වරාය – කැලණි පාලම අධිවේගී මග ඉදිකිරීම 10දා ඇරඹේ

DCIM999GOPRO

කොළඹ වරායේ සිට කැලණි පාලම දක්වා දිවෙන, කණු මත ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙම සැප්තැම්බර් 10 දා ඇරඹෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් රංජන් සූරියආරච්චි මහතා ප්‍රකාශ කරයි.

කොළඹ වරාය නගරය හා ඉඟුරුකඩේ හන්දිය යා කෙරෙන මෙම මාර්ගය ඉදිවීමෙන් පසුව නගරයේ මාර්ග තදබදය බොහෝසේ අඩුවනු ඇතැයි විශ්වාස කෙරෙයි.

කණු මත ඉදිවන ගුවන් මාර්ගයක් වන මෙයට වැයවන ඩොලර් මිලියන 300ක මුදල ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයක් ලෙස ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *