමැති මණ්ඩලය 30 කට සීමා කිරීම ඇතුළු වැදගත් නීති රීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ද කුමන තත්ත්වයක් යටතේවත් ඊට වෙනස්ව කටයුතු නොකරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියයි.
මෙම කරුණු සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඒකඟතාවක් ගොඩ නැඟී ඇති බව මහාචාර්ය පීරිස් මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
